ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් මෙහෙයවන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට යන භාෂා සංගායනාවේ මූලික සාකච්ඡාවක් අගෝස්තු 30 වැනි දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් දී පැවැත්විණි.
සිංහල භාෂාව වැරදියට භාවිතා කිරීම වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව විවිධ අදහස් හා යොජනා එහිදී ඉදිරිපත් විය.
භාෂා ක්ෂේත්‍රයේ විද්වතුන්ද මාධ්‍ය ක්ෂේත්‍රය් ප්‍රවීනයන්ද ඇතුළු පිරිසක් මෙයට සහභාගී වූහ.
මාධ්‍ය තුළ භාෂාව වැරදි ලෙස භාවිතා කරන ආකාරය කතාබහට ලක් වූ අතර එය මගහරවා ගැනීම අනිවාර්ය බවත් ඒසඳහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ විය.
නිවැරදි භාෂා භාවිතය පාසල් මට්ටමෙන් ආරම්භ විය යුතු බවත් මේ වන විට භාෂා ව්‍යවහාරය ඉතා බරපතල අන්දමින් විකෘති වේගෙන යන ආකාරය අධ්‍යාපන බලධාරීන්ගේ ඇඩි අවධානයට යොමු කොට ඒ මගින් නිවැරදි බස් වහර ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතු බවත් අවධාරණය විය.
මෙම භාෂා සංගායනාව සැප්තැම්බර් 20,21 හා 22 යන දිනවල පැවැත්වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩක්. නෑ නෑ වැරදුනා. යහපාලනේ නිසා සිංහල ගැන බලන්න බෑනේ. දෙමළ හරි අරාබි හරි නම් බලන්න තිබුණා. (බ)
විද්වතුනි, මහත්වරුනි, පටන් ගනිමු එෆ්එම් නාලිකා වලින්..(බ)