භූමි පාළුවක් ඉවත් කිරීම සදහා යැයි කියමින් පිළීයන්දල ඇරැව්වල වෙරළුගස් හන්දියේ නිවසක වළක් කපා වලට බැස පස්වලින් වසා ශාන්ති කර්මයක් කරමින් සිටි මනෝ විද්‍යා උපදේශකයෙකු හා පෞද්ගලික පන්ති ගුරුවරයෙකු අද අළුයම වළ ඇතුලේම මියගොස් සිටි බවට පොලීසියට පැමිණිලි කර ඇත.
තවත් ගුරුවරයෙකුගේ ගෙදර පැවත්වීමට තිබූ මෙම ශාන්ති කර්මය පෙර දින නොපැවත් වූයේ එය එතන කළේ නම් ගෙදර අයෙකුට හෝ ශාන්ති කර්මය කළ තැනැත්තා හෝ මරණයට පත්වීමට ඉඩ ඇතැයි පවසමිනි.
වළ වසාගෙන පැය දෙක හමාරකට පසු වළ ඇතුලෙන් කඩුවක තුඩක් උඩට ආ විට පස් ඉවත් කරන ලෙස උපදෙස් දී ඔවුන් වළේ වැතිරී ඇත.
කඩුව පැය තුනකට පසුවත් උඩට නොපැමිනි නිසා ගෙහිමියන් වළ හාරා ඇත.
සිහි නැතිව සිටි මැක්ෂීම් කස්ත්‍රෝ(32) රෝහලට ගෙන ගිය බවත් ඔහු මියගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවසූ බව පොලීසිය කියයි.මෙම භූමි පාළුව කැපීම සඳහා ඉදිරිපත් වු ගුරුවරයා මෙවැනි ගුරුකම් රැසක් කැර ඇතැයි කියති.එම නවසේ පදිංචිකරුද ගුරුවරයෙකි .ඔහුගේ මිතුරෙකි. මිතුරාගේ වැඩක් නිසා ගුරුකමට ගන්නා කළමනා වෙනුවෙන් ගෙහිමියා රුපියල් දහඅටදාහක් පමණ වැය කැර ඇත.ඔහු වළට බැස දිගා වී සිටියදී උඩින් ලෑලි තබා ඒ මත පස් දමා පස් ගොඩට ගිනි තබන ලෙස කියා ඇත.
පරීක්ෂණ සඳහා ගිය පොලිස් නිලධරයකු පැවසුයේ වළේ ලෑලි හා පස් ඉවත් කැර පැය කිහිපයක් ගත වීමෙන් පසුවද එම වළෙන් සැර වායුවක් දැනෙන බවයි.
ශාන්ති කර්මයට ගත් දෙබිඩි පූසෙකු සහ කපුරු ඇතුළු පූජා භාණ්ඩද වළේ තිබූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකාද මේ දෙබිඩි පූසා? (නි)
මම මේ කෙනාගේ තාත්තව දන්නවා. ඉතාමත් හොඳ නිහතමානී දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම මේ පුද්ගලයත් පාසල් යාලේ කලේ ඉගනීමට ඇති දක්ෂයෙක්. මේ වෙන කිසිදෙයක් නෙවෙයි පෙර කර්ම. (නදී)
දෙබිඩි යනු එකට ඇලී ඉපදුන නිඹුල් ලු. දෙබිඩි පුසෝ අපි නම් පින්තුරේක වත් දැකලා නැහැ දෙබිඩි පුසෙක් ඉන්නවනම් ඌව ආරක්ෂාකර සතුන් වත්තට හෝ බාරදිය යුතුයි (දී)
මෙවැනි මෝඩ වැඩ කරණ, සහ කරවන, මිනිස්සු ඉන්න පුදුම රටක් මේක? (නදී)
මනොජ් මහත්තය ලොකයේ රටවල් කීයකට ගිහින් තියනවද?(නදී)
මේ වගේ සිද්ධි මම හෙළාදකිමි. (නි)
බීඩි දෙකක් පමණක් බොන පූසන්ද දෙබිඩි පූසන් ලෙස අර්ථ දක්වන්නේ? (නි)
ටීන් , නොදන්නා දේවල් කියන්න එපා. මෝඩකම පෙන්නන්න එපා ඔහොම. ගොබිලට තැන්ක්ස් දෙබිඩි පූසා ගෙන හරි විස්තරේ කිව්වට. (දී)
