
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සෘජු ආධාර වැඩසටහන් ප්‍රධානයන් හරහා ඉමේස් පදනම විසින් "බි" වේද ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර යටතේ බණ්ඩාරගම කොළමැදිරිය යකන් දූව වත්ත කාන්තාවන් 50 දෙනෙකු සඳහා අවශ්‍ය උපකරණ සහ පුහුණුව ලබා දී මී මැසි පාලනය සඳහා යොමුකෙරිණි
එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය අද (8) කොළ මැදිරිය යකන් දූව වත්ත ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව ආරක්ෂිත ඇඳුමකින් සැරසී මී මැසි කලයකින් සජීවීව මී මැසි පෙට්ටියකට පෙට්ටිගත කිරීම නිරීක්ෂණය කළ අතර අග්‍රාණ්ඩුකාරවරිය එහිදී මී වදයක රස බැලීමටද අමතක නොකළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනේ..පෙට්ටි දුන්නට නම් කමක් නැහැ.. හැබැයි ඔස්ට්‍රේලියාවේ මීමැස්සෝ නම් ගේන්න එපා.. ඔවුන් අපේ මැස්සෝ කනවා.. අපේ බිබිලේ පැනි දොඩම් වලට කරපු දේ මී මැස්සන්ටත් කරන්න එපා...
මී මැස්සන්ම නැති කරන එක හොඳ නෑ. ඒකෙ ප්‍රතිඵල අනාගතේදී තමයි බලන්න වෙන්නේ...