අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය සඳහා නිකුත් කර තිබූ තහනම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් ඉවත් කරනු ලැබ තිබේ.
 
වැඩිහිටියන්ට සීමා වූ නාට්‍යක කොටස් මාධ්‍ය ඔස්සේ සමස්ත සමාජය වෙත මුදා හැරීම සහ අනුමත පිටපතෙහි නැති දෙබස් නාට්‍ය සඳහා යොදා ගැනීම නිසා මෙම නාට්‍ය සඳහා ලබා දුන් බලපත්‍රය  පසුගිය   17 වැනි දා යළි කැඳවූ බව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය කියයි.
 
 නාට්‍යයේ අලුත් පිටපත මණ්ඩලයේ සමීක්ෂණය සඳහා ඉදිරිපත් කිරීමෙන් පසු ‘වැඩිහිටියන්ට පමණක්‘ සීමා වූ බලපත්‍රයක් ‘මං කෙළින් මිනිහෙක්‘ පිටපතට නිකුත් කළ බව ද එම මණ්ඩලය සඳහන් කරයි.