දැන් ලංකාව අප්‍රිකානු ගෝත්‍රිකයින් ඉන්න රටවල් වගේ.(නදී)
කවුද අනේ මේ දෙබිඩි පුසා කියන්නේ (දී)
තවත් කෙනෙකුට ගුරුහරු කම් ඔවා දෙන අය කරගන්න මෝඩ වැඩ. මෙහෙමත් මිනිස්සු.(නදී)
සත්‍යපාලගේ කතාවට මට හුඟක් හිනාගියා. බන්දුල විතරක් නෙවේ මෙතන තව අය ඉන්නවා.(නදී)
සත්‍යපාලගේ කතාවට මට හුඟක් හිනාගියා. බන්දුල විතරක් නෙමෙයි මෙතන තව අය ඉන්නවා. (නි)
බලන්න කව්රුහරි ඔය කියපු කඩුව අපේ කටුගෙයින් පැනපු එකද කියලා (නි)
මෝඩ කපුවෙක් .මේවා ඇත්නම් විද්‍යාව බොරු (දී)
ගෙදර අයිතිකරු සහ කට්ටඩියා ගුරුවරු කියලා කිව්වා? අනේ අපේ අනාගත පරපුර? හුස්ම ගන්න බැරි වුණහම මැරෙනවා කියන සරල දැනුමවත් තිබුනේ නැද්ද? (නි)
මට ඔක්කොටම වැඩිය අර අසරණ පූසා මරපු එකට දුකයි. ඒකම තමයි ඔය පල දුන්නේ (නි)
එතුමාට නිවන් සුව, ඔහු හොද විද්‍යා ගුරුවරයෙක්. නියම මොළ කාරයෙක්.(නදී)
නියම මෝඩ වැඩක් (නි)
අද ලොව තාක්ෂනය කොතරම් දියුණුද ? අපි මේ ඉන්නේ කොහෙද ? ඒ මදිවට ඔහු ටියුෂන් ගුරුවරයෙක්.අනේ මන්ද ඇයි අපි විතරක් ආපස්සට ගමන් කරන්නේ.හරිම කණගාටුයි. මෙහෙ අපිට පෙනෙන සමහර රූපවාහිනිවල කට්ටදියන්ගේ දැන්වීම් ජයටම ප්‍රචාරය කරනවා.ඉතින් සුළු පිරිසක් මේවා විශ්වාස කරනවා වගේ ...........මිනිසුනේ තමන් ගේ ආගම නිසියාකාරව අදහන්න..... එය හොඳටම ඇති . (දී)
කණගාටුදායකයි මරණය ගැන. අනික් අයට මේක හොඳ පාඩමක් විය යුතුයි මේ වගේ අනුවණ කම් නොකරන්න. (දී)
අන්න නොදැකපු කට්ටිය බලාගන්න බෝතලේ දාල ඉන්නවා දෙබිඩි පූසා.(නදී)
අනේ දිසෝ, මම නම් ඔය දෙබිඩි පුසෝ ගැන දන්නෙත් නැහැ, දෙබිඩි පුසියෝ ගැන දන්නෙත් නැහැ. හැබැයි මට අපහාස කරන නිසා මම හොද දඩුවමක් දෙනවා. (නි)
ඔය කියන මැක්ෂීම් කස්ත්‍රෝ(32) නමැති කෙනා මම හොදට දන්නවා 2000 වල උසස් පෙළ කෙළේ රෝටර් චාල්ස් වල ඒ කලෙත් කටියව මෝහනය කරන ඒවා එහෙම කරනවා මෙය (දී)
මෙහෙමත් මින්ස්සු ඉන්න ලෝකෙක තමයි අපි ජිවත් වෙන්නේ
නොපෙනෙන බලවේග තියෙන බව අපි කවුරුත් පිළිගන්න කරුණක් මොහුගේ මරණය බූත ආත්මයකින් සිදුවුණා දෙයක්නන් නෙමෙයි වලක් ඇතුලේ පස් වලින් වහපුවම හුස්ම ගන්නේ කොහොමද කියල තේරුම් ගන්ඩ තරම් මොලයක් නැති මානසික ලෙඩෙක් තමයි ඔය ගුරා (දී)
මෙමෙ ලිපිය අනුව මෙහි පුද්ගලයන් දෙන්නෙක් මිය ගොස් තිබිය යුතුය ...........? 1 "මනෝ විද්‍යා උපදේශකයෙකු හා පෞද්ගලික පන්ති ගුරුවරයෙකු අද අළුයම වළ ඇතුලේම මියගොස් සිටි බවට පොලීසියට පැමිණිලි කර ඇත" 2 " ඔවුන් වළේ වැතිරී ඇත. (දී)
