සීනිමෝදර මුහුදු මාවතේ පදිංචිව සිටි එල් එම් අන්ද්‍රියන්හාමි (62) 1989 භීෂණ සමයේ මරා දැමීයැයි වැරදිකරුවන් වූ හත් දෙනකුට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද මරණ දඩුවම නියම කළාය.
1989 මාර්තු 19 වැනි දා 11 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔහු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමූ බව නඩුවේදී කියැවිණි. ඉන් නව දෙනකු අතඅඩංගුවට ගෙන තිබුණු අතර දෙදෙනකු මිය ගොස් සිටි නිසා ඉතිරි පිරිසට එරෙහිව නඩුව විභාග විය.
රතුබදුගේ විල්සන්, ආර් එන් ප්‍රියන්ත, ඩබ්ලිව් එච් විමලසේන, ඩබ්ලිව් එච් ප්‍රදීප් ප්‍රියන්ත, ජී එච් ප්‍රදීප් ප්‍රියන්ත, ඒ ජී රාහුල සහ එල් එම් සරත් ඔවුහුය.
අධිරණය මග හැර සිටින රාහුල සහ සරත් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටලන්ද ගැන මෙතන කතාකරන අය ඒ සිදුවීම ගැන නඩුවක් මහින්දගේ කාලයේ තිබුන බව දන්නවද? ඒකේ තීරණය මොකක්ද කියලා දන්නවද? (නි)
නඩුව අහන්න අවුරුදු 25ක් ගිහින්. සාක්ෂිකරුවන්ට වෙච්ච දේවල් අමතක නොවුනා නම් තමයි පුදුම.(කෞ)
බටලන්දේ මාමා තාම අත්තඩංගුවට ගත්තේ නැතිද?(කෞ)
මේ විදියට ඒ කාලේ මරාදැමුණ දස දහස් ගණනකට සාධාරනය ඉටුවුණොත් නරකද? (නි)
ජවිපෙ, එජාප, ප්‍රා, කළු බළල්ලු, කොළ බළල්ලු ආදින් විසින් මහමඟ, වද කඳවුරු වල මරාදැමුණු දස දහස් ගණනක් වන සිංහල තරුණ තරුණියන්ගේ ජීවිත වලට සාධාරනයක් කොහිද? (නි)
හොඳ තීරණයක් (නි)
සාක්ෂිකාරයෝ ජීවතුන් අතර සිටි නිසා හොඳයි.... (නි)
හොඳ තීන්දුවක් (නි)
ඒකටත් පෙත්සමක් අත්සන් කරන්න, උසාවියේ කෑගහලා හිරේ යන්න කවුරුවත් නැද්ද? (නි)
මෙහෙම තීන්දු දෙන එක හොඳයි අනෙක් අයටත් ආදර්ශයක් වෙන්න (නි)
මේවා ඉස්සර කරපු වැරදි. මේවා කාටවත් මතක නැති ඒකයි (නි)