IMG-LOGO

'මේ ආදරය' තුළින් කරළියට එන නිලංග ප්‍රනාන්දු

2016-09-23-ent-24

වෘත්තීමය වශයෙන් පරිගණක පිටු සැකසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරන නිලංග ප්‍රනාන්දු කලාවට ආදරය කරන පුද්ගලයෙකි. පසුගියදා ඔහුගේ නවතම ගීතය එළිදැක්විණි. ඒ පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙස එක්විය.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-09-23-ent-26මගේ නම නිලංග ප්‍රනාන්දු. මම වෘත්තීයෙන් කරන්නේ පරිගණක පිටු සැකසුම් ශිල්පියෙක් ලෙස සේවය කරන එකයි. ඊට අමතරව සංගීතයත් කරගෙන යනවා.

 

වෘත්තීමය වශයෙන් රැකියාවක් කරන ගමන් සංගීතයට එකතු වෙන්නේ ඇයි?

පාසල් කාලයේ ඉඳන්ම සංගීත කටයුතු සඳහා සහභාගී වූණා. ඊට පස්සේ දැනට ‘ලා ස්කාලා’ ගායනා කණ්ඩායමේ ගායකයෙකු වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව තවත් සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදකයා සහ ප්‍රධාන ගායකයා වශයෙන් කටයුතු කළා. වෙනත් සංගීත කණ්ඩායම්වල ගායකයෙකු වශයෙන් කටයුතු කරනවා.

 

සංගීත කණ්ඩායම් ජීවිතය ඇරඹෙන්නේ කොහොමද?

මම සංගීත කණ්ඩායම් සඳහා එකතු වෙන්නේ උසස් පෙළින් පසුවයි. ඒ 2007 වර්ෂයේදීය.

 

පාසල් කාලයේ සිටම තිබුණු ආසාවද සංගීතය කරන එක?

පාසල් කාලයේ ඉඳලම පාසල් මට්ටමේ ගායනා තරගවලට දායක වෙලා ජයග්‍රහණ ලබා ගත්තා. ඉතිං ඒ දේවලුත් එක්ක තමයි සංගීතය පිළිබඳව තිබෙන උනන්දුව වැඩි වුණේ.

 

මේ වනවිට නිකුත් කර ඇති ගීත ගැනත් කිව්වොත්?

මගේ පළමු වෙනි ගීතය තමයි ‘මේ ආදරය’ කියන ගීතය. පළමු ගීතයට රූප රචනාවකුත් ඉදිරිපත් කළා. ඊට පස්සේ මම දෙවැනි ගීතය ලෙස ‘තරු ඇවිලෙන රාත්‍රියක්’ ගීතය හඳුන්වන්න පුළුවන්. තවත් ගීත දෙකක් කරගෙන යනවා. ඒ දේවල් ඉදිරියේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

නවතම ගීතය පිළිබඳව වැඩිදුරටත් කතා කළොත්?

ඒ ගීතය රචනා කළේ සශී ප්‍රබා රණසිංහ විසිනි. සුපුරුදු පරිදි ආදරේ වියෝවෙන් හුදෙකලා වෙච්ච කෙනෙක්ට රාත්‍රී කාලයේ දැනෙන් සිතුවිලි ගැන තමයි කතා කෙරෙන්නේ. ඒ ගීතය සංගීතවත් කළේ මහින්ද බණ්ඩාර. එතුමත් ලොකු සාධාරණයක් ගීතය සඳහා ඉෂ්ට කරලා තියෙනවා.

 

ලැබෙන ප්‍රතිචාර කිව්වොත්?

නව රැල්ලේ ඇති ගීතයන්ට වඩා වෙනස් ගීතයක්. විවිධ අය විවිධ ලෙස ප්‍රතිචාර දක්වනවා.

 

නවතම රැල්ල ලෙස අදහස් කළේ?

අද කාලේ වැඩියෙන්ම තියෙන්නේ විරහව කියන ගීතයන්. මේ ගීතයත් විරහ ගීතයක් වූණත්, දැන් තියෙන ගීත වගේ අඬන රැල්ලට නොගිහින් තිබෙන ගීතයක් කියලා කියන්න පුළුවන්.

 

ඉදිරි ගීත ගැන කිව්වොත්?

ඒ ගීත දෙකත් ආදර ගීත දෙකක්. එකක් තාල රූප ආයතනයෙන් කරන ගීතයක්. අනෙක් එක මගේ ඉතාලියේ යාළුවෙක් විසින් කරනු ලැබූ මෙලඩියක්. අපි ඒ ගීතය ගායනා කරලා ඉවරයි. ඉදිරියේදී එළිදක්වන්න කටයුතු කරනවා.

 

නවක ගායික ගායිකාවන් අතර ඇති තරගකාරීත්වයත් සමග ඔබේ ගීතයන් තුළින් ඉදිරිගමනක් තියෙනවාද?

තරගකාරීත්වයක් තිබුණත් රැල්ලට යන්න නම් බලාපොරොත්තුවක් කොහේත්ම නැහැ. යම්කිසි තේරුමක් ඇති නිර්මාණයක් කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ.

 

උදව්කරපු පිරිසක් ඇති නේද?

මුලින්ම මගේ දෙමව්පියන්. සහෝදරියන් දෙදෙනා. නෑදෑයන් ගොඩක් උදව් කරනවා. ඊට අමතරව යාළුවන්, විශේෂයෙන්ම සංගීත ගුරුවරයා වන ලසන්ත ප්‍රනාන්දු මතක් කරනවා. ඊට අමතරව ලක්සිරි වීරසිංහ සහෝදරයා සහ මට සහයෝගය ලබා දුන් හැමෝටම ස්තූති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 

2016-09-23-ent-25

 



අදහස් (0)

'මේ ආදරය' තුළින් කරළියට එන නිලංග ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site