හපන් පැදුර තුළින් හඳුනා ගන්නා ඔහු රූපවාහිනී නාට්‍ය කිහිපයක් හරහාම පසුගිය කාලෙ ඔබ හමුවට පැමිණෙයි. නමින් කසුන් කුමානායක වන ඔහු, සිය රංගනයෙන් දායක වන නවතම ටෙලි නිර්මාණය "සීරජ" ටෙලිනාට්‍යයයි. ඉදිරි කලා කටයුතු පිළිබඳ "සාරවිට"ට පැවසීමට ඔහු මෙලෙසින් හඬ අවදි කළේය.
"දෙරණ රංජන් ප්‍රසන්න අයියත් එක්ක මේ දවස්වල "පහේ කල්ලිය" කියන වැඩසටහන කරනවා. අජිත් ලොකුගේ, චමිල පීරිස්, කුසුම් පෙරේරා, චාමර ප්‍රියදර්ශන, වැනි පිරිසත් දායක වෙනවා. මේ වනවිට "සීරජ" රූගත කිරීම් අවසන් වී තිබෙනවා. එය ස්වර්ණවාහිනී ඔස්සේ පසුගිය සෙනසුරාදා සිට 8.30ට විකාශය වනවා. මම එහි මුගලන්ගේ චරිතයට දායක වෙනවා.
"ඒ වගේම සිරස FM ඔස්සේ විකාශනය වන ගුවන් විදුලි නාට්‍යයකට හඬ කැවීමෙන් දායකත්වය ලබා දෙනවා."




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd