|
මුලින්ම අපට කියන්න, රන්ජන් එක්ක ගහගත්තා කියන කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද?
සුදේෂ් වසන්ත පීරිස් සහ සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනයක් වන රන්ජා චිත‍්‍රපටයෙ රූගත කිරීම්වලට ගියාමයි මේ සිදුවීමට මුහුණ දුන්නෙ.
ගහගත්තාය කියන කතාවේ ඇත්ත මොකක්ද?
මෙහෙමයි, එහි මම රඟපාන චරිතය සටන් ජවනිකා සහිත එකක්. වසන්ත කුමාරවිල අයියා අපට සටන් පුරුදු කළා. මගේ චරිතය හැටියට රන්ජන් අයියා එක්ක ගහගන්න සිද්ධවුණා. අපි හරි හරියට ගහගත්තා. ඕක තමයි ඇත්ත කතාව.
හරි, මොකක්ද මේ බල්ලන්ට කැමතියි අලියෙක් හදන්න ආසයි කියන කතාව?
මම ගෙදර සුරතලයට බල්ලන් ඇති කරනවා. බල්ලන්ට හරිම කරුණාවයි. හැබැයි ඉතින් මගේ ජීවිතේ ප‍්‍රියතම සතා අලියා. අලියෙක් ඇති කරන්න මට වත්කමක් නැහැ. වත්කමක් තිබුණා නම් අලියෙක් ඇති කරනවා. අලියෙක් ඇති කරන්න බැරි නිසයි බල්ලො ඇති කරන්නෙ. සමහර මිනිසුන් ළඟ නැති හොඳ ගුණ බල්ලන් ළඟ තියෙනවා.
ඇයි ඔබ එහෙම කියන්නෙ.
මිනිස්සුන්ට සැලකුවාම සමහර වෙලාවට කිසිම ගුණයක් නැහැ. ඒත් බල්ලො එහෙම නැහැ. මම ගොඩක් අයට උදව් කරලා තියෙනවා. අනුකම්පා කරලා තියෙනවා. ඒත් එයාලා උදව් අරගෙන මුල අමතක කළාම, දෙයියනේ මම මෙයාලට රැවටුණා නේද කියලා හිතෙනවා.
කොහොම වුණත් බල්ලන් වෙනුවෙන් සෑහෙන වියදමකුත් දරනවාලූ නේද?
ඔබ්, එයාලට කතා කරන්න බැහැ, බඩගින්න, වේදනාව ගැන ප‍්‍රකාශ කරන්න බැහැ. අසරණ සත්තු. අනෙක සතෙකු හදන්නන් වාලේ හදලා ඇති වැඩක් නැහැ. හරියට ඒ දේ කරන්න ඕනෑ. මම ඒ සත්තු හදන්නෙ විලාසිතාවට නොවෙයි.
ඒ බල්ලන් ගොඩක් සැරයි ද?
මම සිටින වෙලාවට නැහැ. හැබැයි ඉතිං මම නැති වෙලාවට වග කියන්න බැහැ.
අලියෙක් හදන්න මෙච්චර ආස ඇයි?
ඒකට හේතුව මම දන්නෙ නැහැ. මගේ ජීවිතයේ මුල්තැන හිමිවන්නෙ සත්ව කරුණාවටයි. අලින්ට පුදුම විදියට ආදරෙයි. උඩවලව, පින්නවල, කිරිවෙහෙර පවා යනවා. එහෙම ගිහින් අලින්ට කොමඩු එහෙම අරන් දීලා එන එක මගේ පුරුද්දක්. ගංගාරාමයේ හිටපු ඇතා එක්ක මම ගොඩක් මිත‍්‍ර වුණා. එයාගෙ වියෝව දරාගන්න බැරි දුකක් වුණා. ගංගාරාමයේ දැන් සිටින අලි පැටවා බලන්නත් නිතර නිතර යනවා.
අලි ගැන ගොඩක් විස්තරත් ඔබ දන්නවලූ නේද?
අලින්ට තියෙන ආසාව නිසාම අලි ගැන විස්තර දැන ගන්න ආසයි. අලි ගැන වැඩසටහන් පවා නරඹනවා. අලින්ට උඩ පනින්න බැහැ කිව්වට, උන්ට උඩ පනින්න පුළුවනි. එය මම උඩවලවේ දී දැකලා තියෙනවා. අලියෙකුට දවසකට ටොන් හත්සියයක විතර කෑම දෙන්න ඕනෑ ලූ. ලොකු පරිසරයක් ජීවත් වීමට තියෙන්නත් ඕනෑලූ. ඒ නිසා අලියකු ඇති කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයි. කොහොම වුණත් මට සැබෑ කරගන්න බැරි වුණු එකම සිහිනය එයයි.
සැබෑ කර ගත්ත අනෙක් සිහින මොනවද?
