වර්තමානයේ ලංකාවේ මාධ්‍ය නිදහස නැති බවටත්, මාධ්‍ය අපක්ෂපාතී නැති බවටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන කතාවලට සිනා සෙන්නේ කොහෙන්දැයි සිතා ගන්නට බැරි බව මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා කියයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා ‘වෙන දේ බලා ගනිව්‘ කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා පවසයි.
2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය. මාධ්‍ය සංවිධාන කිහපයක තනතුරු හෙබවූ ඔහු මාධ්‍ය මර්දනයට එරෙහිව හඬ නැඟූ පුද්ගලයෙකි.
ජනවාරි අට වැනි දා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට පරාජය වීමත් සමඟ ලංකාවට පැමිණ සති කිහිපයක් සිටි පෝද්දල ජයන්ත සඳුදා (27) රාත්‍රී නැවත රටින් පිටව ගියේය.
ඔහු පිටව යෑමට පෙර ලංකාදීප එසැණ වෙබ් අඩවිය සමග දුරකතනයෙන් සාකච්ඡාවකට එක්විය.
ප්‍රශ්නය - ඔබ පැහැරගෙන ගොස් පහර දීම ගැන විස්තර කළොත්?
පිළිතුර - එය දිග කතාවක්. දවසක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු හමුවෙන්න අපට එන්න කියා පණිවුඩ එවා තිබුණා. සනත් බාලසූරියත් මමත් ඔහු හමුවෙන්න ගියා. ගෝඨාභය කිව්වා ඇයි අපි විරෝධතා පවත්වන්නේ. ඕවා නවත්වන්න කිව්වා. එහෙම නැතිවුණොත් ඔයාලට කරන දේ බලා ගන්න කිව්වා. අපි ඇහුවා අපට මොනවද කරන්නේ? කවුරුන්ලවා ද කරවන්නේ කියලා. ගෝඨාභය කිව්වා ඒක ජනතාවට බලා ගන්න ලැබෙයි කියලා.
ඊට ටික දවසකට පස්සේ ඇඹුල්දෙනියෙදි සුදු වෑන් රියකින් මා පැහැර ගත්තා. කොණ්ඩේ රැවුල් කපා දමා කට වැහුවා. මගේ අත පය කැඩුවා. කකුල එක් තැනකින් වෙන් වෙන්නම ගැහුවා. ඉතා අමානුෂික විදියට වද දුන්නේ. ඇත්තටම එහෙම වද දීලා මාව දාලා ගියාට වඩා හොඳයි මැරුවා නම්. ඒවගේ වදයක් විඳපු කෙනෙක් තමයි එහි අමාරුව දන්නේ. ඒක විස්තර කරන්න බෑ. මරලා දැම්මා නම් ඒ වේදනාව නෑ. ඒ පහරකෑම්වල වේදනාව තවමත් දැනෙනවා. ඉන් පසු මා රට හැර ගියා.
ප්‍රශ්නය - ඔබ ලංකාවෙන් පිටවෙලා කොපමණ කාලයකට පස්සේද මෑතක දී ලංකාවට ආවේ?
පිළිතුර - අවුරුදු පහ හමාරකට පස්සේ ආවේ.
ප්‍රශ්නය - ඔබ පැහැරගෙන ගිහින් පහර දුන්නේ කවුරුන් කියලද හිතන්නේ?
පිළිතුර - රාජපක්ෂ රෙජීම් එක තමයි මේකට වග කියන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ අපට එන්න කියලා තර්ජනය කළා. පැහැදිලිවට රජය දැනුම්වත්වයි මේ දේ වෙන්න ඕනෑ. ගෝඨාභය කිව්වනේ වෙන දේ බලා ගනිව් කියලා. මා පැහැර ගත් තැන සිට මා දමා ගිය තැනට යන්නට ඕනෑ අධි ආරක්ෂිත කලාපයක් හරහා. අනිවාර්යයෙන්ම වාහනයක සවස්වරුවෙන් පස්සේ යද්දි වාහනේ ඉන්න අය බස්සවලා පීක්ෂා කරනවා එතැනින් යද්දි. ඉතින් රාජ්‍ය තාන්ත්‍රය නොදැනුවත්ව, ආරක්ෂක අංශ නොදැනුවත්ව මා පැහැරගෙන ගියේ කොහොමද?
ප්‍රශ්නය - ඔබට එහෙම කරන්න හේතුව මොකක්ද?
පිළිතුර - අපි වරදක් කරලා නෑ. අපි වරදක් කළා නම් රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව කටයුතු කරන්න පුළුවන්. රටේ වෙන වැරදි වලට එරෙහිව අපි හඬ නැගුවා. අපි කැලෑ නීතියට එකඟ වුණේ නෑ. අපේ වරදක් නැති නිසා නීතියෙන් මොනවත් කරන්න බැරිවුණා. ඒ නිසා කැලෑ නීතිය අනුව අපට දඬුවම් දුන්නා. මට විතරක් නොවෙයි. තව බොහෝ දෙනකුට පසුගිය වසර නවයේ මේ වගේ දේවල් වුණා. තවම කිසිම පරීක්ෂණයක් නෑ.
