රට නිවැරදි මඟට යොමු කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ඇමැති අර්ජුන රණතුංග මහතා කියයි.
හිටපු ජනපතිනිය අද (02) රණතුංග මහතාගේ මහර මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට පැමිණියාය. ඇය ඇමැතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ද කළාය.
ඉන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
‘අද මේ මැතිවරණය හොඳ සහ නරක මිනිසුන් අතර පැවැත්වෙන්නක්. චන්ද්‍රිකා මැතිණිය සෑම විටම සිටියේ හොඳ මිනිසුන් එක්ක. වෙනත් විදියකින් කියනවා නම් එතුමිය යහපාලන ආණ්ඩුවත් සමග හිටපු කෙනෙක්. අද යහපාලන ආණ්ඩුව තියෙන්නේ එතුමියගේ ප්‍රධානත්වයෙන්. මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා පදවියට ගේන්න මූලිකව ක්‍රියා කළෙත් ඇයයි. ඇගේ ආශිර්වාද අපට තියෙනවා. ‘











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකා මහත්මිය කරපු දේවල් අපි දන්නවා. රාජ්‍ය ආයතන කීයක් පෞද්ගලිකරණය කලාද? අර්ජුන මහත්තයෝ ඔයා එහෙට,මෙහෙට පනිනකොට චොහොර කුරුල්ලා වේවි. (නදී)
මෙය මෙතුමියගේ මවට සහ පියාට කරන අගෞරවයකි. කටුස්සෙක් පාට වෙනස් කරනවා වගේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා (නදී)
හ්ම්..හ්ම්.. අපි දන්නවා එයාගේ ආශීර්වාදය ඔයාට තියෙනවා කියලා. (නදී)
තව මනාප ටිකක් ගන්නයි මාන බලන්නේ. ඔබතුමා අපි ගොඩක් ආදරය කල කෙනෙක්. එ්ත් දේශපාලනයෙන් නම් බින්දුවේ. මැඩම් එක්ක නොරොක්වෙලානේ ඔයා මුලින්ම එලියට බැස්සේ (නදී)
අපි නොදන්නා මොණරතැන්න (නදී)
ඔව්, ඔව් එදා බැද්දගාන සංජීවත් හිටියා. රූකාන්තලා අනොජලා ගෙන් ඇහුවොත් විස්තර කියාවි. අද යහපාලානේ ඉන්න කට්ටිය කොටහේනේ සිද්ධියෙන් පෙනුනා.(නදී)