IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


මේ ක්ෂේත්‍රය තුළ මට ඉක්මන් ගමනක් නැහැ

2016-09-13-ent-05

වසර 18ක් තිස්සේ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ දකින අයෝධ්‍යා දක්ෂිකා මේ දිනවලද ටෙලි නාට්‍යය කිහිපයක් තුළින් දකින්නට ලැබේ. එකිනෙකට වෙනස් විවිධ චරිතවලින් පසුගිය කාලයේ අප හමුවට ආ අයෝධ්‍යා ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ "බ්‍රහ්ම මූර්තිය" ටෙලි නාට්‍යයේ ඉදිරිපත් කළ චරිතය තවමත් අපගේ මතකයේ පවතියි.

 

කොහොමද අයෝධ්‍යා ජීවිතේ?

2016-09-13-ent-06ටෙලිනාට්‍යය රූපගත කිරීම් එක්කම තමයි ඉතින් කාලය ගෙවිලා යන්නේ. මේ දිනවලත් ටෙලිනාට්‍යය කිහිපයක වැඩ කරනවා.

 

මේ දවස්වල ඔබව අපි දකින්නේ?

අනුරුද්ධ ජයසිංහ අයියාගේ "සමනලුන්ට එන්න කියන්න" ටෙලිනාට්‍යය තුළින් මාව දකින්න පුළුවන්. ඊට අමතරව අනුර මාධව ජයසේකරගේ "ඔය දොර අරින්න", ජෝශප් ජෙරම් "දංතූර්යා" සුදත්ත තිලකසිරිගේ "මගේ කවිය මට දෙන්න" කියන මා රඟපෑ ටෙලිනාට්‍යය ඉදිරියට එන්න තියෙනවා.

 

ක්ෂේත්‍රයට ඇවිත් දැන් ගොඩක් කල් නේද?

ඔව්, දැන් මම ටෙලිනාට්‍යය රංගනයට පිවිසිලා අවුරුදු 18ක් වෙනවා. මට අවුරුදු 08ක් වෙන කොට තමයි මම රංගන ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. ඒ ජාතික රූපවාහිනියේ විකාශය වුණ "සින්දු කියන උණපඳුර" ටෙලිනාට්‍යය හරහා. ඒ නාට්‍යයට රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේදී සම්මාන රැසක්ම හිමිවුණා. මේ කාලසීමාව තුළ මා බොහෝ ටෙලිනාට්‍යය ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.

 

මේ ගෙවුණු කාලය දිහා ආපහු හැරිලා බැලුවොත්?

ගොඩක් සතුටු වෙනවා. මොකද 2006 අවුරුද්දේ මට වසරේ හොඳම නිළිය ලෙස සම්මාන පවා දිනාගන්න ලැබුණා. ඒ වගේම අවස්ථා කිහිපයකදීම මා රඟපෑ චරිත ඇගයීමකට ලක්වුණා. මිනිස්සු අතර ආදරණීය චරිතයක් බවටත් මම පත් වුණා. මම ආවේ හෙමින් ගමනක්. ඉදිරියටත් මේ ගමන මේ විදිහටම යනවා.

 

ඔබ දැන් වෘත්තීය මට්ටමේ නිළියක්ද?

ඔව්. දැන් මම වෘත්තීය මට්ටමේ නිළියක්.

 

ටෙලිනාට්‍යයවල දැක්කත් අපි ඔබව සිනමාව හරහා දැක්කේ අඩුවෙන්?

ඔව්, මා සිවදාසන් මහත්මයාගේ "දෝණි" චිත්‍රපටයේ පමණයි රඟපෑවේ. ටෙලිනාට්‍යවල දැක්කත් මගේ රඟපෑම් සිනමාව තුළ දකින්න ලැබුණේ අඩුවෙන්.

 

ඔබ දායක වුණ ටෙලි නිර්මාණ අතරේ සිත්ගත් චරිත තියෙනවාද?

මා දැනට දායක වුණ හැම ටෙලි චරිතයකටම ගොඩක් කැමතියි. නමුත්, ප්‍රේක්ෂයන් අතර මා වඩාත් ජනප්‍රිය වුණේ "බ්‍රහ්ම මූර්තිය" ටෙලි නාට්‍යයේ "යාපා" කියන චරිතය. ඒක මා රඟපෑ චරිත අතරින් වෙනස්ම චරිතයක් කියලා කියන්න පුළුවන්.

 

ආස කරන ටෙලි චරිතයක් තියෙනවාද ඉදිරියේදී රඟපාන්න?

මට චරිතය ලොකුද? පොඩිද? කියලා නෑ දෙයක් කරන්න පුළුවන් ඕනෑම චරිතයක් මම භාරගෙන වැඩ කරනවා. මොකද රංගන ශිල්පිනියක් කිව්වාහම විවිධ චරිත ලැබෙනවාට තමයි කැමතියි.

 

ඉලක්ක තියෙනවාද?
නැහැ. ලොකු ඉලක්ක මගේ ගමනේ නැහැ. මට ඕනෑ කරන්නේ මට ලැබෙන චරිතයකට උපරිම දායකත්වය දීලා ඒ චරිතයට සාධාරණයක් කරන්න. මම රංගනයට දක්ෂයි. ඉතින් ඒ දක්ෂතාව මට ලැබෙන හැම චරිතයකටම ලබා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මට මේ ක්ෂේත්‍රය තුළ ඉක්මන් ගමනක් නැහැ. ඉතින් මේ ගමන සුපුරුදු විදිහටම හෙමිහිට යනවා.

 

මතක් කරන්න අවශ්‍ය අය?

මේ අවුරුදු 18 තුළදී මම හැම කලා කටයුත්තකටම දායක වුණේ මගේ අම්මාත් එක්ක. මගේ අම්මා මා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. ඇයව විශේෂයෙන්ම මේ මොහොතෙදී මතක් කරන්න ඕනා. ඒ වගේම මගේ තාත්තාවත් මතක් කරන්න ඕන. මේ ක්ෂේත්‍රය තුළදී විවිධ අය මට උදව් කළා. නම් නොකිවාට ඒ සියලු දෙනාවත් මේ වෙලාවේදී මතක් කරන්න ඕන.

 



අදහස් (0)

මේ ක්ෂේත්‍රය තුළ මට ඉක්මන් ගමනක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site