ලස්සන ගෙයක්, ලස්සන වාහනයක් වගේම ඉතා ගුණවත් දෙමාපිය යුවළක් සහ මහා බල සම්පන්න කුළුණු වගේ සහෝදරයින් තුන්දෙනෙක් මාව ආරක්‍ෂා කරනවා. මේ සියල්ල නිසා ජීවිතය සුන්දරයි. ඒවා සැබෑ වූ සිහින ලෙසයි මා දකින්නෙ. මම ප‍්‍රාර්ථනා කළ බොහෝ දේවල් අඩු වයසින්ම මට ලැබුණා. ඒ නිසා අද ජීවිතේ ගෙවන්නෙ හරිම සතුටින්.
අද පියුමිට-පියුමි ගැන හිතෙන්නෙ කොහොමද?
අද ගොඩක් සතුටින් ජීවිතය ගෙවන කෙනෙක්. ඉතා හොඳ හිතක් තියෙන කෙනෙක්. නරකකට තියෙන්නෙ ඉක්මනට ටිකක් කේන්ති යන එකයි.
අලින් ගැන අහන්න ඕනෙ නම් පියුමිගෙන් අහන්න කිව්වොත් හරිද?
හරි ෂෝක්. විශ්වාස කරන්න මගේ ගෙදර තියෙන රූප සහ විසිතුරු භාණ්ඩ බොහොමයක් අලින්ගෙ රූපයි. අලියා හොඳ සත්වයෙක්.
.jpg)
(හැඩගැන්වීම්:- ගයනි බැට්ස්)
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක්ම නැහැ අන්තිමයි.(නදී)
මේගොල්ලෝ නළුවෝ නෙමේ නළු බට්ටෝ. අරයා අලි ගැන ගොඩක් දන්නවා වගෙයි මොන ලෝකේ අලියද දවසට ටොන් 700 ක් කන්නේ? හා හා හා (නදී)
ඇත්තටම පියුමි අක්කගේ කොණ්ඩ මෝස්තරය එයාට ගැලපෙන්නේ නෑ.(ස)
රන්ජන්ගේ පින්තුර වලට මම නම් කිසිම කැමැත්තක් නැහැ. හරිම අතාත්විකයි. නංගිට මම අකමැති නැති හේතුව මටත් තේරෙන්නේ නැහැ. (නි)
කොහොමද දැන් පච්ච ඇගේ ගහගෙන පාර්ලිමේන්තුවට යන්නේ? (නි)
පියුමි, ඔයා හරිම ලස්සනයි. දැක්කම ඇග හිරිවැටෙනවා (නි)
මගෙ දෙයියනේ! (නි)
නියම වැඩසටහනක්
මේ වගේ අය අනන්තවත් මම දැකලා තියෙනවා (නි)
ටොන් 700 ක් කියන්නේ කිලෝ 700000, ටොන් 700 නෙවෙයි හරි ගාන කිලෝ 700.(නදී)
මේ ඔක්කොම එකම මනුස්සයට ගරහනවා... ජීවිතේටවත් ෆිල්ම් එකක් නොබලපු අයද මන්දා? (නි)
හරිම අජූවයි! මෙවගේ හැඩ තියෙන මිනිස්සු මෙක්සිකොවෙ නරකයි කියනන ප්‍රදේශවලවත් දකින්න නැ.(නදී)
බයිල එපා. අපි කැමති නැහැ (නි)
බොරු කියන්න එපා රන්ජන් මහත්තයෝ. ඔයා බොරු කොණ්ඩයක් දාලා හිටියා කියල අපි දන්නවා මේවා තමයි පර්ලිමෙන්ට් ජෝකෙස් කියන්නේ.(නදී)
රන්ජන් රාමනායක මහතා මැදපෙරදිග අසරණ වුනු අපේ අය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරනවා. එයට හදපත්ලෙන්ම තුති. හැබැයි තිරයේ පෙන්වන වීරත්වය සැබෑ ජීවිතේ නොමැති බව රත්නපුරේ වේවල්වත්තේදී ගල් පාරවල් දෙක තුනක් එනකොට දිව්ව හැටි සියසින්ම දැක්කම මට පුදුම හිතුනා. එදා පොලිසියත් දිව්වා. දුනේෂ් ගන්කන්ද මන්ත්‍රී තුමා විතරයි නොදිව්වේ.(නදී)
රට කන අය.(නදී)
රන්ජන් අයියා එක්ක ගහගත්තට කමක් නැහැ. වෙන මොනවත් ගන්න එපා. (ස)
රංජන් තමයි ලංකාවේ සුපර් ස්ටාර්... (නි)
බටහිටර සංස්කෘතිය වෙනුවෙන් කඩේ යන හා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන මෙවැනි බොළද නළුවන්ගෙන් රටට කෙරෙන දෙයක් නැත.(නදී)
පියුමිගේ නියපොතු ලස්සනයි.(නදී)
