අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාව අබියස හඳුන්කුරු, පහන් දැල්විම නිසා පිළිම වහන්සේ මත බැඳ ඇති බඹර වදයේ සිටින බඹරුන් ඇවිස්සීම හේතුවෙන් එදා සිට මේ දක්වා දහසකට අධික සංඛ්‍යාවක් බඹර ප්‍රහාරවලට ලක්ව ඇතැයි කියති.
කිහිප විටකදීම පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පැමිණ මෙම බඹරුන් ඉවත් කළද නැවත එම සතුන් පැමිණෙන අතර මෙම වසරේද බඹරුන් 4 වතාවක් අවුකන බුදු පිළිමයේ වද බැඳි අතර 4 වතාවේදීම එය ඉවත් කළ බවත් නැවත එහි බැඳි බඹර වද නිසා බැතිමතුන් අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා විහාරාධිපති වෙල්ලියේ ධම්මකිත්ති හිමියන් ගල්නෑව පොලිස් ස්ථානාධි මගින් බිඟු සම්පත සුරැකිමේ සංවිධානයේ නිලධාරින් දැනුම්වත් කර ඔවුන් හා මහවැලි අධිකාරියේ නිලධාරින් සමග අලුතින් බැඳ ඇති බඹර වද ඉවත් කෙරිණි.
කිසිදු සතකුට හෝ මිනිසකුට හානියක් නොවී එම වද ඉවත් කිරිමට බිඟු සම්පත සුරැකිමේ සංවිධානයේ නිලධාරින් සමත් වු බවත් එම බඹරුන් නිරුපද්‍රිතව අල්ලා වනයට මුදා හැරි බවත් විහාරාධිපති හිමියෝ කීහ.
නමුත් මේ සඳහා ස්ථිර විසදුමක් කිසියම් පිරිසක් ලබා දෙන්නේනම් එය මහත් අගය කරන බවද ඒ හිමියෝ පැවසූහ.
බිඟු සම්පත සුරකිමේ සංවිධානයේ සංවිධායක හා ප්‍රධාන තාක්ෂණ ශිල්පි තුෂාර මහින්ද, ලේකම් තිස්ස බංඩාර මහත්වරු ඇතුළු එම සංගමයේ කාන්තා නිලධාරින් ද මෙයට එක්වූහ.
ක්‍රි.ව. 12 වන සියවසේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් අවුකන පිළිමය කරවා ඇතැයි ඉතිහාසයේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘භවත් මුනිඳු රුව අවුකන නෙළාලා : යන්නන් බඹරු දුක් මැසිවිලි කියාලා‘
දුමින්ද Wednesday, 05 August 2015 07:04 AM
බිගු සම්පත් විනාශ වීම ආහාර හිඟයට හේතුව වේ (ම)