පාකිස්තානයේ පසුගියදා සිදුවූ මාරක භූමිකම්පාව අලූත්ම දුපතක් බිහි වී ඇත.දකුණු පාකිස්තාන වෙරළේ මෙම දුපත දැකිය හැක.පසුගිය 24 වැනිදා රිට්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමී කම්පාවක් හට ගත්තේය.
මෙම නව ගොඩබිම මතුව ඇත්තේ පකිස්තානයේ බලූකිස්තානය ආශි‍්‍රත මුහුදු පතුලේ කොටසක් ඉහළට එසවීය.භූමිකම්පාවේ ප‍්‍රබලතාවය නිසා මෙවැන්නක් සිදුවන්නට ඇතැයි භූ විද්‍යාඥයෝ කියති.
ගොඩබිම දිගින් අඩි 250 ක් පමණ වන අතර පළලින් අඩි 100 ක් හා උසින් අඩි 60 ක් පමණ වන්නකි.
මතුපිට මුහුදු පතුලේ තිබූ පාෂාණ ආදිය හදුනාගත හැකියි.ගොඩබිම නැරඹිමට එන්නවුන් මේවා ස්මාරක ලෙස රැගෙන යමින් සිටින බව කියැවේ.ගොඩබිම මතුපිටින් ගිනි ඇවිලෙන සුළු වායුවක්ද උත්පාදනය වන බව පැවසේ.ගොඩබිම නැරඹිමට පැමිණි සමහර දෙනා ගොඩබිම මත සිට දුම්වැටි දැල්වීමට උත්සාහ කිරීමේදී ඒවා ගිනි ගෙන දැවී යයි.
කෙසේ වුවත් බළධාරීන් කියන්නේ ගොඩබිම වැඩිකල් පවතිනු නැති බවයි.එය නැවතත් මුහුදටම ගිලා බසී යැයි ඔවුන්ගේ අදහසයි.
භූමිකම්පාවේ බලපෑම නිසා මුහුදු පත්ලේ මඩ උඩට විසිවී ටෙනිස් පිටියක් තරම් වූ මේ දූපත බිහිවන්නට ඇතැයි පාකිස්තාන නාවික හමුදා භූ විද්‍යාඥ මොහොමඩ් ඩෙනිෂ් කියයි.
මෙවැනි ස්කන්ධ ඇතිවනුයේ පොළොවේ පසෙහි තද වී පැවති වායු වලින් මඩ උඩට විදීම නිසා යැයි පාකිස්තාන ජාතික භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ෂහිඩ් රාෆි කියයි.
මෙවැනි දූපත් බොහෝ කලක් තිබිය හැකි යැයි ද, එහි සංයුතිය අනුව අවසානයේ දී එය මූදේම ගිලී යන්නට ඉඩ ඇතැයි ද ඔහු කියයි.
මෙම දූපතෙන් භයානක ගෑස් විහිදෙන නිසා එහි නොයන ලෙස ඔහු මහජනයාට අවවාද කරයි.
දූපතේ පස් ශක්තිමත් නමුත් වායු බුබුළු මතුවන බවත් ඔහු කියයි.
මළ මසුන් එමි සිටි බවත් 1999 හා 2010 දී භූමි කම්පාවලින් මෙවැනිම දූපත් මතු වූ බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මේක ලංකාව කිට්ටුව උනානම් ඩයස්පෝරාවට දෙන්න තිබුනා. අලුත් මහා ඇමතිට ඊලම පිහිටුවා ගන්න. (ස)
රණා ඔබට ණුවන පහල වේවා කියා ප්‍රාර්ථනා කරනාවා හැර මට කලහැක්කෙ ඔබ වැනි අයට අනුකම්පාකිරීම පමණි. (අ)
ඉන්දියාව කියාවිද දන්නේ නෑ මේකත් ඉන්දියාවට අයත් කෑල්ලක් කියලා.එහෙමත් කට්ටියක් තමයි ඉන්දියාව කියන්නේ. (ස)
තල භූ කාරක මතය අනුව, පෘථිවියේ නිර්මාණය, තල වල සාපේක්ෂ චලන අනුව ගොඩබිම් නිර්මාණය .ගොඩබිම් විනාශය සිදුවෙනවා. සමහර විට පාකිස්ථානයේ විනාශය හෝ සෞභාග්‍යය මෙතනින් ආරම්භ වීමට හැකිය. (නි)
