රංජන් කස්තුරි
භූමිතෙල් මිල ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට රුපියල් 101 ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 ත් 80 ත් අතර මිලකට නියම කරන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ධීවර හා අඩු ආදායම්ලාභී ජනතාවට සහයක් සැලසීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි එම පියවර ගෙන තිබේ.
භූමිතෙල් සහන මිලට ලබාගෙන ඇතැම් පිරිස් අක්රමිකතාවල යෙදෙන බවට හා වාහනවලට වොදවන බවට පැමිණිලි ලැබී ඇති හෙයින් භූමිතෙල් මිල ඉහළ නැංවීමට ඉකුත් දා රජය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ප්‍රතිපත්තියක් නෑ.. වැඩි කරනවා , අඩු කරනවා.. අනේ මන්ද..මගේ රටට වුණ දෙයක්
පෙට්‍රල් වලටත් කරන්න තිබුනේ මේ සූත්තරයමයි. ලීටරය 118 තිබුන එක 198 කරලා සුමාන දෙකකින් 138 කලානම් මිනිස්සු බනින්නේ නැහැ.
ලෝක වෙළඳ පොලෙ බොර තෙල් මිල සෑහෙන්න අඩු වෙලා දැන්.
30, 100 දක්වා වැඩි කරලා නැවත 70 දක්වා අඩු කරනවා. හරිම ලේසියි. යහපාලන තියරිය...
ලංසා උද්ඝෝෂණය කරනවා කියලා තර්ජනය කරනවා කිව්ව ගමන් ආණ්ඩුව බයවෙලා අප්පා...
ඔව් ඇත්ත, බස්වලට අපි බලන් ඉන්න විටම භූමිතෙල් ගහනවා. අනන්ත වාරයක් බස්වලට භූමිතෙල් ගහලා ඉවර වුනාම අපි හිස් කෑන් එක නැවත අරගෙන ගෙදර ගිය වාර අනන්තයි. අැයි රජයට මොලයක් නැද්ද බබෙක් වගේ කතා කරන්නේ? පිරවුම් හල්වලට දන්වන්න පුළුවන්නේ බස් වලට භූමිතෙල් ගහන්න එපා කියලා.. ඇයි භූමිතෙල් වලින් දුවන බස් වල රූට් පර්මිට් එක අවලංගු කරන්න බැරි? මේවා සියල්ලන්ගේම වංචා, රුපියල් 44ක් වූ භූමිතෙල් ලීටරය රුපියල් 4කින් වැඩි කලා නම් හිත හදා ගන්න තිබුණා. 1948 සිට 2018 දක්වා දිනෙන් දින සෑම දෙයක්ම මිලෙන් වැඩි වුනා මිස, අඩු කරන්න තරම් දක්ෂයෙක්, බුද්ධිමතෙක් කවදා බිහිවෙයිද? එහෙම දෙයක් වෙයිද? පුළුවන් නමුත් එය කල හැක්කේ අපිටම පමණි.
ගැරඬි විරෝධය පළ කරයි...
සාමාන්‍ය ජනතාව එකමුතු වුනොත් දිනන්න පුළුවන්. නමුත් පාට කණ්ණාඩිවලට යට වෙලා කිසිවක් කල නොහැක. අනික සාමාන්‍ය ජනතාව එකමුතු වෙන්න දෙන්නේ නැහැ මේ දේශපාලකයෝ. හැම පාලකයාම එහෙම තමා.