මගේ පැමිණිල්ලවත් හරියට ලියා ගත්තේ නෑ. මගේ සිද්ධිය උසාවියට කරුණු වාර්තා කරලා තිබුණේ මටවත් කියන්නේ නැතුව. ඒ නිසා නීතීඥවරයකුවත් ඉදිරිපත් කර ගන්න බැරි වුණා. පොලිසියෙන් සාක්කි නැහැයි කියපු නිසා නඩුව බහා තබා තිබෙනවා. ලසන්ත ඝාතනය ගැන නම් ආණ්ඩු මාරුවීමත් සමග පරීක්ෂණ ඇරැඹුණා.
මං කියන්නේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ සියලුම සිදුවීම් ගැන පරීක්ෂණ ඕනෑ. මොකද එහෙම නැතිනම් එය වැරදි පූර්වාදර්ශයක් වෙනවා. තවත් ආණ්ඩුවකිනුත් මේවගේ දේවල් වෙන්න පුළුවන්. මොකද ඔවුනුත් දන්නවා මොනවා කළත් පරීක්ෂණයක් නැති බව.
ප්‍රශ්නය - හිටපු ජනපති කියනවා දැන් මාධ්‍ය නිදහසක් නැතිලු. රජයේ මාධ්‍ය සහ සමහර මාධ්‍ය පක්ෂපාතීලු. රටේ ජනතාවට තිබුණු නිදහස නැති වෙලාලු?
පිළිතුර - මේ රටේ ඉන්නේ මේ මාස හය ඇතුළත පහළ වුණු අයටනම්, ජනවාරියට පෙර නොසිටි අයනම් හිටපු ජනපතිගේ කතාව විශ්වාස කරාවි. මේ කියන කතා වලට අපි කොහෙන්ද හිනා වෙන්නේ කියා හිතා ගන්න බැහැ. අවුරුදු නවයක් තිස්සේ මේ සමාජය ගල් ගැසුනු කොන්ක්‍රීඩ් වුණු සමාජයක් බවට පත් වුණා. අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්නට බැරි සමාජයක් බවට පත් කළා. මොන මර්දනය තිබුණත් කිහිප දෙනකු පමණක් කතා කළා. නමුත් අති බහුතරයක් කොන්ක්‍රීඩ් තත්ත්වයට පත් වුණා.
ජනවාරි අට වැනිදායින් පසු යම් තරමකට ඒ කොන්ත්‍රීඩ් කණු සහ ගල් කණු කඩා දම තත්ත්වයකට පත් වුණත් තවමත් බහුතරයක් ඉන්නේ ඒ ගල් ගැසුණු, කොන්ක්‍රීට් වුණු තත්ත්වයෙන්. ඒ නිසා තවම කට අරින්නේ නෑ. ඒ නිසා තමයි හිටපු ජනපතිට ඔවැනි දේවල් කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේවගේ කතා වලට කොහෙන්ද අපි හිනා වෙන්න ඕනෑ?
ප්‍රශ්නය - ලංකාවේ වත්මන් සමාජය ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර - මේ ගෙවුණු අවුරුදු නවයක කාලසීමාවේ මේ රට ගෝත්‍රික සමාජයක් කරා ඇදගෙන ගියා. සුළු ජාතීන්ට ජීවත්වෙන්න බැහැයි කියා සිතන තත්ත්වයකට තල්ලු වුණා. අන්තවාදී පිරිස් බිහි වුණා. ඒවාට රාජ්‍ය අනුග්‍රහය සහ ආරක්ෂාව ලැබුණා. අන්තිමට ඔවුන්ටවත් එය පාලනය කර ගන්න බැරි වුණා. මේ රට ගෝත්‍රික සමාජයක් කියා ලෝකය සිතන එක මකා ගන්න තවම බැරි වුණා.
පුංචි සංවර්ධනයක් වෙලා තියෙනවා. ඒවා අස්සෙනුත් කොමිස් කතා කියනවා. මම නම් කියන්නේ මේ ඉදි කිරීම් ආදිය නඩත්තු කරන්න ඕනෑ. නැතිනම් නැවත මේවා විනාශ වුණාට පස්සේ අායෙත් සංවර්ධනයට ලොකු මුදලක් යනවා.
මානව සංවර්ධනය අතින් නම් සමාජය පහළටම ගිහින් තිබෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සියලුදෙනාම හරි වෙන්න පුලවන් .නමුත් රටක යුද්දධයක් තියෙන වෙලාවක යුද්ද රහස් රැක ගැනීම කාගේත් යුතුකමකී (ම)
අනේ තවත් ලජ්ජා නැතුව මහින්ද ජන්දේ ඉල්ලනවනේ! කතාකරල වැඩක් නැහැ.
