IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මේ යන රැල්ල වෙනස් කරන්න ඕනෙත් අපිමයි

2016-06-30-ent-45

"මතකද හැන්දෑවේ", "සීත මාරුතේ", "සුරංගනා වී මගේ" වැනි ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කළ ඔහු රුවන් හෙට්ටිආරච්චිය. මේ වනවිට ඔහු "mirror" නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කර ඇත. මේ කතාබහ ඔහු සමගය.

 

2016-06-30-ent-44රුවන් ඇයි සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න හිතුවේ?

මම ගායකයෙක් වෙන්න කලින් හෝටල් සංගීත කණ්ඩායම්වලට තමයි දායක වෙලා හිටියෙ. වර්තමානයේ තියෙනවා වගේ ගීත මම ඒ වෙද්දි ගායනා කළෙත් නැහැ. ක්ලැරන්ස් මහතාගේ ගීත තමයි මම ගායනා කළේ. නමුත් ගායකයෙක් වුණාට පස්සෙ ඒ දේවල් වෙනස් වුණා. වෙනම රටාවකට ගීත ගායනා කරලා ගායකයෙක් බවට පත් වුණා.

නමුත් ඝෝෂාකාරී සංගීතයට වඩා එකෝස්ටික් සංගීතයට මම කැමතියි. ගායකයෙක් ලෙස එළිමහන් ප්‍රසංගවලට දායක වුණත්, සංගීතමය පැත්තෙන් තේරීමක් කළොත් බටහිර සංගීතයට කැමතියි. වසර ගණනකට පෙරත් සංගීත කණ්ඩායමක් පටන් ගන්න හිතුවා. මම ගීත තෝරබේර ගෙන ගායනා කරන්නෙ.ගායකයෙක් ලෙස වෘත්තිය කරගෙන යන අතර ඒ තිබුණ කැමැත්ත නිසා තමයි එකෝස්ටික් සංගීත කණ්ඩාය ආරම්භ කළේ.

 

එකෝස්ටික් සංගීත කණ්ඩායම් කිහිපයක්ම මේ වනවිට සංගීත ක්‍ෂේත්‍රය තුළ තිබෙනවා?

ඔව්..නමුත් ලංකාවෙ ජනප්‍රිය එකෝස්ටික් සංගීත කණ්ඩයම්වලත් සමහර අවස්ථාවල ඩ්‍රම් සෙට් එක එකතු කරනවා. එයින් කණ්ඩායම එකෝස්ටික් කියලා කියන්න බැහැ. මට හිතෙනවා මේ වගේ ගීත රටාවකට දිගටම ගියොත් මාවත් ටික දවසකින් මිනිසුන්ට එපාවෙයි. මේක මට සංගීතය පැත්තෙන් තිබෙන ආසාවක්. ඒකයි මෙවැනි සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නෙ.

"වායෝ", "මේරියන්ස්", "ඩොක්ටර්", "ජිප්සීස්" යන සංගීත කණ්ඩායම් මේ ක්‍ෂේත්‍රය තුළ යම් වෙනසක් කරනවා. එහෙත් මීඩියා මේක වැලඳගෙන නැහැ. රේඩියෝ එකක දිනකට ගීත 100 වාදනය කළොත් ඉන් 90ක්ම මේ රැල්ලට යන ගීත.

 

ඒ කියන්නේ ගායකයෙක් ලෙස හිතට එකඟ නැති වැඩක්ද මේ වෙද්දී කරන්නේ?

මම කලාවට ආවෙ කැමැත්ත නිසා. සෑහෙන්න කැපකිරීම් කළා. අද සංගීතය පැත්තෙන් මමත් දුක්වෙනවා. රේඩියෝවල යන ගීත ගැන හිතන්න. මමත් එයට වගකිව යුතුයි. මම මෙය සිදු කළාට ඉදිරියෙදි මගේ ගීත රටා පවා වෙනස් කළ යුතුයි. මම අනිත් අයට ඇඟිල්ල දික්කරන්න පෙර,මමම වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඉදිරියෙදි නිර්මාණ වන ගීත හා වැඩකටයුතු ගැන සඳහන් කළොත්?

"මතකද හැන්දෑවේ", "සීත මාරුතේ", "නොදැක ඉන්න බෑ", "සුරංගනා වී මගේ" වගේ ගීතවලට මම ආසයි. ඉහළ සංගීත තාක්ෂණය යොදාගෙන ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සමහර ආයතන එක්ක බැඳී තිබෙනවා. ඒකයි සමහර දේ මෙහෙම සිදුවෙන්නෙ. මම හිතනවා ඉදිරියෙදි මම කැමති දේවල් කරන්න පුළුවන් වෙයි කියලා. අලුත් ගීතයක් කළා. අවසානයෙදි නිර්මාණය කලේ "වෙන්වී ගීයත් පෙරදා" කියන ගීතය. ඊළඟ ගීතය වෙනස්ම ගීතයක්.එය "නොදැක ඉන්න බෑ" ගීතය කළ රාජ් තමයි සිදු කරන්නෙ. පද රචනය සජිත්ගෙන් එය අගෝස්තු මාසය වනවිට එළිදැක්වීමට නියමිතයි. ඉදිරියෙදි වෙනස්ම ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සංගීතය, පද රචකයා, තනු නිර්මාණය අතින් ඉහළ ගීත ගායනා කරනවා. මේ යන රැල්ල වෙනස් කරන්න ඕනෙත් අපිමයි. කවුරුත් වෙනස් කරන්නෙ නැහැ.

 

නිදුක් මදුෂික

 



අදහස් (0)

මේ යන රැල්ල වෙනස් කරන්න ඕනෙත් අපිමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 491 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 302 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site