IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මේ ගීතය අපේ වචනෙන් කිව්වොත් බූට් සෝන්ග් එකක්

2016-07-06-ent-51

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට දිගු ගමනක් යාමට නොහැකි වුවද ගායකයෙකු ලෙස "ළංවෙලා ළඟ උන්නු කාලේ" ගීතය තුළින් ජනප්‍රියත්වට පත්වෙන්නට ඔහුට හැකිවිය. ඔහු රංග සොයිසාය. ඔහුගේ කලා දිවිය පිළිබඳව "සාරවිට" සමග පැවැසුවේ මෙවැන්නකි.

 

අලුත් ගීතය ගැන කිව්වොත්?

2016-07-06-ent-52"මියෙන කල් සෙනෙහේ" කියල තමයි ගීතය නම් කළේ. මේක මගේ හයවෙනි ගීතය. ඒකත් විරහ ගීතයක්. අපේ වචනෙන් කිව්වොත් බූට් සෝන්ග් එකක්. පද රචනා කළේ නිසල් ප්‍රනාන්දු. දුලීක කෝදාගොඩ තමයි මේ ගීතය සංගීතවත් කළේ.

 

ඔබත් වර්තමානයේ පවතින විරහ රැල්ලේ ගායකයෙක්ද?

මමම විරහවට කොටු වෙලාම නෑ. මම හිතනවා රසිකයො ගොඩක් කැමති විරහ ගීත රසවිඳින්න. මමත් විරහ ගීත රසිකයෙක්. රැල්ල එක්ක නෑ කියන්නත් බෑ. මම පියා ගැනත් සිංදුවක් කළා. තවම විරහව නැති වෙනත් අර්ථවත් ගීතයක් මට ලැබුණෙ නෑ. හොඳ පද රචනයක් ලැබුණොත් ළඟදීම වෙනස් ගීතයකුත් කරනවා.

 

කලාකරුවෙකුට වගකීමක් තියෙනවා නේද සමාජයට පණිවුඩයක් දෙන ගීත නිර්මාණය කරන්න?

අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක. මම ඉදිරියේදී එවැනි ගීත කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා. දැනට මගේ "පියානෙණි" ගීතයෙන් සමාජයට හා කලාකරුවන්ට හොඳ පණිවිඩයක් දෙනවා කියලා. සංගීත් විජේසූරිය අයියව ආදරෙන් මතක් කරනව ස්තූතිවන්ත වෙනව මට එවැනි පද රචනයක් හා ගීතයක් ගායනා කිරීමට අවසර ලබාදීම පිළිබඳව.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මියෙනාකල් සෙනෙහේ ගීතයට රූපරචනයක් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. එළිමහන් ප්‍රසංග කීපයකට සහභාගි වීමට නියමිතයි. සැප්තැම්බර් මාසයේ ඇරෝස්ටාර් සංගීත කණ්ඩායම සංගීතවත් කරන කොරියානු සංගීත ප්‍රසංගයකට යෑමට සූදනමින් ඉන්නේ.

 

සංගීත දිවියේ ඉදිරියට යාමට අවස්ථාවක් සහ උදව් කරපු පිරිසක් ඇතිනේ?

මගේ අම්මා, තාත්තා, සමන් අයියා. පොඩ් නැන්දා ගංගා සුදර්ශනී .මගේ ආදර බිරිද නිල්මිනී රණතුංග. පොඩි අයියා, ලොකු අයියා, අක්කා, ජගත් වික්‍රමසිංහ, සංගීත් විජේසූරිය, ජයසිංහ සර්, ජීවක සම්පත්, දිලිනි තිරිමාන්න, අශාන් ප්‍රනාන්දු, දුලීක කෝදාගොඩ, නිසල් ප්‍රනාන්දු ඇතුළු මගේ යාලුවෝ හැමෝම. විදුලි බල මණ්ඩලේ ආරක්ෂක කළමනාකාර ඇතුළු සියලු සහෝදරයන්. මගේ ගමනට ලොකු අත්වැලක් වුණා. මගේ රසික රසිකාවියො සහ සියලුම පුවත්පත් හා රූපවාහිනි ආයතනවල මට අවස්ථා ලබාදුන් සියලුදෙනාට හා මගේ සංගීත දිවියට උදව් උපකාර කරපු සියලු දෙනාටම ස්තූති කිරීමට මම මේක අවස්ථාවක් කරගන්නවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

මේ ගීතය අපේ වචනෙන් කිව්වොත් බූට් සෝන්ග් එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 531 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 320 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site