මට නම් මේකෙන් පෙනෙන්නේ ගෝඨාභවය මහත්තයාගේ තියෙන නිර්භීත බවයි. (ම)
රට බේරගත්ත කියලා හැමදාම දෙන්න බෑ නේ පාලනය (ම)
මහින්දට සහ ගෝටාට කඩේ යන පිවිතුරු යහපාල වැනි කට්ටිය අද මෙතන නැත්තේ ඇයි? පරණ රෙජීමයේ කැන්ගරු උසාවි වලින් පොද්දල ජයන්තට මෙවැනි දඬුවමක් දුන්නේ රටේ මුදල් වංචාකිරීම නිසා හෝ වෙනත් අපරාධ කල නිසා නෙවෙයි. ඒවාට එරෙහිව පෑන මෙහෙයවීම නිසයි. මේ අපරාධ ගැන පරීක්ෂණ කර රෙජීමය වෙනුවෙන් නිරායුධ මිනිසුන්ට හෙන ගහන අපරාධ කල අයට දඬුවම් පමුණුවා අපරාධ වින්දිතයන්ටද ප්‍රමාණවත් වන්දියක් ලබා දීමට නව යහපාලන රජය ක්‍රියා කල යුතුයි. (නදී)
මම හිතනවා මේ පුද්ගලයා ඔය කියන දේ කරගත්තානම් අපේ රටට වඩා යහපතක් වේවි (බ)
මේවා දකිද්දී ඇඟ කිලි පොලා යනවා. අපි මහින්දට ඡන්දෙ දෙනවා. (නදී)
වෙන රටවල නම් මේ වගේ රට පාවා දෙන පුද්ගලයින්ට ලැබෙන්නේ මරණයයි. තරුණ කැල වෙනුවෙන් කතා කරපු උදවියට උනු දේවල් මතක් කර බලන්න. උදා. යස පාලිත, සාගරිකා ගෝමස්, රිචර්ඩ් සොයිසා, ප්‍රේම කීර්ති ද අල්විස්, විජේදාස ලියනාරච්චි වගේ වැදගත් මිනිස්සු. (නදී)
ජගත්ගේ අදහස් හරිටම හරි (නදී)
ඒ උනාට නෝනා හාමි දරුවොත් සමග උසාවියට ගිහින් කීවෙනම් රාජපක්ෂ රෙජීමය මෙයාව මරල හංගලා කියලයි.. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමටත් නෝනාහාමි පැමිණිලි කරා ..ඒ ත් මෙයා ප්‍රංශයට පැනල ගිහින් හැංගිලා කොටිත් සමග ඩයස් පෝරාවට හේත්තුවෙලා ඉන්න හැටි සමහර කැමරා කරුවන් මගින් අපිත් දැක්ක..සමහරු මෙයාව ප්‍රංශයේදී දැකලත් තිබුනා ..ඒක වහගන්න නෝනා හාමි විගහට උසාවි දිවුවා ..? ජාත්‍යන්තර මට්ටමින් රට පාවල දෙන මෙවැනි අයටනම් හිටුවා පස්දමන්න ඕනේ..?තම උපන් රටේ ප්‍රශ්නයන් රටතුලදී බේරා ගන්න ඕනේ ඒ වෙනුවෙන් දිවි පිදුවත් තමන්ගේ නාමය අමරණීයයි...? අපි මාධ්‍යවේදියනට හදවතින්ම ගරු කරනවා ..ඒ මිනිසුන් තමයි රට වෙනුවෙන් හඩක් නගන්නේ කොතනදීත් දිවි පරදුවට තියල ..එ්ත් මිනිසුන්ගේ වටිනාකම කිසිවෙකු අගයන්නේ නැහැ...? (බ)
අැත්ත කියුවහම පහුඝිය මිනීමරු ආණ්ඩුව අපේ මාධ්‍යවේදීන්ගෙන් පලිගත්තේ මරලා. අපි වෙනුවෙන් තමයි එයාල ඒ ජීවිත පුජා කළේ. ගුටි කෑවේ. අපි මොවුන්ට ගරු කළ යුතුයි. අද අපේ රටේ බයක් නැතුව කටක් ඇරල විවේචනය කරන්න පුළුවන් රටක් හැදුවේ මෙයාල තමයි (බ)
කඳානේ මහානාම, ප්‍රේමකීර්ති මහතාව මැරෙව්වේ, ප්‍රසිද්ද හඩු සන් කියල තමයි ප්‍රසිද්ධ වුනේ. (බ)
අපි තාමත් ඉන්නේ වනචාරීකමට තවදුරටත් අත වනන, කෙනෙක් පාගා තව කෙනෙක් නැගී හිටින කැලා සතුන් වගේ මිනිස්සු වෙනුවෙන් මුට්ටිය අල්ලන පිරිසක් එක්කද ? ඒ කාලේ මහින්ද මහත්තයට ජිනීවා යන්න අයිතියක් තිබ්බනම්, සාධාරණයක් බලාපොරොත්තුවෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම රටකට හෝ ගිහින් ආයාචනය කිරීමට ඕනෑම අයිතියක් තියෙනවා. එ්ක, ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියන එක මේකේ විවේචන දාපු සමහරක්' අය ඉදිරි සාධාරණය හා සහජීවන ලංකාවට මහත් බාධකයක්. (නදී)
