IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මේ ටිකේ පොඩ්ඩක් දුකෙන් තමයි ඉන්නේ

2016-04-11-ent-20

වෙළෙඳ දැන්වීම් තුලින් ක්ෂේත්‍රයට පිවිසි ඇය මේවනවිට පුංචි තිරයේදී දකින්නට ලැබෙන තරුවක් වී හමාරය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍ය විකාශයන වන අතර, ඒ පිළිබඳ දිනුෂා සිරිවර්ධන වන ඇය අපත් සමග මෙසේ පැවසීය.

 

2016-04-11-ent-21මේ දවස් වල කාර්යය බහුලයිද?

මේ දවස්වල සම්පත් බැංකුවේ සහ එල්.බී ෆිනෑන්ස් එකේ Commercial වගයක් කළා. මියුසික් වීඩියෝස් දෙකක් කරා. එයින් එකක් නම් එළිදැක්වූවා. තව Bridal Show සහ Photoshoot වගයක් තියෙනවා. ඒ ටික කරනවා. ඊට අමතරව "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ පොඩි චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. තවත අලුත් නාට්‍යයක් පටන් ගන්නවා ලබන මාසයේ ඒකේ ප්‍රධාන චරිතය සඳහා අවස්ථාවක් ලැබිලා තියෙනවා.

 

ක්ෂේත්‍රයට ආවේ කොයි කාලයේද?

මම පොඩි කාලේදීම තමයි ක්ෂේත්‍රයට ආවේ. පොඩි කාලේ Commercial තමයි කරේ. ඉතිං මම ටික කාලයක් ගිහින් මම නතර කරා. ඊට පස්සේ මම අධ්‍යාපන අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ගියා. ඒකෙන් අයින් වෙලා Youth එකට ගියා. ඒකෙත් අවුරුදු 7ක් විතර ඉඳලා ආයේ අයින් වෙලා ආයේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මාස 7ක් 8ක් වෙනවා.

 

රැකියාවෙන් අයින් වෙලා මෙවැනි ක්ෂේත්‍රයට එන්නේ ඇයි?

මම හිතුවා මේ දේ ගැළපෙනවා කියලා. එතන කට්ටියත් එක්ක රැකියාව කරන්න අමාරුයි. ඒ නිසා ගෙදරින් අයින් වෙන්න කිව්වා. නිරූපණයෙන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ සඳහා ගොඩක් අය උදව් කරනවා.

 

ඇයි එක තැනක රැකියාවක් කරන්න බැරිවුණේ?

එතන ඉන්න අයගේ අවුලක් නිසා තමයි.

 

කොහොමද අවුරුදු ඉතිං?

මේ ටිකේ ටිකක් කාර්යය බහුල නිසා ඒ වැඩකටයුතු කරන්න බැරිවුණා. මම රූපවාහිනි ආයතනයක අවුරුදු කුමාරිට සහභාගී වුණා. ඒකේ පොඩි අසාධාරණකම් සිදුවුණා. ඒක නිසා මේ ටිකේ පොඩ්ඩක් දුකෙන් තමයි ඉන්නේ.

 

අසාධාරණකම් වුණා කියන්නේ ඇයි?

මම අන්තීම පස්දෙනාට ආවා. මම හිතන් හිටියේ මට තැනක් ලැබෙයි කියලා. මට හිතෙනවා මොකක් හරි අසාධාරණ කමක් වුණා කියලා. 14 වැනිදාට ඒක ටීවි එකේ බලන අයට හිතෙයි අසාධාරණ කමක් වුණාද නැද්ද කියලා. 

 

කොහොමත් එවැනි තරග ලංකාවේ පැවැත්වෙනවානේ, ඒක ගැන ඔයා හිතන්නේ මොනවාද?

මේකයි මම කියන්නේ එවැනි තරග පවත්වද්දී සෑම කෙනාටම සාධාරණයක් වෙන්න ඕනේ කියලයි. කෙනෙක් ඒ ගැන බලාපොරොත්තුවක් තියාගෙනයි. කෙනෙක් මේ සඳහා අයදුම් කරන්නේ එයාට පුළුවන් කමක් තියෙන නිසානේ. අනික අන්තීම වටයට තෝරන්නෙත් සුදුසුයි කියලා සිතාගෙනනේ. දැන් කාලේ එහෙම සාධාරණයක් කරන්නේ නැහැ. ඒ නිසා මම එතනින් වැටෙන්නේ නැහැ. මම ඊළඟ අවුරුද්දෙත් උත්සහ කරනවා.

 

රංගනට වරම් ලැබුණේ කොහොමද?

මට මුල් කවරයක් කරනු ලැබුවා දීපාල් ගොමස් විසින් සුජීව ප්‍රසන්න ආරච්චිගේ "කුසුම්" කියන පුවත්පතට. නිල්වලා නිෂ්පාදක විධායක ලලිත් වසන්ත සර් මට කතා කරලා තමයි ටෙලි නාට්‍ය වලට දායක වෙන්න පුළුවන් වුණේ.

 

හිතනවද රංගනයෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා?

මට කතා කරන හැමදෙයක්ම මම බාරගන්නේ නැහැ. ඒදේ ගැලපෙනවානම් විතරයි යන්නේ.

 

ඒ කියන්නේ ඔයා බාරගන්නේ ප්‍රමිතියක් තියෙන වැඩ විතරද?

ඔව් මම ප්‍රමිතියක් ඇති වැඩක් තමයි කලොත් කරන්නේ. මම වැඩකටම යන්නේ නැහැ. මම ඉන්න විදිහත්, සහ මම අඳින පළදින විදිහත් එක්ක ගැළපෙනවානම් ඒ දේ බාරගන්නවා. සල්ලි කියලා ඒ මත්තෙම යන්නේ නැහැ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

Makeup - හර්ෂණී සිරිවර්ධන

 

2016-04-11-ent-10
2016-04-11-ent-11
2016-04-11-ent-12
2016-04-11-ent-13
2016-04-11-ent-14
2016-04-11-ent-16
2016-04-11-ent-17
2016-04-11-ent-18
2016-04-11-ent-19

 



අදහස් (0)

මේ ටිකේ පොඩ්ඩක් දුකෙන් තමයි ඉන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site