බෞද්ධ භාවනාව සහ ස්නායු වෛද්‍ය විද්‍යාව අතර පවතින විද්‍යාත්මක සබඳතාවය අවබෝධකර දීමට ඇමෙරිකා ජාතික භන්තෙ විමලරන්සි මහ තෙරුන් වහන්සේ පවත්වන දේශනය 22 දා කොළඹ 05 ලෙස්ටර් පේම්ස් පීරිස් මාවතේ පිහිටි ‘ලයිට් ඔෆ් ඒෂියා‘ පදනමේ පැවැත්වේ.
මේ දේශනය දෑරංගල කුසලඥාන හිමියෝ සිංහලට පරිවර්තනය කරති.
භාවනාව හා ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණය සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය වෛද්‍ය රනිල්ද සිල්වා සහ මොරටුව විශ්ව විද්‍යාලයයේ තොරතුරු තාක්ෂණ අංශයේ ආචාර්ය ලෝචන්දක රණතුංග යන මහත්වරු මෙහිදී අදහස් දක්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවරු දේශපාලනය කරනකොට මේ හාමුදුරුවරු දැනුම වැඩි කරගෙන අපිට බෙදනවා. නියම බෞද්ධකම.(නදි)
ඒක ඇත්ත.හැමදේකටම භාවනාව වැදගත් වෙනවා.(හේ)
හොද දෙයක්...ඕය ක්‍රමය ඇවිත් අවුරුදු 2500 ට වැඩියි.(හේ)
භාවනාව යනු හිත එක්තැන් කිරීමද ? මෙයට ආගමක් අවශ්‍යද ? (නදී)
අපේ අැත්තන් බුදු දහම දැනගත්තත් එයින් තම ජීවිතය සතුටු දායක කරගන්නා විදිහ නොදනී. පරසිදු දේශකයන් වහන්සේලා ද ඒ ගැන උනන්දුවක් නැත. ඒ අය තම හැකියාව පෙන්වනවා පමණි. ඒ බැවින් මෙම වැඩසටහන වැදගත් වේයැයි සිතමි. (නදී)
භාවනාවෙන් ගොඩක් මනස නිරවුල් කරන්න පුළුවන් (අ)
මේ භික්ෂූන් වහන්සේ බුදු දහම හොඳින් වටහා ගත් යථිවරයෙක් . (අ)
හැම ආගමකම මිනිසුන් සහභාගි කර ගැනීම හොදයි.(හේ)