‘‘මොරටුවේ පීඩනය නැති කරන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න.ඉතිරි ටික අපි බලාගන්නම්. අද ධිවර කර්මාන්තෙත් නෑ. ඒ වගේම වඩු කර්මාන්තෙත් නෑ. මැද පන්තියට ඉන්නත් අමාරුයි. වැඩ කරන ජනතාවට ජීවත් වෙන්නත් අමාරුයි. මේ පාලනය අට වැනිදාට අවසන් කරනවා. මෙතෙන ඉන්න අපි සියලු දෙනාම ගිය ඡන්දේ සමහර අය සරත් ෆොන්සේකට ඡන්දේ දුන්නා මං වගේ. අනිත් අය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දේ දුන්නා. ඒත් අද අපි ඔක්කොම මෙතැනට ඇවිල්ලා ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරන්න‘‘ යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මොරටුවේදී පැවැති ජනරැලියක් අමතමින් පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ මොරටුව ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත මහතා මේ රැස්වීම සංවිධානය කර තිබිණි.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමතුංග, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න යන මහත්ම මහත්මීහු මේ රැළියට සහභාගී වූහ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපා සිරිසේන මහතා
‘‘2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණු ආණ්ඩුව. ඔහු හදපු ආණ්ඩුවක් නොවෙයි. ඒ ආණ්ඩුව අපි හැදුවේ, 2005 ආණ්ඩුව හදන්න සහ ඔහු ජනාධිපති කරන්න පක්ෂයේ ලේකම් ලෙස මම විශාල කාර්යය භාර්යයක් ඉටු කළා. එය සාමුහික ප්‍රයත්නයක්, ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අතීතයේ සිට මේ පක්ෂය දුන් ඡන්ද පොරොන්දු ඉෂ්ට කළාද? ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සිට දුන්නා නේද පොරොන්දු? හඳෙන් හරි හාල් ගෙනවිත් දෙනවා කිවුවා. ඔය කොයිකවුරු ආවත් දුන් පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ. ඒ එදා මේ මෙදා. එදා මෙදා කියලා වෙනසක් නැහැ.මෙයාලා අපිව මොකාට ගණන් අරගෙන ඉන්නවාද මන්දා? අනේ අපි වගේ මෝඩයෝ ටිකක්? (නි)
ධීවර කර්මාන්තය අඩපන වුණේ කවුරු නිසාද කියලා අපි නම් දන්නවා (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔබතුමා ගැන මුළු ලෝකයම දන්නවා (නි)
එන්නකො තරඟයට (නි)
රූපසිංහ මහත්තයෝ, කවුද හඳෙන් හාල් ගෙනවිත් දෙනවා කිව්වේ? (නි)
මෙයා මේ කතාව කියන්නේ කී වැනි වරටද? අනේ මහත්තයෝ, දැන්වත් තීරණයක් ගන්න (නි)
සමහරු දකින්නෙම දවල් හීන. (නි)
මහින්ද දිනනවා ,වැඩි ඡන්ද 2035000කින්. මට ඒක ස්ථිරයි (නි)
රුපසිංහ මහත්මාණෙනි, ඉදිරියේදී බුද්ධිමත්ව සිතාබලා, පොරොන්දු නොව සමාජයේ යහපාලනය උදෙසා කටයුතු කරන්න. මෙත් වැඩෙත්වා! (නි)
ඇත්තටම හාල් දුන්න අයයි, හඳෙන් හාල් ගෙනා අයගෙන් කොටසකුයි දැන් එකම පැත්තෙ. ඒ නිසා කුඩු ටිකක් ගහගෙන එතනෝල් ටිකක් බීලා වෙනදේ බලාගෙන ඉන්න එක අපිට හොඳයි. (නි)
රූපසිංහ මහත්තයෝ, හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවයි. යු එන පී එකේ ජේ ආර් ජයවර්ධන මහත්තය කිව්වේ ධාන්‍ය රාත්තල් අටක් දෙනවා කියල. එයා විවුර්ත ආර්ථිකය රටට හඳුන්වල දීල ධාන්‍ය ඊට වැඩිය ගන්න මග හදල දුන්න. (බ)
අතීත ටකයට තලතලා ඉඳීම අනුවණකමකි. මේ රටේ සැබෑ වෙනසක් ඇතිකිරීමට අප සියලුදෙනා එකමුතුවී ජනවාරි 8 මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරමු. (බ)
රූපසිංහ, එතකොට ඔය දැනට පාලනය කරන පක්ෂය සියලු පොරොන්දු ඉටු කරලද ඉන්නේ ? (ර)
ජය වේවා (දිල්)
මේ ඔක්කොමගේම කෙරුවාවල් අපි නොදන්නවා නෙවෙයිනෙ (බ)
කවුරු ආවත් මහින්ද රාජපක්ෂ 9 වැනිදාත් ජනපති (දිල්)
රනිල්ව අගමැති කරන්න හංසයාටඡන්දෙ දෙන්න කියන එකනේ මේ කියන්නේ, (දිල්)