දැන් නර බිල්ලකුත් දුන් නිසා භූමි පාළුව ඉවත්වෙලා ඉඩම අයිතිකාරයාට කිරියෙන් පැණියෙන් ඉතිරෙයි! (නි)
මිහිදු මාහිමි අපේ අවිද්‍යාව දුරුකරලා , විද්‍යාව පහල කරගන්න අපට මාර්ගය කියල දුන්න , භූමිවල ඔවැනි බලවේග තියෙනවනම් කරණිය මෙත්ත සුත්‍රය, රතන සුත්‍රය , ජලනන්දන සුත්‍රය , ආටානාටිය පිරිත කිව්වම , සියලු දොස දුරුවෙලා ශාන්තිය උදාවෙනවා , මෙවැනි උතුම් ධර්මයක් මෙ රටේ ඉන්න දිසාපාමොක්ලාට නොවැටහෙන්නේ ඇයි? සියලු දෙනාගේම අවිද්‍යාව දුරුවෙලා ප්‍රඥාව පහළවේවා!(නදී)
දෙබිඩි පූසා කියන්නේ මොකාද අනෙ (දී)
චමත් ඔයා වැරදියි. දෙබිඩි කියන්නෙ ඔයා කියන එක නෙවී. දෙබිඩි දරුවො කියන්නෙ මොකක්ද අන්න එහෙම දෙයක් මේ. ප්‍රසාද් අදහස් පළකරනකොට වගකීමෙන් කරන්න ඕනා.
අන්ධ විශ්වාස නිසා වසරකට කී දෙනෙක් මැරෙනවද? කී දෙනෙක් කරදරයට වැටෙනවද? බුදු දහම සහ විද්‍යාව විශ්වාස කරන කිසිම කෙනෙකුට මේ බොරු පිළිගන්න බැහැ. නැකත්, සාස්තර, අන්ධ විශ්වාස හැමදේම විද්‍යාව අනුවත් බුදු දහම අනුවත් බොරු. පොළව යට පැය 2 - 3 ඉන්න මැජික්කාරයෝ ඉන්නවා. ඇත්තටම ඒක සර්කස් එකක්. පස් දාන්න කලින් මුණ හරියට ලෑල්ලක් දානවා. හුස්ම ප්‍රවේශමෙන් පාලනය කරගෙන තියෙන ඔක්සිජන් වලින් පැය 2-3 ඉන්න පුළුවන්. හදිසියක් වුණ වෙලාවට දණිහිස නමලා බලයක් දීලා පස් තල්ලු කරගෙන උඩට එන්නත් එයාලා පුහුණු වෙනවා. මෙයාට කලන්තේ හැදෙන්න ඇති. මිනිස්සු රවටනකොට දවසක තමනුත් රැවටෙනවා. දෙබිඩි පුසෝ වගේ දේවල් පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ මොලේ හොල්මන් කර මෝඩ විශ්වාස අවදි කරන්න. (නි)
මමනම් මේක දකින්නේ වෙනම විදියකට. මිනිසුන්ට දරාගන්න බැරි තරම් ප්‍රශ්න එනකොට ඒවයෙන් ගැලවෙන්න මාර්ග හොයනවා. හරියට කියමනක් තියෙන්නේ දියේ ගිලෙන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා. අන්න ඒ වගේ. ඒක ඔය කාටත් පොදු දෙයක්. මම දන්නවා ඕවට හිනාවුණු කිහිප දෙනෙක් හිටියා. නමුත් විසදා ගන්න බැරි තරම් දේවල් වෙනකොට ඉබේම උත්සහ කරනවා කොයි ; පැත්තකින් හරි විසදුමක් ලබන්න. දැන් ඒ අය අපිටත් වඩා මේ දේවල් ඉස්සර කරගෙන. (නදී)
මේවා විහ්වාස කරන මෝඩයොත් ඉන්නවානේ. පව් අහිංසක පූසා.(නදී)
මොලේ බේරෙනවා (දී)
අන්ධ භක්තික ආගම් වලට යටවී ඇති මේ ලංකාවට සත්‍ය තුලින් මිදීම ඇත්තේ ජේසු සමිදාණන් තුලින් පමනයි.(නදී)
