පුංචි තිරයේ දඩබ්බරයා කියලා කිව්වට හැමෝම වගේ ඔහුට ආදරෙයි. ඒ හැමෝම වගේ ආදරය කරන ආදරණීය රංග ශිල්පියා ශ්‍රීනාත් මද්දුමගේ මේ දිනවල ලංකාවට ඇවිත් ඉන්නෙ. කවුරුත් දන්නවනෙ ඔහු පදිංචිව සිටින්නෙ ඕස්ටේ‍්‍රලියාවේ කියලා. ඒ විදියට ඕස්ටේ‍්‍රලියාවේ සිටින ශ්‍රීනාත් ලංකාවට එන්නෙ විශේෂ හේතුවක් එක්කයි. මෙවර එයා ලංකාවට ආ විශේෂ හේතුව මොකක්ද?
ශ්‍රීනාත් හදිසියේම නැවතත් ලංකාවට ඇවිත්.
මේ සැරේ නම් විශේෂයෙන්ම ආවේ උදයකාන්ත මහත්මයාගේ අලූත් චිත‍්‍රපටයේ චරිතයක් රඟපෑම වෙනුවෙනුයි. කොහොමටත් එතුමා චිත‍්‍රපටයක් කළොත් මට චරිතයක් බාරකරනවා. ඉතින් ඒකට හේතුව මම දන්නෙ නැහැ. නමුත් මම ඔහුට ඊට ගරු කරනවා.
උදයකාන්තගෙන් හැර වෙනත් අධ්‍යක්ෂවරු වෙතින් ඔබට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?
නැත්නම් ඔබ ඒවායේ රඟපාන්නේ නැද්ද? වෙනත් අයගෙන් ආරාධනා ලැබෙනවා. ඒත් උදයකාන්ත ආරාධනා කළාම එන්න හිතෙනවා. මොකද එයා මගේ නිවාඩු සහ රාජකාරි ගැන හොඳින් වටහාගෙන ඉන්නෙ. ඒ නිසා අද කියලා හෙට එන්න කියන්නෙ නැහැ. අනෙක ඔහු ඔහුගෙ නිර්මාණ කාර්යය හොඳට සැළසුම් කරලා කරන්නෙ. ඒ නිසා ඒ වෙනුවෙන් කාලය වෙන්කර ගැනීමට ඉඩක් මට ලැබෙනවා. අනෙක මේ නිර්මාණයෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නෙ එහි බොහෝ කොටස් රූගත කරන්නේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර වීමයි. දැන් ලංකාවේ මෙහි රූගත කිරීම් පටන්ගෙන.
මෙවර ඔබගෙ චරිතය මොකක්ද?
මැදිවියේ කෙනෙකුගේ චරිතයක්. ප‍්‍රධාන නළුවාගේ බාප්පාගේ චරිතය කිව්වොත් නිවැරදියි.
දැන් ඔබගෙ ජීවිතය කොහොමද කියලා ඇහුවොත්?
ඕස්ටේ‍්‍රලියාවේ ජීවිතය නෝනා සහ දියණිය සමග සුන්දරව ගෙවනවා. මෑතකදී අපි විශේෂ සංදර්ශනයක් පැවැත්වුවා. දෝන කතිරිනා ජවනිකා පෙළහර කියලා. ජවනිකා ගොන්නක් ඊට ඇතුළත් වුණා. මෙල්බර්න්හි වෙසෙන අපේ දරුවන්ට සහ ඉතිහාසය අමතක නම් වැඩිහිටියන්ට ඒ ගැන මතකය යළි අවදිකරවීමටයි. මධූර ජවනිකා, ආනන්ද ජවනිකා වගේ වාර්තා රංගනයක්. එහි විශේෂත්වය වුණේ මෙල්බර්න්හි වෙසෙන ශ්‍රී ලාංකිය ප‍්‍රජාවේ පිරිසක් රංගනයට දායකවීමයි. ප‍්‍රකට රංගවේදී යුවළක් වන දිලිනි ලක්මාලි තිරිමාන්න සහ සහන් විමලසිරි ලංකාවෙන් පැමිණ ප‍්‍රධාන භූමිකා හැඩ කළා. අජිත් මෙන්ඩිස්ගෙ තිර රචනයට ඒ නිර්මාණ පෙළහර හැඩවුණා. AUSCA සංවිධානය තමයි මෙය සංවිධානය කළේ. මෙහි සභාපතිනිය ශ‍්‍රියානි මද්දුමගේ, ලේකම් පුෂ්පික ගමගේ මෙන්ම භාණ්ඩාගාරික දීපාල් ධර්මරත්න. උප සභාපති චිත‍්‍රා සෙනරත් ඇතුළු පිරිස තමයි මට මේ දේ කරන්න ඇරියුම් කළේ.
