IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මේ දරුවා ගල්පරයෙන් ඇහින්දෝ

මාතර බ‍්‍රවුන්ස් හිල්හි හෝටලයක් පිටුපස ළඳු කැලැවක ගල් දෙබොක්කාවක දින තුනක පමණ බිළදකු සොයාගත් පොලිසිය දරුවා මාතර රෝහලට ඇතුළු කළේය. දරුවාගේ ඇඟපුරාම කෘමීහු පිරී සිටියහ. ජනනේන්ද්‍රිය පෙදෙස කූඹින් කෑමෙන් තුවාලවී තිබිණි.  



අදහස් (0)

මේ දරුවා ගල්පරයෙන් ඇහින්දෝ

ශානි Tuesday, 27 March 2012 09:16 PM

ඇතැම් දෙමාපියන් තමන්ගේ දරුවන්ට මෙවැනි දේ කරන්නේ ඇයි. මේ වගේ අයට රජය දැඩි දඩුවම් දිය යුතුයි.

:       0       0

දනූෂ Tuesday, 27 March 2012 09:26 PM

මට දුන්නනම් මම හදාගන්නවා. පව් දෙයියනේ.

:       0       0

ගාමිණී Tuesday, 27 March 2012 09:28 PM

ආසියාවේ ආශ්චර්යය ශ්‍රී ලංකාවයි.

:       0       0

රෝයි. Tuesday, 27 March 2012 09:30 PM

ගෙදර බුදුන් අම්මා ! ලෝක විනාශේ........... !!!!

:       0       0

මොහොමඩ් රිස්වාන් Tuesday, 27 March 2012 09:42 PM

දින තුනකින් හරි පනපිටින් සොයා ගත්තු එක ලොකු දෙයක්

:       0       0

හිත්තැටියෙන ලතා Tuesday, 27 March 2012 09:49 PM

කොයි මන්තිරිගෙදෝ ............... ?

:       0       0

අමිල කටුනායක Tuesday, 27 March 2012 09:58 PM

මෙවැනි දරුවන් බලාගැනීම තමා ප්‍රේම් ළමා නිවාසේ කළේ. පිස්සෝ ටිකක් එයටත් අකුල් හෙලලා බොරු ෂෝ එකක් දැම්මා.

:       0       0

ෆාතිමා සෆ්නා Tuesday, 27 March 2012 10:05 PM

ජාති ජාතිත් මෙවැනි ගැහැණුන්ට දරුවන් නොලැබේවා. !

:       0       0

අමරා ඉරංගනී Tuesday, 27 March 2012 10:12 PM

වාසනාවන්ත පුතෙක් අපරාදය කලවුන්ට නියම දඩුවම් ලැබේවා. !

:       0       0

සේනානායක Tuesday, 27 March 2012 10:18 PM

රාගයේ ප්‍රතිඵල විදින්න අමාරු ඇති.

:       0       0

ෂානාස් Tuesday, 27 March 2012 10:29 PM

මෙහෙම කළ එවුන්ව පණපිටින් පුච්චන්න ඕනේ.

:       0       0

විධුර Tuesday, 27 March 2012 10:38 PM

මේක ඔපපාතික උපතක් වෙන්න පුලුවන් සමහර විට

:       0       0

නීල් Tuesday, 27 March 2012 10:43 PM

මේවා කරන අයට මිරිස් අඹරන්න ඕනෑ. කිරිසප්පයන්ට කරන අපරාධ .

:       0       0

සෙනේෂ් Tuesday, 27 March 2012 11:04 PM

හදන්න බැරිනම් අපිට දීපල්ලකෝ තැන් තැන් වල දන්නේ පව්කාරයෝ

:       0       0

නසීර් Tuesday, 27 March 2012 11:08 PM

මාතර හෝටල් වල කාමර හැමදාම පිරිලා. පාසල් යන ළමයි ඕන තරම් ඉන්නවා. හොයන්න බලන්න කවුරුත් නැහැ. ඒවයේ ප්‍රතිඵල තමයි මේ.

:       0       0

සැමියෙක් සහ බිරිදක් Tuesday, 27 March 2012 11:18 PM

අපි ලක්ෂ ගාණක් වියදම් කළා දරුවෙක් හදාගන්න. ඒත් තවම දෙවියන් අපේ මූණ බැලුවේ නැහැ. දරුවන්ට මෙහෙම කරන්න එපා අම්මේ. ඔයාටත් අපිට වුණු දේ වුණානම් තේරේවි දරුවන් නැති දුක.

