
(පද්මා කුමාරී කංකානම්ගේ)
මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය කියයි.
119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසල්වැසියෙකු විසින් ලබාදුන් පණිවිඩයකට අනුව පොලිසිය මළසිරුර සොයාගෙන ඇත. මිය ගොස් ඇත්තේ මොහොමඩ් ෆාතිමා සෙයිමා නම් දැරියකි.ඇය යම් අසනීප තත්ත්වයකින් පසු බවද කියයි.
දැරියගේ පියා දැරිය සහ තමා පිළිබඳව අවදානයක් නොදැක්වීම නිසා එම මව මානසික ආතතියෙන් කාලය ගත කර ඇතැයි ද පොලිසිට ලැබුණු තොරතුරුවලින් අනාවරණය වී ඇත.
කල්පිටියේ කන්දකුඩාවේ නිවෙසකින් මෙම දුක්මුසු පුවත වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට අවශ්‍ය නොවී දරුවන් බිහිවීම නවත්තන්න අවශ්‍ය ප්‍රචාරය දෙන්න. පවුල් සංවිධාන සංගමය නැවත පනගන්වන්න.
ඔය පවුල් සංවිධාන සංගමය හරියටම වැඩේ කළානම්, අද බොහෝ දෙනෙක් දියවන්නාවේ නැහැ,