පියුමි, මට අලි දෙන්නෙක් ඉන්නවා. කැමති නම් එන්න නුවරට. අලි පැටියෙකුත් ඉන්නවා (නි)
සිංහල සිනමාවේ අවසාන වීරයා ඔබයි. හැබැයි රන්ජන් ඔබට සීනමාවේත් දේශපාලනයේත් තවම හරියට නටන්න බැහැ. ඔබ කොතනත් වීරයා.(නදී)
රන්ජන් තම ඉස්පිරිතාලෙලු මෙයාගෙන් ගුටි කාල. (ස)
පියුමි රන්ජන් එක්ක ගහගෙන ඇවිද ගන්නත් බැරුව හිටිය කියන්නේ ඇත්තද?(ස)
ඔය කොන්ඩෙ තියෙන්නේ. (ස)
අනේ අපේ අයගේ අදහස් බැලුවම ලංකාවේ මිනිසුන්ගේ මට්ටම මොනවට පැහැදිලි වෙනවා (නි)
ඔයාගේ කොන්ඩෙ බොම්බයි මොටයි වගේ.(නදී)
මේ වගේ බොළඳ චිත්‍රපට තවමත් ලංකාවේ ගහන එකට මම නම් විරුද්ධයි (නි)
රන්ජන්, ඔයා සමාජ සේවය කරන්න. දේශපාලනය කරලා නාස්තිවෙන්න එපා (නි)
ගැහැණු ගැහැණු ගහ ගන්නවා අපි ඕන තරම් දැකලා තියෙනවා.(නදී)
මෙයා බොරු කියන්නේ රන්ජන් අල්ලලා තට්ටේ ගාලා. (ස)
රන්ජන්ට තියෙන්නේ හරිම අමුතු පෙනුමක් (නි)
අනේ පිටරට ෆිල්ම් වලට කඩේ යන්න එපා. අපේ දේවල් අගය කරන්න. ඒවා වැඩිදියුණු කරන්න හෙල්ප් එක දෙන්න. (නි)
පිස්සු රන්ජන්. පියුමි ඔයා පව් නේද?(නදී)
පියුමි දැක්කත් බඩ පිරෙනවා (නි)
රන්ජන් විග් එකක් දාගෙන නෙමෙයිද හිටියේ? (නි)
රන්ජන්ගේ අවුලක් නැහැ.නමුත් මට කොණ්ඩේ කතාව නම් අවුලක්. (නි)
දිස්නා, ඔයා කියන්නේ පියුමිට ගැලපෙන කොණ්ඩ මොස්තරේ මොකක් කියලද? මම නම් හවරියක් තියලා ගෙඩියක් බැඳලා නෙට් එක දාලා කොණ්ඩ කුරක් ගහනවා ඔසරියට ගැලපෙන්න. පියුමිගේ ඇඳුමට එහෙම හොඳයිද? එයා ඇඳුමට ගැලපෙන්න කොන්ඩේ සකසලා තියෙනවා. (නි)
රන්ජන් සමහර නළුවෝ මෙන් දේශපාලකයන්ට කඩේ යන නළුවෙක් නොවේ. රන්ජන් රාමනායක සමහර දේශපාලකයන්ව කඩේ යවන්න තරම් දක්ෂ දේශපාලඥයෙක්.(නදී)
මොනවද මේ කියන ටොන්? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඉෂාම් කොල්ලත් රන්ජන් කොල්ලත්එක්ක ගහගෙන තියනවද? (නදී)
රන්ජන් රාමනායක මහතා මැදපෙරදිග අසරණ වුනු අපේ අය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරනවා. එයට හදපත්ලෙන්ම තුති. හැබැයි තිරයේ පෙන්වන වීරත්වය සැබෑ ජීවිතේ තිබේද යන්න මට ගැටළුවක් (නි)
රන්ජන් කසාද බැන්ඳා නම් ඉවරයිනේ... (නි)
ඔයාල පියුමිගේ ටැටෝ එක දැක්කද?(නදී)
උස තිබුනට කෝ වැඩ. (ස)
රන්ජන් කියන්නේ කලාකරුවෙක්. එයාලා මැරයෝ නෙමෙයි. අහිංසකයි සදි. ඉතින් නොදුවා මොනවා කරන්නද ?(නදී)
දමාගෙන ඉන්න විග් එක ගලවලද බු ගෑවේ? (නදී)
පියුම් කෙල්ලේ ඒ දවස්වල අනර්කලී කෙල්ලත් ඔය රංජන් කොල්ලත් එක්ක හරි හරියට ගහගත්තා. ඔන්න දැන් ඒකිටත් එපා වෙලා ඔය ඉන්නේ.(නදී)
අම්මපා මේ ලංකාවේ මිනිස්සු කෙනෙකුගේ හොදක් දකින්නෙම නැති හැටි? තමුන්ගේ දහසක් අඩු පාඩු තියාගෙන අනිකට හිනා වෙනවා වැරදි කියනවා. හිත්වල කුණු පිරිලා, හරියට ඉස්සෝ වගේ තමා (නි)
ඇයි මැදපෙරදිග අසරණ වුණ පිරිමින් වනුවෙන් කතාකරන්නේ නැත්තේ ? එයා කතාකරන්නේ ගැහැණු පක්ෂය වෙනුවෙන්මනේ. (නි)