ජයන්ත, අපට පවතින රජය කට විරුධව වැඩ කරන්න, විවේචනය කරන්න, ලිපි ලියන්න පුළුවනි එක්තරා ප්‍රමාණය කට. නමුත් පවතින රජයක් දෙදරා යන්න තරම් අපි කරන ඒ ක්‍රියාවල් මුල් වෙනවා නම් ඔන්න මර්ධනය පටන් ගන්නවා. දේශපාලනයේ හෝ වේවා , නීති වෘතියේ හෝ වේවා කෙනෙක් පවතින රජය නිර්ධය ලෙස අපහසු තාවයකට පත්වේ නම් ඔන්න අර මර්ධනය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. 1971,89 යේ කැරලි වලට සහබාගිවූ අය කොටි ව්‍යාපාරයට කෙලින්ම හෝ වක්‍රව සම්බන්ධ වූ සියලු දෙනාටම මේම ඉරණම අත් වුනා. ඇතැම් විට මරණයෙන්,මරණිය තුවාලවලින්, ජිවිතාන්තය තෙක් දුක් විඳින තුවාල වලින් කෙලවර වුවා. පිටරට ගිය අය සරණාගත වෙලා ඉන්න කොට එහෙ එන්. ජි. ඕ කාරයන් හැම කෙනෙක්ම ආදරයෙන් සලකලා, පවුලට හැකිතරම් දේවල් දීලා ඔන්න එයාලගේ මල්ල තර කර ගන්නවා. ඇතැම් විට රාජ්‍ය මට්ටමේ පවා මෙය ඔවුන්ගේ පාලන බලය තහවුරු කර ගන්න උපයෝගී කර ගන්නවා. කවුරු ආවත් ඔය ක්‍රියාවලිය තාවකාලිකව මිසක් සදාකාලිකව නම් අවසානයක් උදාවෙන්නේ නැහැ. බටහිර තත්වය මිට වෙනස්. මේවා කාලාන්තරයක් යනවා වෙනස් වෙන්න. ජයන්ත දැන් වත් අලුත් ජිවිතයක් අඩු තරමින් සාමය, සමාදානය පරිසරයක් ඇති රටක යහපත් ජිවිතයක් ගතකරන්න මේ අච්චාරු වට තවත් ගොදුරු වෙන්නේ නැතිව. ඔබට ජය හා සෙත. (නදී)
මහානාම මහින්දට දෙන කෙනෙක් වගෙයි (නදී)
නාමල් කැලණියේ ඕනර් ගෙන් අසා ඔබගේ ඔලුව අප්ඩේට් කරගන්න රට වෙනුවෙන් කතා කරන්න . ආචර්ය තුමා දැන් එජාපෙ ඩයස්පෝරා හවුලේ නිසා එතුමා ඔබගේ මොලේ පාදයි .(නදී)
වාසුදේව එක්ක මහින්ද ජිනීවා ගිහිල්ල බෝඩ් එකක් ඔසවගෙන හිටියේ මොකටද දන්නේ නෑ නේද ? කාට හරි මතකද ?(නදී)
කව්රු කලත් වැරදි නම් වැරදියි, හරි නම් හරි. මිනිස් නිදහස අකුරටම රැකගත යුතුයි. චන්දෙ දීම ඔබලාට බාරයි. යහපත් රටක් අපේ දරුවන් වෙනුවෙන් හදමු. (නදී)
කඳානේ මහානාමලා දන්නේ නැද්ද ඒ කාලේ මහින්ද රාජපක්ෂලා වික්‍රමබාහුලත් ජිනීවා ගිය බව. මහින්ද ජිනීවා යද්දි හොදයි. මහින්දලා රට පාලනය කරද්දි වෙන කෙනෙක් යනවා නම් නරකයි. එහෙම වෙන්නේ කොහොමද? (නදී)
රටට ගොඩාක් ආදරෙයි නම් අායේ ලංකාවෙන් යන්නේ මොකද? (නදී)
කිසිම හේතුවක් නිසාවත් විකල්ප මත දරන මිනිසුන්ව මර්දනය කිරීම හෙලා දැකිය යුතුමයි. එහෙත් ගෝටාබය සමග මේ උනා කියන මේ සාකච්ඡාවේ දී සිදු වූන සියලු විස්තරය ගැන පොද්දල ජයන්ත මහත්තයා මීට ඉහත පුවත්පතකට කියලා තිබුණා. මට තේරෙන්නේ නැහැ ඇයි ඒ සියලු දේ දැන් කියන්නේ නැත්තේ කියලා. යුද්දේ ඉතාම දරුණු අවදියක තිබුන කාලේ (මිනිස්සුන්ට දැන් මතක නම් ) , ඊට විරුද්දව ඉහලින්ම හඩ නගපු කෙනෙක් තමයි ජයන්ත, ඒ සමගම ඔහු රැකියාව කලේ රජයේ ලේක් හවුස් ආයතනේ. ජයන්ත කියපු විදියට ගොටාබය ඔවුන්ට අනතුරු හැඟෙව්වා, හමුදාව සහ හමුදාපති විවේචනය කිරීමෙන් වලකින ලෙස. එහෙම නොවුනොත් ඔහුට ඔවුන් ගැන වගකිව නොහැකි බව. දැන් සාකච්ඡාවේදී ඒ ගැන නොකිව්වේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. සමහරවිට ඒ හමුදාපති යහ පාලනයත් එක්ක ඉන්න නිසාද දන්නේ නැහැ (නදී)
පෙරේරා මහතා හරි. ඇත්ත වශයෙන්ම මේවා දකින කොට ලියන්ට දේවල්නම් ගොඩක් හිතට එනවා. සමහරු නම් පූර්නකලිනව මේවට අදහස් දක්වනවා. නමුත් අපි මේ ලද විවේකයකින් පුවත්පතකින් රට තොට පිළිබඳ යම්කිසි අදහසක්ගන්ට හදන්නේ. එතකොට සමහර අයගේ අදහස් කියනකොට යමක් නොකිය කොහොමද කියලත් හිතෙනවා. යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල පිරිසක් වරදක් කළාම ඊට කැලෑ නීතියන් දඬුවම් දීම හරිය කියන තරමට අද සමාජය පිරිහිලා. පොද්දල ජයන්ත වරදක් කළා නම් ඔහුට දඬුවම් කිරීමට මීට වඩා නීත්‍යනුකුල ක්‍රමයක් තිබුණේම නැද්ද? මට නම් හිතෙන්නේ රටේ නීති හදන තැනට හරි පිරිසක් යැව්වොත් යම්කිසි සාධාරණයක් වේයි සිතිය හැක. ඒ සඳහා පෙළ ගැසීමට සමාජය උනන්දු කිරීම තමයි අප කල යුතු වන්නේ. (අ)