:       0       0

sltk2004 Tuesday, 27 March 2012 11:48 PM

උපත් පාලනය ගැන උගන්නවන්න යනකොට සංස්කෘතිකයේ සදාචාරයේ අයිතිකාරයෝ විරුද්ධ වීමේ ප්‍රතිඵල තමයි මේ.

:       0       0

සුගත් බණ්ඩාර ගොතටුව Tuesday, 27 March 2012 11:48 PM

අනේ කියන්න බෑ වාසනාවන්ත දරු පැටියා. මෙහෙම කරන එවුන්ට දෙන්න දඩුවම් ශ්‍රී ලංකාවේ තාම නෑ. මොක ද දරුවගේ අප්පා දේශපාලකයෙක් වෙන්න ඇති. අප්පා නැති කල අම්මා කවර කල කියල තමයි දැන් කියන්න වෙන්නේ.

:       0       0

සෙනරත් යාපා Wednesday, 28 March 2012 12:06 AM

අවජාතක දෙමාපියෝ !!!!!!!!!!!!!!!!!

:       0       0

බණ්ඩාර Wednesday, 28 March 2012 12:23 AM

හැමදේටම රජයට බණින මෝඩයෝ ඉන්නෙ ලංකාවේ විතරයි. ඇයි මේ දේ කළේ රජයෙන්ද නැතිනම් වෙන කෙනෙක්ද ?

:       0       0

GIHAN KODAGODA Friday, 30 March 2012 09:49 AM

ආදර‍යේ උල්පත වූ අමිමා.............ගී‍යෙහි අරැත ‍බොද වී යන වගයි.........

:       0       0

නලින් Wednesday, 28 March 2012 12:34 AM

මොකක්ද වෙන්නේ අපේ සංස්කෘතියට

:       0       0

උපුල් ධර්මප්‍රිය Wednesday, 28 March 2012 01:22 AM

පවක පිනක වෙනස දන්නේ නැති මිනිස්සු

:       0       0

අචිනි සෙනෙවිරත්න Wednesday, 28 March 2012 01:58 AM

පුතේ, නුඹේ අනාගතය සැපවත් එකක් වේවා !!!!!!!!!!!!

:       0       0

සමන්ත Wednesday, 28 March 2012 02:02 AM

මට තව කියන්න තියෙන්නේ ජනාධිපති නිදි අනේ. අපි පත් කරපු ආඩම්භරකාර තාත්තා අපිට වැරදුනා. අපි අතරමං වුනා. එයාට හොදටම නින්ද ගිහින්. අපි මොනවා හරි කරමු මේකට. නැත්නම් අපේ ජාතිය ඉවරයි.

:       0       0

චානුක, ඉතාලියේ සිට Wednesday, 28 March 2012 02:16 AM

ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්න පුලුවන්ද දෙයියනේ. තිරිසන් සතෙක් උනත් තමන්ගේ පැටියට ආදරෙයි. මේ ආත්මෙදිම මේ කරපු පව පල දෙන්න ඕනේ.

:       0       0

සදලි Wednesday, 28 March 2012 02:37 AM

අනේ දෙයියනේ, මෙහෙම අපරාධ කරන්න එපා. මෝඩ ගෑනුන්ගෙ වැරදිවලට අසරණ ළමයි පලි නැහැ.

:       0       0

දමයන්ති Wednesday, 28 March 2012 02:43 AM

මතු ආත්මයක දරුවන් නොලැබේවා. ගල් ගහන්න ඔය අම්මට

:       0       0

උද්දික Wednesday, 28 March 2012 08:17 AM

බුදු සරණයි පුතේ නුඹට .

:       0       0

ඉෂාන් Wednesday, 28 March 2012 08:45 AM

මට මෙය පිළිකුලක්

:       0       0

ජයවර්ධන Wednesday, 28 March 2012 08:48 AM

මේ සිදුවීමේ ආසන්නම අවස්ථාව සැලකිල්ලට අරන් අපි දරුවා විසිකළ අම්මාට දෙස් දෙවොල් තියනවා.. ඒක වැරදියි කියලා මම කියන්නේ නෑ.. ඒත් සමාජ‍යයේ අපි බහුතරයක් යුතුකම් ඉටු නොකිරීමක ප්‍රතිඵල තමයි මේ කියලා මට හි‍තෙනවා..තව හිතලා බලන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site