මමත් පිළියන්දල. දැන්නේ දන්නේ පිලියන්දලත් මේ වගේ අය ඉන්නවා කියලා.(නදී)
දෙබිඩි පූසා කියන්නේ ඥාව් නොකියන පූසාට.(නදී)
"එය එතන කළේ නම් ගෙදර අයෙකුට හෝ ශාන්ති කර්මය කළ තැනැත්තා හෝ මරණයට පත්වීමට ඉඩ ඇතැයි පවසමිනි." එහෙනම් මෙතනදී වැඩේ සිද්ද උනා. ඒ කියන්නේ බූත කතාව ඇත්ත. ඔය ටිකනේ අනික් කට්ටඩියෝ දැන් කියන්නේ. (නදී)
කියනවාද කවුරුහරි කෙනෙක් මොකාද මේ දෙබිඩි පුසා කියලා (දී)
මම ලංකාවේ හිටියා නම් දිසානායකවත් උස්සාගෙන ඇවිල්ලා ඔය වලටම දමනවා (නි)
මම නම් හිතන්නෙ මේකයි වුණේ. දෙයක් ගිනි ගනිද්දි ඔක්සිජන් වායුව යහමින් තිබේ නම් කාබන් ඩයොක්සයිඩ් වායුව නිකුත් වෙනවා. එහෙත් වල ඇතුලෙ ඔක්සිජන් අඩුකම නිසා කාබන් ඩයොක්සයිඩ් වෙනුවට කාබන් මොනොක්සයිඩ් නිපදවුණා. කාබන් මොනොක්සයිඩ් යනු අතිශයින් විශ වායුවක්.වායුව ආඝ්‍රාහනය වුණ වහාම සිහි නැති වන හෙයින් ඔහුට දඟලන්න වත් වෙලාවක් හම්බ වෙන්න නැතුව ඇති. පොලිස් නිළධාරියාට දැනුනේ ඒ වායුවේ සැර ගතියයි. (නි)
මේක හොද පාඩමක් ,ඔය කැපිලි කෙටිලි මිනි වලට රිංගන අයට. ඕව විශ්වාස කරන්න එපා (දී)
දෙන්නම වලට බැහලා අනෙකා පැනල දුවන්න තරම් අඹ යාලුවෝ. බෙල්ල මිරිකලා තියෙන්නේ දූවපු ඵකා. හතර බිහිරි කථාවක්නේ !(නදී)
ලංකාවේ මෝඩකම ,කපටිකම වගේ දේවල්වලින් ස්වයන්පොෂිත වෙලා.ඇහුනොත් ඇහෙන්නේ නොදියුණු වනචාරී සහාසික අමනුසික දෙයක්මයි.දැන්නම් ලංකාවේ කියන්නත් ලජ්ජා හිතෙන තරමට ඇවිත්. (දී)
මිනිස්සු තවමත් අන්දනුකරනයේද ඉන්නේ අපරාදේ වටිනා ජිවිතේ (දී)
නිකන් දොඩවන්න එපා උදාර. මේවට කියන්නේ අවිද්‍යාව කියලා. මොලයක් නැති අමනයෙක්. ඕනෑම ගොනෙක් දන්නවා හුස්ම නොගත්තොත් මැරෙනවා කියලා. ඒකවත් නොදන්නේ විද්‍යාව හෝ මොලය යන දෙකම නැති නිසා. (නදී)
භුමි පාළුව වගේ දේවල් විශ්වාස කරන අයට, මිදුල මැද්දේ මෙහෙම දේකුත් උනහම ගේ අතැරලා යන්න හිතෙනවා ඇති.(නදී)
ගුරුවරයා කියන නමටත් එක්ක ලැජ්ජාවක් (දී)
දෙබිඩි පුසා...දෙබිඩි පුසා... කියුවට කවුරුත් දන්නේ නැද්ද කොහෙද ඒකේ තේරුම.. දන්නවා වගේ අඟවනවා (දී)
මෙයා මනෝ විද්‍යා උපදේශකයෙක්ලු. මෙයාට තමයි මනෝ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙලා තියෙන්න ඇත්තේ. අපරාදේ තරුණ ජීවිතයක්.මෝඩ මිනිසුන් බුදු දහමෙන් ඈත් වෙන්න වෙන්න මේ වගේ දේවල් සිදුවේවි.අනික් රටේ ගුරා ලාටත් මේක හොඳ පාඩමක් වේවි.(නදී)
පුදුමයි ආණ්ඩුවට කිසි කෙනෙක් බැනල නැහැ:(නදී)