කතාව කවදාවත් වැරදි කළේ නෑ වගේ... අපිට මුල මතකයි. අපි ඡන්දෙ දෙන්නේ මහින්දට විතරයි. රට බේරාගත් නායකයා. (අ)
දිලීප් යුද්දෙ යුද්දෙ කියලා සුදු වෑන් යවලා කල දේවල් සාධාරනීකරනය කරන්න හදන්න එපා. දැන් ඇමරිකාව ඉරාකෙ යුද්ධ කරන කාලේ ඔනෑ තරම් ඇමරිකානු මාධ්‍යවේදියො ඒක විවේචනය කලා. නමුත් මේ විදිහට ගුටිකාපු එක්කෙනෙක් ඉන්නවද? (නදී)
ජගත් මහත්තයෝ, එන්න ඇවිත් කොළොන්නාවේ තත්වය බලන්න ඔයා ඔය කියන දේවල් ඒ විදියටම වෙළද කියලා (නදී)
මහින්ද ඉන්න කම් මාධ්‍ය නිදහස වෙනුවෙන් උද්ඝෝෂණ පෙළපාලි විරෝධතා දැක්වූ අය ජෝන් කෙරී ලංකාවට ආ වෙලාවේ ජුලියන් අැසන්ග්ජේ නිදහස් කරනු කියා එක බෝඩ් එකක් ඔසවන්නට නොසිටීම අපේ ගැතිකම් වල ස්වරුපය මනාව පැහැදිලි කරයි. (නදී)
ජයන්ත ඔයා ලේක්හවුස් ආයතනයේ ඉඳගෙන යුධ සමයක රාජ්‍ය විවේචනය කළා නම් ඔය සිදුවී ඇති දේ මේ තරමින් ගියා කියා සැනහෙනවා මිසක් ගෝටාබයට දොස් කියලා වැඩක් නැහැ. ඔහු කල් තියා ඔයාට අනතුරු දායක තත්වය කියලා දීලා තියනවා. හැබැයි ඕන රටක ඕවා පොදුයි. බණ්ඩාර ගේ කීම මා අනුමත කරනවා. අඩු තරමින් රිචඩ් ද සොයිසාට, ලසන්තට , විජේදාස වගේ අයට වූ ඉරණම අත්නොවු එක ඔබට අපි කවුරුත් සතුටට පත්විය යුතු කරුණක්. මේවා කටත් හොඳ පාඩම්. අපේ සිමා අපි දැනගෙන නිදහස බුක්ති විඳිය යුතුයි (නදී)
මේකේ සමහර අදහස්වලින් පෙනෙන්නේ අපි තාම ගෝත්‍රික යුගයක ජීවත් වෙන මිනිස්සු කියලා. එ්කට මුල අපේ අාගමේ ඕනවට වැඩිය ඉවසීම කිසි දෙයක් දන්නේ නැහැ වගේ ඉදීම (නදී)
මහානාම කදානට ලෙඩක්ද? මෙයා ජිනීවා වල කථාකලේ රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව. පක්ෂෙකට වහල්කම් කරන්න ගිහින් ඔලුවත් අවුල්කරගෙන වගේ. (නදී)
පිවිතුරු යහපාල, තව මොනවද ඔයාට ගෝඨාභය මහත්තයගෙ පේන්නේ. (නදී)
දියස්ගේ ඇඟ කිලිපොලා ගියත් දෙන්නේ මහින්දටලු. මෙහෙමත් යක්කු. කවදාවත් හදන්ඩ බෑ. (නදී)
18 වෙනිදට පස්සේ ආපසු ලංකාවට බයක් හැකක් නැතුව එන්න පුළුවන්නේ. මීට පස්සෙවත් මේවගේ සිදුවීම් නොවෙන්න වග බලාගන්න එක ජනාධිපතිට බාරයි. (නදී)
මේ දේවල් කවුරු කළත් නිසි දඩුවම් ලැබිය යුතුයි.(හේ)
ජුලම්පිටිය හොඳ අදහසක් ලියලා තියෙනවා.(නදී)
මොනවා වුනත් මේ වෙලාවේ රටට අවංකව සේවයක් කළ හැකි, හොර බොරු නැති, වංචා නැති, ජනතා මුදල් කොල්ලකා නැති, පවුල් පසුබිමකින් ජනතාව මුල කොට නැති පුද්ගලයෙක් රටට අවශ්‍ය බව කුඩා දරුවකුටත් තේරෙනවා.(හේ)
18 වෙනිදගෙන් පස්සෙ ඉතුරු ටිකත් දෙයි(නදී)
විකල්ප මත දැරිය හැකි රටක්. නමුත්, මෙයා තමා ජිනිව පසුගිය සැසිවාරයක ලංකාවට විරුද්දව කතා කළේ රූපවාහිනියේ කියන්ඩ ඇතිනේ. 88, 89 කාලේ නම් මේ වගේ අය ගියේ ටයර් වල. මතකද රිචඩ් සොයිසා හා සාගරිකා ගෝමස්ට වෙච්ච දේ ? මෙයාගේ වගේ උදවිය වෙන රටවල නම් කෙලින්ම එල්ලා මරනවා. රට පාවා දීමේ වරදට (නදී)
