(ශිරාන් රණසිංහ)
අලූතින් දුම්රිය මැදිරියක් මිලදී ගැනීමට රුපියල් මිලියන 60ක් වැයවන නිසා රුපියල් බිලියන 200ක මුදලක් වැයකර භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි දෙසීයක් අලූත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව අරඹා තිබේ.
මෙම ව්‍යාපෘතිය පෞද්ගලික සමාගමක් විසින් සිදුකරන අතර මේ වනවිටත් දුම්රිය මැදිරි 30 ක් නවීකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
තවත් දුම්රිය මැදිරි හැටක් නවීකරණය කරමින් තිබෙන අතර නවීකරණය කළ දුම්රිය මැදිරියක් වසර පහළොවක් පමණ භාවිත කළ හැකි යැයි එම සමාගම වගකීම් සහතිකයක් ලබාදෙමින් කියා ඇත.
මෙම දුම්රිය මැදිරි නවීකරණය කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (17) දෙමටගොඩ ආරාම පාරේ පිහිටි අංගනය වෙත පැමිණියේය.
මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ දුම්රිය මැදිරි 200ක් නවීකරණය කරන අතර ඒ සඳහා රුපියල් බිලියන 2.4ත මුදලක් පසුගිය අයවැයෙන් ලබා දී ඇත. අංගන නවීකරණය කළ පසු තිරිංග සහ ස්වයංකී‍්‍රය ඇමුණුම් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදියට නවීකරණය කරපු මැදිරියක් නේද මෑතක අපේ අයියලා විනාශ කරලා තිබ්බේ. මිනිස්සුන්ගේ ආකල්ප නවීකරණය කරලා ඉන්න ඕනෑ සියල්ලටම කලින්.
මේ කරන වැඩේ හරි අපරාදයක්. නිකන් මුදල් නාස්ති කරනවා. අනිත් රටවල් අලුත් තාක්ෂණයත් එක්ක යද්දී අපි පරණ යකඩ ගොඩවල් එක්ක දඟලනවා. මේවා කොච්චර අලුත්වැඩියා කෙරුවත් නිතරම දෝෂ එනවා. එතකොට හොඳ දුමරිය සේවාවක් පවත්වා ගෙන යන්න අමාරුයි වගේ.. රටවල් කාලයක් පාවිච්චි කරලා ඉවත් කරන්නේ එ්කයි. මැති අැමැතිලාට අලුත් වාහන ගන්න පුළුවන් නම්, අලුත් දුම්රිය මැදිරි ගෙන්වන්න බැරි ඇයි? නැත්නම් මැති ඇමතිලත් අලුත් වාහන ගෙන්වන්නේ නැතුව අලුත්වැඩියා කරපු වාහන පාවිච්චි කරන්න ඕනෑ.
අගය කරමි. කොතරම් කාලයක් වගකීම් දුන්නත්, කාලකන්නි රියදුරන්ගෙන් ආරක්ෂා කිරීම කළ යුතුය.
අලුතින් දුම්රිය මැදිරියක් මිලදී ගැනීමට රුපියල් මිලියන 60ක් රුපියල් බිලියන 200ක මුදලක් වැයකර භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි දෙසීයක් අලූත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක්.. මේක ගණන් වැරදීමක්ද? අලූතින් දුම්රිය 200 මිලියන 60න් වැඩි කලවිට මිලියන 12,000ක්.. ඒ කියන්නේ බිලියන 12 ඇයි බිලියන 200ක් පරණ ඒවා හදන්නේ... මේ මුදලට අලූතින් දුම්රිය 3333 ගේන්නන් පුළුවන්නේ?
විදේශිකයෝ හිනා වෙනවා අපේ රටේ දුවන අවුරුදු 50 60 පරණ යකඩ ගොඩවල් දැකල. මේවා විසි කරලා දාල අති නවීන අධිවේගී දුම්රිය පද්ධතියක් රටේ ස්ථාපනය කරන්න කාලේ හරි. ඔක්කොම වර්ජනය කරනවා වගේ රටේ මිනිස්සුත් දැන් යල්පැනපු මෙම සේවාවල් වර්ජනය කරන්න ඕන බලධාරීන්ගේ ඇස් ඇරෙන්න.
පැරණි දුම්රිය අළුත්වැඩියා කිරීම නාස්තියක් බවට කීපදෙනෙක් අදහස් දක්වා තිබුනා. අමතක කරන්න එපා අදටත් අවම නඩත්තු පිරිවැයකින් ධාවනය වන්නේ 1956-1960 වර්ෂ වල මෙරටට ගෙනා දුම්රිය එන්ජින් බව 1990 ගනන් වල ඉතා විශාල මුදලක් වැය කර ගෙනා ප්‍රංශ එන්ජින් අද දකින්නවත් තිබේ ද? මොකද අද වගේ නෙවෙයි එදා හිටපු පාලකයෝ සහ නිලධාරීන් මෙරටට ගෙන්වා ඇත්තේ රටට ගැලපෙන දේ මිස වැඩිම කොමිස් මුදලක් ලැබෙන දේ නොවේ. 1970-80 දශක වල ගෙනා දුම්රිය මැදිරි අදටත් අළුත්වැඩියා කලහැකි තත්වයේ තිබේ. එහෙත් මෑතකදී චීනයෙන් ගෙන්වා උදයදේවී දුම්රිය ධාවනය ට යොදා තිබූණ මැදිරි දැන් ධාවනය කල නොහැකිව නැවතත් පැරණි රුමේනියානු මැදිරි යෙදවීමට සිදුව තිබේ.
අනේ ඇත්තට අපිට තවම කොච්චි පෙට්ට්යක් හදා ගන්න බැනේ.මීට කලින් හදපුවා විනාස කරපු නිසා මේවට ඉස්ප්යි කැමරා කීපයක් සෙට් කරන්න .ඒතරම් ගානක් යන්නේ නැනේ .