හොඳට බලන්න බෝතලේ ඉන්න පුසා දිහා. කකුල් 6ක් පේන්න තියෙනවා. මම හිතන්නේ දෙබිඩි පුසා යනු බද්ද වී උපන් හෝ නුපන් පුසෙක්. පූස් කලලයක් වගෙයි පෙනෙන්නේ. ඔලු දෙකයි, පාද 6යි, එක කන්දයි. ඒ වගේ සතුන්ගේ සිරුරු ගුරු කම් වලට ගන්නවා ඇති. හරියට නරි ඔලු ගන්නවා වගේ. (නදී)
බෞද්ධ අපිට එකම ශාන්ති කර්මය බුදුදහම විතරයි.(නදී)
මෙයාගේ මූණ අහිංසකයි. ඔය නම වෙනුවට මැක්සිමං කට්ටෝ කියල තිබ්බනම් නම බලලම මිනිහ කව්ද කියන්න පුළුවන් වෙනවා.(කට්ටකමේ උපරිමය).(නදී)
මේ පුසා දිහා හොදින් බලන්න, උගේ ඉදිරි පාද ගොඩක් තියනවා. දෙබිඩි වෙලා ඉපදෙන්නේ ඇති.(නදී)
කඩුව තවමත් වළේ.... (නි)
මිට කලිනුත් මේ වගේ සිද්දියක් උනා, උගත් මිනිස්සු උනාට මොලේ නැහැ (දී)
දැන් භුමි පාළුව නැතිවෙයි මොකද මෝඩ භුතයෙකුත් දැන් ගේ වටේ ඉඳීවිනේ.(නදී)
මොලේ නැති කමට අපි මොනවා කරනන්නද (දී)
දෙබිඩි පූස් වර්ගයක් ඇති බව මමද දනිමි. (නි)
නිම්මි...ඔයාගේ අදහස මුළුමනින්ම හරි.මේවා දකිනකොට හිතෙනවා මෙයා මනෝ උපදේසක වරයෙක් වීම කෙසේ වෙතත් මානසික රෝගියෙක් කියල.... (දී)
පව් අහිංසක පූසා. මේ වැඩ වලට අහිංසක සත්තුන්ට මැරුම් කන්න වෙනවා. පවු පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා මේ පුද්ගලයටත්. මොනවා කරන්නද? මෝඩකමට බෙහෙත් නැහැනේ. (නි)
https://www.facebook.com/maxim.kasthrow (නි)
මනුස්සයෙක් මැරුණහම හොදා කියනවා නෙවේ. මේ වගේ බහුබූත කරන වෙනත් අයටත් හොද පාඩමක්. මේ තරම්ම ගුරු මෝඩයෝ ලංකාවේ ඉන්නවද? හරියට බුදුදහම අනුව ජීවත්වෙනවානම් මේ මොනවත් කරන්න ඕන නැහැ. (දී)
මොළය අල්පයක්වත් නැහැ. තවම ඉන්නේ ගල් යුගයේ. (නි)
කනගාටුයි මට නම්, ඔබට නිවන් සුව (දී)
දෙබිඩි පූසා සහ පිස්සු පූසා (නි)
පහුගිය දවස් වල බැලුම්ගල වැඩසටහන කරන නෙත් එෆ් එම්.සේවයේ අපේ සහෝදර සහෝදරියන්ට පින්සිද්ධ වෙන්න එයාලගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතුව මේ හොර කට්ටඩියන් ගැන සජීවී වැඩසටහන් කළ ජනතාව දැනුවත් කළා. මිනිස්සුන්ගේ මොළගෙඩි ටික හේදුවා.එහෙම කරලත් මේ වැඩ තවත් කරනවනේ? මට නම් කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ. (නි)
දන්නෙ නැත්නම් නොකර හිටපල්ලා, වළේ වැටෙන්නෙ නැතුව (නි)
දෙබඩි පුසියන් ගැන නිවැරදි තොරතුරක් දැන ගැනීම සදහා රූපවති සහ චන්දි අමතන්න.(නදී)
දෙබිඩි පූසා කියන්නේ කාටද දන්නවද? (නි)
පිළියන්දලත් හරක් ඉන්නවා එහෙනම්.(නදී)
මේ තරම් නුගත් අයද ලංකාවේ ඉන්නේ.(නදී)
දේශපාලනේ නම් දෙබිඩි අය ඉන්නවා (නි)