මෙයා පත්තරේට සම්මුඛ සාකච්ඡාවක් දීල රටින් පනින්නේ ඇයි? ජිනීවා වලදී රටට එරෙහිව ගතු කිව්වේ රටට ආදරේට වෙන්න ඇති. රටේ ඉඳගෙන රටට එරෙහිව කොන්ත්‍රාත් කරපු මිනිස්සු දන්නවා. (නදී)
මෙහෙම කරන්නේ මොකටද (බ)
දීන්, ඔයා අහපු ප්‍රශ්නය වැදගත් මොකද 1971, 1989 කාලේ අපේ පාර්ලිමේන්තුවේ අවංක වම මෙරට දකුණේ තරුණයන් වෙනුවෙන් හඩක් නැගුවේ වාසු ඒ වගේම මහින්ද , ජයරාජ් මේවට මුල් උනා ඒ අයට පෙර ප්‍රින්ස් ගුණසේකර .1971 විශාල වශයෙන් තරුණ ජිවිත නැති වුනේ දකුණේ. මේ අය ගැන පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් මහා අරගල රාශියක් කළා ඔවුන්. පුරවැසි කමිටු ගැන මහා අරගලයක් ඔවුන් ගෙන ගියා අවංකව. නීතිඥයෙක් විදියට ශාන්ත සේනාධිරත් මේ වට විශාල වශයෙන් උදව් දුන්නා මට මතකයි. විජේවීරගේ මරණය,විජේදාස ලියනාරච්චිගේ මරණය ඇතුළු ලංකා පුරා. අබේපාල, නීති වෘතියේ 14 ක ගේ ජිවිත මෙකල නැතිව ගියා. ඔවුන් පිලිබඳ ජිනීවාවලට මහින්ද ගියේ එදා ඔවුන්ට සිදුවූ අවසාන වන්ත ඉරණම ලොවට කියා දෙන්න. ඉහත කී අයත් ඒ වැඩ වලට ලන්ඩනයෙන් සහබාගි උනා. මොන විවේචන ආවත් ඔහු එකල විශාල මෙහෙයක් කළා. ප්‍රින්ස් ලියු "ලොස්ට් ජෙනරේෂන්"මේ ගැන සවිස්තරව ලියා තියනවා. දිනේෂ් (නදී)
බටලන්දේ පැවති රැස්වීම් වලින් සාකච්ඡා කරනු ලැබූ කරුණු නීති විරෝධි ඒවා බව යමෙකුට එළබිය හැකි එකම නිගමනය වනු ඇතැයි කියා සිටි කොමිසම අවසර නොලත් රැස්වීම්වලදී කඩාකප්පල්කාරි මර්දන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියා කලාපයට රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයිද එබදු නියමයන් කිරීමට නෛතික බලයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔහු තම බලය අයථා ලෙස පාවිචිචි කර ඇතැයිද කියා සිටියේය. ඉහත සදහන් බලය නොලත් රැස්වීම් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැදවීමේ ස්ථාන සහ වධකාගාර පැවැත්වීම සමඟ බේරිය නොහැකි ලෙස වෙළී පැටලී තිබෙන බව කොමිසම ප්‍රකාශ කර තිබේ. (බ)
අපි ජන්දේට පස්සේ බලමු මොනවා ද මිනිස්සු මේ ගැන හිතන්නේ කියලා.(ම)
තරිඳු ජිනිවා ගියාට කමක් නැහැ රටේ අභ්‍යන්තර ප්‍රශ්ණ විසඳා ගන්න බැරි නම්. මෙයාලා පාවා දෙන්නේ හා දුන්නේ රටේ ආරක්ෂා යි. එ්කයි වෙනස. තේරුම් ගන්න කරුණාකර . ඕනෙම රටක ජාතික ආරක්ෂාව ගැන ලියන්න කියන්න බැහැ. දන්නා වනේ එඩ්වර්ඩ් ස්නාවේගන් ට වෙච්ච දේ ඇමෙරිකාවට විරුද්දව ලියන්න ගිහින් (නදී)
දැන් ලංකාවේ මාධ්‍ය නිදහස තිබේ.(හේ)
දැන් ආයේ රටෙන් යන්න උවමනා නෑ. දැන් රටේ ඒ කාළේ තිබ්බා වූ වාතාවරණය නෑ.දැන් හොදින් ජීවත් විය හැක.(හේ)
කිසිම හේතුවක් නිසාවත් විකල්ප මත දරන මිනිසුන්ව මර්දනය කිරීම හෙලා දැකිය යුතුමයි .(හේ)
ලංකා ඊ නිව්ස් යන්කම් හරි බලන කෙනෙකුට තේරෙයි මේ රටේ මාධ්‍ය නිදහස මොන තරම් තියෙනවද කියා (නදී)
මොනවා උනත් අපි රට බේරාගත් මහින්දට (නදී)
