(බිඟුන් මේනක ගමගේ)
අසංක සායක්කාර අධ්‍යක්ෂණය කළ "මං කෙලින් මිනිහෙක්" වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය කටයුතු කර ඇත.
නාට්‍ය සම්බන්ධයෙන් කෙරුණු පැමිණිල්ලක් මත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව හෙට (18) බොරැල්ල පුංචි තියටර්හිදී හා අනිද්දා (19) දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව පැවැති දර්ශන වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි නාට්‍ය අධ්යක්ෂ අසංක සායක්කාර මහතා පැවැසීය.
වාමාංශික දේශපාලඥයෙකු තම අනියම් පෙම්වතිය සමඟ කරන කතාබහක් මෙම වේදිකා නාට්‍ය ට වස්තු විෂය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.
හරිනේ ඉතින්, සම්පූර්ණ සාධාරනයිනේ නාට්‍ය නවත්තපු එක, කෙලින් මිනිස්සු ඉන්නවද ලංකාවේ???
ලංකාවේ ඉන්නේ වමට සිග්නල් දාලා දකුණට යන වාමාංශිකයෝ
නරකද ටෙලි නාට්‍ය වලට ඔය වගේ පාලක මණ්ඩලයක් දැම්මොත්? දැනටම එහෙම අය ඉන්නවද කියලා නම් දන්නේ නෑ. ඉන්නවා නම් ඒ අය කිසිම වැඩක් කරන්නේ නෑ කියලා නම් දන්නවා. රුපවාහිනියේ පෙන්නන නාට්‍ය තෝර තෝර මිනිස්සු බලන්නේ නෑ නේ. ඒවා පෙන්නන්න කලින් තෝරන්න ඕන. මගේ අදහස අනුව නම් දැන් පෙන්නන සමහරක් ටෙලි නාට්‍ය නිසා සමාජෙට ලොකු හානියක් වෙනවා. උදාහරණ විදිහට හැම නිතරම පැරදිලා අඩන චරිත, පාසල් ඇදුමින් පෙම් කරන චරිත, වෛරය පැතිරෙන විදිහට නිතර නිතර රණ්ඩු කරන චරිත රුපවාහිනියේ පෙන්නන එක වැරදියි කියලයි මගේ අදහස.
මේ නාට්‍යයට පාදක වෙන්නේ .. පුංචි අම්මාට පෙම්කල ඥාති පුතෙක් පිළිබඳ ...
මේ නාට්‍ය නම දල තියෙන විදියම ළමයෙක්ට බලන්න බැරි බාල විදිහේ එකක් ! මේවා මාකටින් ට්‍රික්!
බණ්ඩාරගේ අදහස මඩ ගැහීමක් නම් ඔබේ දින වහල් මානසිකත්වය ඉස්මතු වීමක් තමයි ඒ, මොනතරම් පහත් අදහසක්ද?
කොහොමත් කෙලින් මිනිසුන්ට මෙරටේ ඉඩ නැත ඒ වුනාට කෙලින මිනිසුන්ට බොහොම ඉඩ ඇත.
රටේ සිංහල බෞද්ධ පදනම විනාශ කලයුතුය... යන අදහස මුදුන්පත් කරගැනීමට කරන වෑයමේ තවත් උත්සාහයක් නාට්‍යානුසාරයෙනි.