යක්ෂයන් ,නාගයන් ගැන අධික විශ්වාශයක් මුල් කරගෙන ශාන්තිකර්ම වැඩ කරන එකම ජාතිය තමයි ලංකාවේ බෞද්ධයෝ (නි)
එක කට්ටියක් දෙබිඩි පුසා ගැන ප්‍රතිචාර දානවා. තව කට්ටියක් තොවිල් ගෙදරක මරණයක් ගැන ප්‍රතිචාර දානවා. තොවිලේ කට්ටඩියා පුසා මරලද?පුසා කට්ටඩියා මරලද? හතර බීරි කතාවක් නේ මුල ඉඳලා කියවාගන යනකොට!! (නි)
විසල්, යක්කු පස්සේ ගිහින් මැජික් පෙන්නන්න පුළුවන්, හැබයි අවසානයේ හිමි නිරය පමනයි. ඕවා කරන අය පවුල් පිටින් මේ ජීවිතයේත් දුක් විඳලා තමයි මැරෙන්නේ.(නදී)
දෙබිඩි පුසා සම්බෝල පාටය.ඌට හොම්බක් ඇත. (නි)
ඔන්න බොලේ සත්‍යපාල ඉඳලා හිටලා ඇත්ත කියනවා (නි)
අපේ රටේ මිනිසුන්ගේ අන්ධ භක්තිය කවද නැති වෙයිද මන්ද. ශාන්තිකර්ම තියා මොන දේ කලත් ඔක්සිජන් නැතිව මනුෂයෙකුට ජීවත් වෙන්න බැරි බව ගුරුවරයෙක් වෙලත් මේ මිනිහට තේරුම් ගන්න බැරිද? මෙහෙව් අය මොකට දොස්තරලා ලඟට අරන් ගියාද? ශාන්ති කර්ම කරන මිනිහෙක් ලව්වම පන ගන්න තිබුනනේ. (දී)
අනේ මෙහෙමත් මිනිස්සු. රුපියල් දහඅටදාහ දෙන්න තිබුනේ පිළියන්දල අසරණ ළමා නිවාසයකටනේ. කොච්චර හොඳ ශාන්ති කර්මයක්ද? මගේ මිතුරෙක් මේ වගේ වැඩක් කරන බවට ආරංචි වුණා නම්, වළ හාරන තැනටම හොයාගෙන ගොස් හොඳ කනේ පහරක් දෙමි. (නි)
අනේ මේ වැඩ කවද නවතියිද?. බුදු දහම මේ මිනිස්සුන්ට කවද තේරේවිද (දී)
මොහු ගැන මම හොදට දනිමි,මොහු මා සමග වසර ගණනාවක් එකට වැඩ කර ඇත. ඔබට නිවන් සුව මා මිත්‍රය! (නි)
දැනුම තිබ්බාට ප්‍රයෝගික නැහැ
පාසල් ගුරුවරු වෘත්තිය සුදුසුකම් ඇති වැදගත් පිරිසක්. නමුත් ටියුෂන් ගුරුවරු ඉන් වෙනස්. ඕනෑ කෙනෙකුට ටියුෂන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් (නි)
ශාන්ති කර්ම කරන මිනිහෙක් ලවාම පණ ගන්න තිබුනා නේද? (නි)
අනේ මෙහෙම මැටිකමක්. තවත් මේ අන්ධානු ගති අපේ සමාජයේ තියෙනවාද. දැන් ඉතින් ගෙදර මිනිස්සුන්ට තවත් බය හිතෙනවානේ. මේවට තමා ඉල්ලන් කනවා කියන්නේ. සල්ලි වියදම් කරලා ලෙඩ දාගන්නවා. (ස)
මුන් හොඳ පිස්සෝ. (ස)
දෙබිඩි පූසා කියන්නෙ මොකාද ? දන්න කෙනෙක් කියන්න. (ස)
ඔය ගෙදර අයිති ගුරුවරයාත් වහාම ගුරු රැකියාවෙන් නෙරපිය යුතුය.ඔවැනි අමන ගුරුවරුන් සිටින රටක බුද්ධිමත් දරුවන් බිහිවෙනවා බොරු. වහාම නොදියුණු වනචාරී අණ වින කොඩි වින ගුරුකම් මන්තර වශී සාස්තර දෙහි කැපිලි කනප්පු කරකවීම් වැනි දෑ සහ කිසිම බිලි පුජාවන් මෙරට තහනම් කලයුතුමය.(නදී)