මෙම පහරදීම බියවැද්දීම නිර්භීතකමක් ලෙස දකින අයටයි මේ ලිපිය පල කරන්නේ. මෙම පහරදීම හෙලා දැකිය යුතු පිළිකුල් කල යුතු ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ. මොකද පොද්දල ජයන්ත කියන්නේ එකල රජයේ මාධ්‍යවේදියෙක්, එකල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා ‘වෙන දේ බලා ගනිව්‘ කියල තර්ජනය කලා කියන කතාව ඉතාමත් බරපතල චෝදනාවක්. මේ චෝදනාවට කිසිම නඩු විභාගයකුත් නැහැ. සමහර අය කියනවා රට පාවාදුන්නා කියල, එහෙත් රට පාවාදුන්නා කියල පහරදීම් බියවැද්දීම නොකළ යුතු දෙයක්, රට පවා දුන්නනම් රටේ ආරක්ෂක රහස් රටින් පිට කලානම් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කර හිරේ දාන්න තිබුණා. පැහැදිලිවම එහෙම දෙයක් කලේ නැහැ මාධ්‍ය තදින්ම මර්ධනය කලා. උදාහරණ : ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස ටී.වී ආයතනයට පහරදීම ගිනිතැබීම, ලසන්ත වික්‍රමතුංග මහතාට අයත් පුවත්පත් මුද්‍රණාලයට ගිනිතැබීම (අධි ආරක්‍ෂිත කලාපය ඇතුලේ), එක්නැලිගොඩ මාධ්‍යවේදියව අතුරුදහන් කිරීම සහ වෙනත් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම, අද ( 28/07/2015) යටිනුවර සන්ධාන රැලියේදී ඔසවා තිබූ විකෘති කළ ජාතික කොඩි ඡායාරූප ගත කළ ලංකාදීප මාධ්‍යවේදියා රඳවා ගනිමින් කළ තර්ජනය කිරීම (මේ ඔක්කොම කට්ටිය පහුගිය රජයේ අය) මේ රජය නිසා ඉතාමත් හොඳින් මාධ්‍ය නිදහස ආරක්ෂා වෙලා තියෙනවා. තවත් දේවල් ලියන්න පුළුවන් මේ මාස 6 උන වෙනස, එහෙත් කාලය මදි. මෙම ලිපිය බලන පක්ෂයක් පාටක් නොබලන අයට කියන්නේ ඔබගේ වටිනා ඡන්දය බුද්ධිමත් තීරණයක් විය යුතුයි. මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ, මාල කඩන්නෝ මැති සබයට යවන්නේ නැතුව ඔබටත් ඔබේ දරුවටත් හොඳ අනාගතයක් උදාකළ හැකි බුද්ධිමත් පිරිසක් මැති සබයට යවන්න. (නදී)
මොකටද යන්නේ? දැන් මෙහෙ යහපාලනය දෝරේ ගලනවා (නදී)
සමහර අය කියනවා මේක ගෝටාගේ නිර්භීතකම කියලා. (නදී)
මෙයාලා යුද්දේ දවස්වල කරපු වැඩ ගැන අපිට හොඳට මතකයි ලංකාවෙන් එලවන්න ඕන (බ)
රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට ලිව්වානම් නීතියෙන් ක්‍රියා කරන්න ඕන. මෙතන මෝඩ චුන් දාන්න එපා. ඇමෙරිකාව ස්නොව්ඩන් ගේ අත පය කැඩුවද? (බ)
රට පාවා නොදී ඕන දෙයක්..(නදී)
මේ නහින්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් නෙවෙයි. බඩ ගොස්තරේ වෙනුවෙන්. ආරක්ෂක විස්තර පල කරන්න මොන රටකවත් දෙන්නේ නැහැ . ඔය කියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටවල වත් රටේ සංවේදී ආරක්ෂක තොරතුරු ප්‍රසිද්ද කරන්නේ නැහැ (නදී)
‘‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පසුගිය ජනවාරි මස 08 වැනිදාට පසුත් මේ අවස්ථාවේදීත් කටයුතු කරන්නේ ‘දිනූ දේ රැක ගනිමු!’ කියන තමන්ගේ සටන් පාඨයට අනුව. ඒකට අපේ එකතු කිරීමක් තියෙනවා, ‘දිනූ දේ රැක ගනිමු, ඕනෑම කප්පමක් දීලා’ යනුවෙන්. එවිටයි රනිල් වික‍්‍රමසිංහලාගේ සැබෑ ක‍්‍රියාකාරීත්වය කියැවෙන්නේ. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මේ රටේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම නතර කළා. ෂෙල් සමාගම රජයට ගත්තේ රක්‍ෂණ සංස්ථාවේ අරමුදල් යොදවලා. ඒ විදියට රාජ්‍ය අංශය, රාජ්‍ය සමාගම් ශක්තිමත් කළා. ඒවායේ රාජ්‍යය සතු කොටස් වැඩි කළා. දැන් මේ රනිල් ප‍්‍රමුඛ ආණ්ඩුව මහින්ද ප‍්‍රමුඛ ආණ්ඩුව රැක දුන් සියල්ල බිල්ලට දීමටයි සැරසෙන්නේ. (බ)
මෙයා තමා ජිනිව පසුගිය සැසිවාරයක ලංකාවට විරුද්දව කතා කළේ . රුපවාහිනියේ කියන්ඩ ඇතිනේ. 88 89 කාලේ නම් මේ වගේ අය ගියේ ටයර් වල. මතකද රිචඩ් සොයිසා හා සාගරිකා ගෝමස් ට වෙච්ච දේ ? මෙයාගේ වගේ උදවිය වෙන රටවල නම් කෙලින්ම එල්ල මරනවා රට පාවා දීමේ වරදට (බ)
