IMG-LOGO

මේ ක්ෂේත්‍රයට මම ගොඩක් කැමතියි

මේ දිනවල ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් කිහිපයක් හරහා ඔබ දකින  නිෂි සමරවීර නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකි. පසුගිය වසරේදී නිරූපණ ක්ෂේත්‍රයට එක්වූ ඇය මේ වනවිට බොහෝ පිරිසක් දන්නා හඳුනන යොවුන් නිරූපිකාවක් බවට පත්ව සිටින්නීය. ඉදිරියේදී නිරූපිකාවකට අමතරව රංගනයට පිවිසීමේ සූදානමින් සිටින ඇය ඒ බව ‘සාරවිට’ අපට මෙසේ පැවසුවාය.

 

20161115Nishi-1නිෂි කෙටි කාලයක් තුළදී ලොකු ගමනක් ඇවිල්ලා වගේ?

නිරූපණ ක්ෂේත්‍රයට ආවේ ගිය අවුරුද්දේ. මේ වෙන කොට වැඩ ගොඩක් කළා. විශේෂයෙන්ම ගොඩක් බ්‍රයිඩ්ල් ෂෝවලට පෙනී හිටියා. නිරූපිකාවක් විදිහට විවිධ විලාසිතා දැක්මවල්වලට සහභාගී වුණා. නිරූපිකාවක් විදිහට එතැනින් නවතින්නේ නැතිව අද වනවිට මම මගේ දායකත්වය වෙළෙඳ දැන්වීම්වලට වගේම ගීත රූප රචනාවලටත් ලබා දීලා තියෙනවා. ඉදිරියේදී සූදානමක් තියෙනවා රංගනය පැත්තටත් යොමු වෙන්න.

 

මොනවාද මෑත කාලයේ ඔබව දකින්න ලැබෙන කලා කටයුතු?

ජුඩ් රොගැන්ස්ගේ ‘වෙනස් වෙලා’ කියලා මියුසික් වීඩියෝවක් කළා. දැනට ඒක විකාශය වෙනවා. ඊට අමතරව ලක්මාල් ප්‍රනාන්දුගේ ‘සොඳුරේ’ කියලා තව වීඩියෝවක් යනවා. ඒ එක්කම ‘හරි’ ක්‍රියේෂන් ආයතනය කරපු තවත් මියුසික් වීඩියෝ 2ක් සඳහා රඟපෑවා. බොහෝ විට ඉතා ඉක්මනින් ඒ ගීත දැක බලා ගන්න පුළුවන් වේවි. ‘විජය පපඩම්’, ‘ජාතික ඉතිරි කිරීමේ බැංකුව’ හා ‘ග්‍රීන්ටෙල්’ කියන වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා.

 

රඟපාන්න කැමති නැද්ද?

දැනට ආරාධනා ලැබිලා තියෙනවා. නොවැම්බර් 20න් පස්සේ තමයි ඒ ලැබුණ කලා නිර්මාණවල වැඩ පටන් ගන්නේ. නිරූපිකාවක් වෙන්න වගේම රඟපාන්නත් පුංචි කාලේ ලොකු ආසාවක් කැමැත්ත තිබුණා. දැන් ඒ ආසාවත් මගේ සඵල වෙලා තියෙනවා.

 

ඔබ ක්ෂේත්‍රයට නවකයෙක්. ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් අයට නිරූපිකාවක් කිව්වහම හිතන්නේ වැරදි අදහසක්. නමුත්, තමන් කරන දේ හරි වැරැද්ද තෝරා බේරාගෙන කටයුතු කරනවා නම් මොන ක්ෂේත්‍රයක වුණත් හොඳින් වැඩ කරන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි. ඒ හින්දා මම වැඩ කරද්දී හොඳදේ මොකක්ද නරකදේ මොකක්ද කියලා තෝරගෙන වැඩ කරනවා.

 

20161115Nishi-2ඉදිරි ඉලක්ක?

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන්න ආසයි. තව රූපලාවණ්‍ය පැත්තෙන් මගේම කියලා දේකට යොමු වෙන්නත් සැලසුමක් තියෙනවා.

 

පවුලේ අයගෙන් ලැබෙන සහාය කොහොමද?

ඔව්. මගේ නිරූපණ වැඩවලට ගෙදර කට්ටිය තමයි මට ගොඩක්ම උදවු කරන්නේ. විශේෂයෙන්ම අම්මා. ඊට අමතරව මගේ අයියයි, නංගියි දෙන්නත් ඔවුන්ට පුළුපුළුවන් විදිහට ගොඩක් උදවු කරනවා. 

 

බුද්ධික සේනාධීර 

20161115Nishi-3 20161115Nishi-4



අදහස් (0)

මේ ක්ෂේත්‍රයට මම ගොඩක් කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 496 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site