සාමාන්‍යයෙන් හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක් තමා මේවගේ දේවල් කරන්නෙ. ගුරාටත් වරදිනවා කියනවනෙ. හොඳ චේතනාවෙන් කරන්න ගිය දෙයකට ජීවිතය නැති උනා. එතුමාට නිවන් සුව.(අ)
සැර වායුව කිව්වේ මුත්‍රා ගදක්ද? නැත්නම් දෙබිඩි පූසා දාලා හිටිය ෆෝමලීන් වායුවේ සැරද? (නි)
දැන් ඉතින් ඔය වැඩේ කරපු ගෙදර මිනිස්සු මුළු ජීවිත කාලයම ඉන්න බයෙන් නේද? ඔය මිනිහ හොල්මනක් වෙලා එනවා කියල. පුදුම මිනිස්සු.මිනිසුනේ මේ හැම මානසික ලෙඩවල් වලට බුදු දහමේ උත්තර තියනවා.(අ)
මේ ආණ්ඩුව ඕකට වග කියන්න ඕනෑ. (නි)
ඇත්තමයි හිරුනි!! මමත් දන්නේ නැහැ අදමයි ඇහුවෙත් .., අනේ දන්නා කෙනෙක් කියා දෙන්නකෝ (අ)
වරෙන් යන්න අපිත් එක්ක... කන්න බොන්න හිනාවෙන්න... බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම... (නි)
මේ වගේ ශාන්ති කර්මයක් ගැන ඇහුවාමයි. (ස)
පුසන්ට පොරෝ පාරක් ගහපුවම දෙබිඩි පුසා වෙනවා (නි)
පන්සල් වලත් චීවරධාරින් ඉන්නවා මේ වැඩ වලට දායකයන්ව පොළඹවා වැඩ ගන්නවා.තමන්ගේ ආගම දහම හොඳින් අදහන්න. (ස)
ඔය විදිහට අහිංසක සත්තු කී දෙනෙක් බිලි පූජා සදහා මෙයා අතින් මියගොස් ඇද්ද? එම දුක මියයන්නට මොහොතකට පෙර මොහුටද දැනෙන්නට ඇති බව සිතමි. (නි)
"දෙබිඩි පුසන් යනු බළල් ස්වභාවයක් ඇති වුවද කිසිදා ඥාව් නොකියන, ක්ෂීරපායි සතුන් වර්ගයකි. දෙබිඩි යන නම යෙදී ඇත්තේ මොවුන් නිතරම කුලුපගු වීමට මහත් ලදී කමක් දැක්වුවද කල දුටු කල තම ස්වාමියට කොකා පෙන්වන බැවිනි. (උපුටා ගැනීම: අහම්බෙන් හමුවූ ග්‍රන්ථයේ බිලාල-256 වගන්තියෙනි ) (දී) - ගොබිලා" ඔය කියන විදිහට දෙබිඩි පුසන් හරියට අර බන්දුල පෙරේරා වගේ කියල හිතෙනවා.(නදී)
අනේ හිරුනි මටත් දැන ගන්න ඕනා. දන්නා කෙනෙක් කියන්නකෝ. (අ)
මැක්ෂි අයිය මම දන්න තරමට කරපු පළවෙනි බූරු වැඩේ මේක වෙන්න ඕනේ......හිත .හොඳ කොල්ලෙක් ඔබට නිවන් සුව.(නදී)
මට නම් කියන්න වචන නැහැ. මේ වගේ අයව ගහලා පන්නන්න ඕන කැලෑ වලට. අනික් මිනිසුන්ගේත් ඔලු පිස්සු වට්ටන්නේ මේ මිනිස්සු සමාජේ ගැවසෙනකොටයි.(නදී)
දෙබිඩි පුසෙක් බලන්නත් ආසයි. 5 පන්තියටවත් ඉගන ගත්තේ නැද්ද දන්නේ නැහැ හුස්ම ගන්න වාතය ඕන කියල (දී)
අහිංසක නුගත් මිනිසුන් මුලාකරන තමන්ම විශාරද කියාගන්න මේ මානසික රෝගී සුස්තරකාරයන්ගෙන් ජනතාව බේරාගත යුතුමය.මේ සදහා රජය මැදිහත් විය යුතුමය. පාරම්පරික ක්‍රමවේද සොයාබලා දොස්තරලට මෙන් වගකිය යුතු ක්‍රමවේදයක් වහාම සැකසිය යුතුය. අද පත්තර වල ජනතාව මුලාකරන වෙළද දැන්වීම් බලන්න. බුදු දහම රකින්න ඉන්න හාමුදුරුවරු පවා ජනතාව මුලාකරමින් මුදල් ගරාගන්න ජාවාරම්කාරයන් බවට පත්වෙලා. අනේ අපේ රටට නිර්මල බුදු දහම කවදා ලැබේද ? (නි)
