බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ වැඩමුළුවක් ප්‍රංශයේ ඉපැරණිම බෞද්ධ සංවිධානය පසුගිය දා පැවැත්වීය.
වැඩමුළුව මෙහෙයවන ලද්දේ ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධවිහාරධිපති පුජ්‍ය තවලම ධම්මික නාහිමියන් විසිනි.
යුරෝපයේ ලද ප්‍රථම ථෙරවාද බෞද්ධ සංවිධාන අතර එකක් වන ප්‍රංශයේ බෞද්ධ මිත්‍රයෝ ආරම්භවී ඇත්තේ එක්දහස් නමසිය තිස් ගණන් වලදීය. මේ නිසා ථෙරවාද බුදුදහම කෙරෙහි උනන්දුවක් පෙන්වූ පුරෝගාමී යුරෝපා ජාතීන් අතරට ප්‍රංශ ජාතිකයෝද එක්වෙති.
මෙම සංවිධානයේ මුලිකත්වයෙන් පිහිටුවා ගත් ප්‍රංශ බෞද්ධ විශ්ව විද්‍යාල ආයතනය මඟින් පැරිස් නුවරත් පොදුවේ ප්‍රංශයේ අනෙකුත් පළාත් වලත් බුදු දහම පිලිබඳ සාකච්ඡා, සම්මේලන, සම්මන්ත්‍රණ සන භාවනා වැඩසටහන් සංවිධානය කරයි. එය යුරෝපයේ බුදු දහම ප්‍රචලිත කරවීම සඳහා වැඩකටයුතු කරනු ලබන ඉපැරණි ආයතනයකි.
මෙම වැඩපිළිවෙල යටතේ එම සංවිධාන මුලස්ථානදී පසුගියදා බෞද්ධ භාවනා ක්‍රම පිලිබඳ ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වීය.
මේ සඳහා එම ආයතනයේ අධ්‍යක්ෂ ඩොමිනික් ටෝත්තිනොන් ඇතුළු පිරිසක් සහභාගීවුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේ යුරෝපා දහම් ප්‍රචාරණයට වඩාත් සුදුසු උගත් නාහිමි කෙනෙක් . මගේ පුජනිය උපහාරය (දී)
ආචාර්ය තවලම ධම්මික නායක හාමුදුරුවන් වහන්සේ වැනි උගත් තරුණ යතිවරයන් වහන්සේලා යුගයේ ශාසනික මෙහෙවර තේරුම්ගෙන කරන කෑප්කිරිම සදා වන්දනීයයි. (අ)
ආචාර්ය තවලම ධම්මික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උගත් ශික්ෂා කාමී බෞද්ධ යතිවරයෙක්. භාෂා කිහිපයක දැනුමත් ඒ දැනුම ඔස්සේ යුරෝපීය උගත් ජනතාවගේ බෞද්ධ දර්ශනය හා භාවනාව පිළිබඳව ඇති දහම් පිපාසය නිවන්න මෙතුමා දරන ප්‍රයත්නය ප්‍රශංසනීයයි.(දිල්)