රංගනයට කවදාවත් එක්නොවූ පිරිස සමග 85 ක් පමණ රඟපෑවා. ඒක විශේෂ දෙයක්. මේ අපූරු සංදර්ශනයෙන් පසුව තවත් විශේෂිත කටයුත්තක් සිද්ධ වුණා.
ඒ මොකක්ද?
මේ සංදර්ශනය පැවැත්වෙද්දී තමයි අරණායකට සහ ලංකාවට ගංවතුර ඛේදවාචකය සිද්ධ වුණේ. මෙහිදී ලැබුණු අතිරික්ත මුදල සද්ක‍්‍රියාවකට යොදවන බවට. ඒ අනුව AUSCA සංවිධාන ඒ මුදලින් නිවසක් තනා දීමට (සුදුසු කෙනෙක් සොයා) කටයුතු කරනවා. මේ පැමිණි ගමනට එයත් එක් හේතුවක් වුණා.
මේ ගෙවී ගිය වසර දොළහේ සිට ඔබ දිවි ගෙවන්නෙ මෙල්බර්න් නගරයේයි. කොහොමද ඒ ජීවිතය ඔබට දැනෙන්නෙ.
ප‍්‍රකට පීටර් මැක් රෝහලේ සේවය කරන්නෙ. ඊට අමතරව මෑතකදී පුංචි ව්‍යාපාරයක් පටන්ගත්තා. පෙර කී සේ ජීවිතය ඇත්තටම සුන්දරයි.
මොන වගේ ව්‍යාපාරයක්ද?
ඒක ඇත්තටම ටේක් අවේ (Takeaway) අවන්හලක්. ‘‘කිංස්බර් ෆිෂ් ඇන්ඞ් චිප්ස්’’ එහි නමයි. ෆිෂ් ඇන්ඞ් චිප්ස් ඕස්ටේ‍්‍රලියාවේ හරි ජනප‍්‍රියයි. ඉතින් එය පුංචියට පටන් ගත්ත. ඒ අවන්හල අපේ ලංකාවේ කොළඹ සහ ගාල්ලේදී විවෘත කරන්නත් බලාපොරොත්තු වෙනවා. මගේ මිත‍්‍ර සනත් ගුණරත්න එක්කත් ඒ ගැන සාකච්ඡුා කරමින් සිටින්නෙ. නුදුරු අනාගතයේදී එය අවන්හල් ජාලයක්බවට සමහර විට විකාශය වේවි.
එය ලෝකය පුරා ගෙනයාමටද අරමුණ?
අපි බලමු නේද? පුංචියට පටන්ගෙන උත්සාහ කරලා බලමු.
නුදුරේදී ඔබ රඟපෑ අපට දැකගත හැකි නිර්මාණ තිබෙනවාද?
අජිත් මෙන්ඩිස්ගේ රචනයකට අනුව නිර්මාණය වන ටෙලි නාට්‍යයක චරිතයක් රඟපෑවා. ඒ අතරතුරේදී දියණිය සහ බිරිඳ එක්ක අපි අපේ පුංචි ලස්සන රටේ හැකිතාක් සංචාරය කළා. දැන් නැවත ඕස්ටේ‍්‍රලියා ගිය පසු AUSCA සංවිධානය සමග එක්වී තවත් අපූරු ප‍්‍රදර්ශනයක් මේ වසර අගදී සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරනවා. මෙල්බර්න්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට එය තවත් අපූරු අත්දැකීමක් වේවි.
සටහන/ඡායාරූප සඳුන් ගමගේ
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මේ පාර හම්බවුණේ මැදිවියේ චරිතයක්