අපේ යාළුවෙකුත් හිටියා මේ නමින්. එයාද දන්නෙත් නැහැ (නි)
දෙබිඩි පුසෝ කියන්නේ හයිබ්‍රිඩ්
කැස්ට්‍රෝලාට අපලයිද? (නි)
ඕක තේරෙන්නේ නැද්ද මේ මනුස්සයාට (දී)
අයියෝ කස්ත්‍රෝ කියන නමටත් අගෞරව කරලා නේද මේ කට්ටාදියා (දී)
දෙබිඩි පූසා කියන්නේ පූසන් වර්ග දෙකක් එකතුවෙලා හැදිච්ච පූසෙක් වෙන්න ඕනේ. හරියට බූරුවයි අශ්වයයි එකතුවෙලා කොටළුව හැදුනා වගේ. දෙන්නම එකම වර්ගයේ සත්තුනේ. කොළ දිවියයි නිකම් පූසෙකුයි වගේ එකතුවෙලා හැදෙන සතෙක් වෙන්න ඇති දෙබිඩි පූසා කියන්නේ. (දී)
කාටවත් කියන්න පුලුවන්ද මේ දේවල් බොරුය කියලා, දැකලා තියෙනවාද පපුව උඩ තියලා පුළුල් කපනනවා පිදේනි වලට, නිකමට දැකලා තියෙනවාද වාහල නටනවා, නොදැන කතා කරන්න එපා (දී)
හිරුණි, චන්දි, ප්‍රියා.. දෙබිඩි පුසන් යනු බළල් ස්වභාවයක් ඇති වුවද කිසිදා ඥාව් නොකියන, ක්ෂීරපායි සතුන් වර්ගයකි. දෙබිඩි යන නම යෙදී ඇත්තේ මොවුන් නිතරම කුලුපගු වීමට මහත් ලදී කමක් දැක්වුවද කල දුටු කල තම ස්වාමියට කොකා පෙන්වන බැවිනි. (උපුටා ගැනීම: අහම්බෙන් හමුවූ ග්‍රන්ථයේ බිලාල-256 වගන්තියෙනි ) (දී)
හෝමාගම මේ වගේ අය තාමත් ඉන්නවද? (නි)
මම හිතන්නේ මෙයා විද්‍යා ටියුෂන් ගුරුවරයෙක් වෙන්න ඇති (නි)
කපුවා කපෝති! (නි)
දෙබිඩි පුසෙක් බලන්නත් ආසයි
මෙතන මට පේන විදියට කාරණා තුනක් තියෙනව. 1. මෙයාට හුස්ම ගන්න බැරි උනානම් මෙයා දගල දගලා ඔය කියන කඩුවෙන් කියපු තැනට ඇනල ගොඩගන්න කියනවා. නැත්නම් දගලලා කොහොම හරි ගොඩ එන්න බලනවා. ඔතන කොන්ක්‍රීට් දාල නැති නිසා ඒක පිට ඉන්න අයට පැහැදිලිව පේනවා.(නදී) 2.එක්කො ඔය කියන දේ කරන්න ගිහින් ඇති වෙච්ච මොනාහරි බූත ප්‍රශ්නයක් නිසා මෙයා මැරුනා වෙන්නත් පුලුව්න් මෙතන කියල තියෙන කරුනු විශ්ලේශනය කරල බලද්දි. 3. අවසාන කාරනය තමයි මේක මිනීමරුමක් වෙන්න ඔන ඉහත සදහන් කාරණා දෙකම නෙවිනම්.
ලංකාවේ තාම මේ වගේ වැඩකට නැති දේවල් විස්වාස කරනවනේ. අපරාදේ දැන් ඉතින් මොනවත් කියල වැඩක් නෑ. මොනවද දන්නේ නෑ මේගොල්ලෝ උගන්නන්නේ.(නදී)
මිත්‍යාව වපුරන මේ වගේ වැඩ දැන් තිබෙන ටෙලි නාට්‍ය වල දිනපතා යන්නේ.මේ ඉතින් වපුරපුවා නෙලපු තවත් අවස්ථාවක්. ඒ මදිවට මානසික උපදේශකයෙක්ලු. (නි)