මේවට නම් මහින්දගේ අය එකෙක් වත් තවම මුකුත් ලියල නැහැ රටේ තිබුන ඇත්ත තත්වය මේක තමයි දැන් නම් මොනවා වුනත් ජිවත් වෙන්න හොද පරිසරයක් තියෙනවා මැදිහත්ව සිතන කව්රුත් එක නැහැ කියන්නේ නැහැ අපේ රටට බුදුසරනයි (බ)
මාධ්‍යවේදියෙක් මොනවහරි ලීවම ආණ්ඩුවක් පෙරලේනවානම් ඇයි දන්නෑ ප්‍රබාකරන් මෙතරම් යුද්දයක් කළේ මොනවහරි පත්තරේකට ලියන් නැතුව (බ)
මහානාම කදාන කියන මහත්මයා මොනාද මේ කියන්නේ (අ)
විකල්ප මත දැරීමේ නිදහස නොදිය යුතුද ? පුදුම වෙන්න දෙයක් නැහැ මේ මනුස්සයාට වධ දීම සාධාරණීය කරන අපේම මිනිස්සු සංඛ්‍යාව දැක්කම. අපේ ලංකාව සෞදි අරාබියක් කරන්න බොහොම අමාරුවක් තියනවා වගේ ගොඩක් අයට. (බ)
අද, එදා මෙන් කටවුට් සුළඟට වැනෙන්නේ නැත. තාප්ප වල පෝස්ටර් වේළුම් කන්නේ නැත. මහ හඬින් යකඩ කටවල් මොර දෙන්නේ නැත. කළ කෙරුවාව කියාගෙන හිඟා කන්න එන්නේ ද නැත. තුවක්කු වල උණ්ඩ පිට වෙන්නේ ද නැත. හන්දි ගානේ කාර්යාල ද නැත. රෑට රෑට බජව් ද නැත. කොටින්ම බල්ලෝ ද කුලප්පුවක් නැත. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ මේ වෙනස සනිටුහන් කළේ පසුගිය ජනාධිපතිවරණයයි. රාජ්‍ය සම්පත් දේශපාලනික භාවිතාවෙන් අවමව පැවතීම සුබවාදී කරුණකි. මේ වෙනසට අපි ගරු කරන්නෙමු. ලංකාව එකම තලයක කාලයක් පුරාවට පැසුනා හොඳටම ඇතිය. අලුත් දේශපාලනික හැඩහුරුවක් දැන් දැන් දිස්වෙමින් තිබේ. අනාගත පරපුර වෙනුවෙන් සරුසාර රටක් හදන්නට ඔබේ හෘද සාක්ෂියට ඉඩ දෙන්න. (නදී)
සනත් ඒකනායක මහත්තය හරි..ඒ වෙබ් අඩවිය බැලුවනම් මාධ්‍යවේදී වෘත්තිය අමු අමුවේ ගණිකා වෘත්තියේ යොදවන අන්දම පැහැදිලි කරන්න වෙන උදාහරණ අවශ්‍ය නැහැ..එ්ත් ඔවුනුත් මාධ්‍යවේදියෝ..මේක පුදුම රටක්..ඕන කෙනෙකුට මඩ ගහල චරිත ඝාතනය කරන්න ඔවුන්ට පුළුවන්..ඒ වුනාට ඔවුන්ට අත තියන්න කාටවත් බැහැ..වෘත්තියේ ගෞරවය අයිතිවාසිකම් පතන්න පුළුවන් සැබැ ලෙස අපක්ෂපාති මධ්‍යස්ථ මාධ්‍යවේදීන්ට පමණයි එහෙම නැතුව මේ වගේ ඒ වෘත්තියේ පහරන දේශපාලන වසලයින්ට නෙමෙයි..(බ)
බඩුම තමයි (නදී)
ඔබ කවුද, මොනවද රටට කලේ කියලා ගොඩක් මිනිස්සු දන්නවා මහත්තයෝ... (හේ)
මේවට දැන් ජනතාව මුල වෙන්නේ නැහැ. මේ සේරම බයේ දඟලන්නේ මැතිවරණය ළඟ නිසා. (නදී)
කැලණියේ ලොක්ක කිව්වේ මෙතුමාගේ කකුල් කඩල ලංකාවෙන් පන්නල දැම්මේ එයා කියල. තවත් මොන කතාද? (නදී)
කළු කොටි, කොළ කොටි වදකාගාරවල , ඉරාකයේ ඇමරිකානු වදකාගාරවල ඡායා රූප සිහි-උනා (නදී)
සාගරික ගෝමස්, රිචර්ඩ් සොයිසා, විජේදාස ලියයනාරච්චි වගේ අයට කරපු දේවල් මතකද ? එයා ලා රටට විරුද්දව ජාත්‍යන්තරේට ගතු කිව්වේ නැහැ.(නදී)
අපේ රටේ නිතිය බලු වටින් නෑ. මිනිමරපු අය මාසෙන් දෙකෙන් එළියේ. කුඩු කාරයොත් එළියේ. මොන රජය අාවත් වැඩක් නෑ. මිනි මරපු අය කවුද කියලා පෙන්නන්න එක්කන් ගියාම අපි සතුටු උනා. එත් කැලේ නිතිය තමයි. මේ රජය පෙරලුනොත් මේ විදියම තව ඒවා ඒවි එලියට. (නදී)
අනේ පව් අර සමන්මලී නෝනා කිව්වේ මේ ආණ්ඩුවේ මාධ්‍ය නිදහස වලදාලා කියා (නදී)
අසාධාරණය හමුවේ නොබියව නැගී සිටි ඔබ වැනි මිනිසුන් ද්‍රෝහීන් කළ සමාජය, කවදා හෝ පසු තැවෙනු ඇත.(ම)
හොඳ ලිපියක් (නි)
මේ ලිපියට මෝඩ අදහස් දාන අය ගොඩක් වැඩියි. (නි)