රණා, ඔයා ගැන ආඩම්බරයි මට. (නි)
දැන්ම වැටකට වගේ පොල් ටිකක් හිටවගත්තනම් හොඳේ ...(දී)
දෙවියන්ව මැව්වේ කව්ද කියලා මට දන්නා කෙනෙක් කියලා දෙනවද? (නි)
ස්වභාව ධර්මයට පටහැනි වෙන්න අපිට පුලුවන් තමක් නැහැ.(නදී)
ඔතන අපට ඊලම හදාගන්න බැරිවෙයිද? කාටවත් කරදරයක් නැහැ. (දී)
කෙවින්, හැම ආගමක් ගැනම දැනගන්න පොත් කියෙව්වත් තමන්ගේ ආගම බුදු දහම දන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංචස්කන්ධයෙන් ඔබ ඇතුළු සමස්තය නිර්මාණය වී තිබෙන බැවින්, අවසාන විඥාන තලයේදී සියල්ල ගැන දැනුවත්ව සියල්ල ප්‍රඥාවෙන් මෙහෙයවන බව දැන්වත් ඉගෙන ගන්න. (ස)
කෙවින්-මම කිව්වේ තියෙන දේ විශ්වාස කරනවා හෝ නොකරනවා. ඒක ඔයාගේ කැමැත්ත හුඟක් වටිනවා ඔබ කරන දේ.මේ පොත අරන් කියවන්න (ලෝක අවසානයේ පෙර නිමිති.ඉහ්සාන් මව්ලවි) (ස)
ලංකා-ඉන්දීය පොළෝ තලය ඔස්ට්‍රේලියාවෙන් හා ඇන්ටාක්ටිකාවෙන් වෙන්වී උතුරු දෙසට පාවී අවුත් යුරේසියානු හා අරාබියානු භූ තල සමඟ ගැටුණු පසු හිමාලය කඳු නිර්මාණය වුණා වගේම අපේ රටත් අලංකාර සාගරයකින් වටවී විශ්වයේ කේන්ද්‍රය බවට පත්වුණා. දැන් භූමි කම්පා හටගන්නේ එම භූතල මායිම් වල. ලෝකයේ වෙනත් කලාප වල ඩයිනෝසරයන් වැනි උරග විශේෂ පැතිරී සිටියත් ලංකා-ඉන්දීය පොළොව මුහුද මැද බොහෝ කාලයක් ආරක්ෂිතව පැවති බැවින් මානව පරිණාමයට හොඳ තෝතැන්නක් වුණා. ඒ නිසයි ආදම් ලංකාවේ බිහිවුණේ. එකලත් දිවයින පටු බිම් තීරයකින් ඉන්දියාව සමඟ සම්බන්ධ වී තිබුණු නිසා එය ආදම්ගේ පාලම ලෙස නම් වුණා. ඒත් මෑතකදී ඉන්දියාවට ආ කල්ලතෝනි හිතන්නේ එය රාමා හැදුවා කියලයි. (ස)
බලුකිස්තානයේ ඇති කඳු සහ පොළොවත් මේ වගේමයි. විශාල කඳු යායවල් දැක්කාම හිතෙනවා කළක් මේ පොළොව මුහුදෙන් යටවී තිබුනාද කියා.සමහර තැන් වල සිප්පි කටු බෙලි කටු ආදියත් මා දැක තිබෙනවා. වරක් මා මේ ගැන සභාවක කතා කළාම කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා මේ සා විශාල කඳු මුහුදෙන් යටවී තිබුනා නම් දකුණු ඉන්දියාව ලංකාව ආදිය මොනතරම් මුහුදු ගැඹුරේ තියෙන්න ඇතිද කියලා. දැන් ඇස් පනාපිට පෙන්න තියෙනවා නේද සිදුවී ඇති දෙය. (ස)
ලංකා-ඉන්දීය පොළෝ තලය ඔස්ට්‍රේලියාවෙන් හා ඇන්ටාර්ක්ටිකාවෙන් වෙන්වී උතුරු දෙසට පාවී අවුත් යුරේසියානු හා අරාබියානු භූ තල සමග ගැටුණු පසු හිමාලය කඳු නිර්මාණය වුණා වගේම අපේ රටත් අලංකාර සාගරයකින් වටවී විශ්වයේ කේන්ද්‍රය බවට පත්වුණා. දැන් භූමි කම්පා හටගන්නේ එම භූතල මායිම් වල. ලෝකයේ වෙනත් කලාප වල ඩයිනෝසරයන් වැනි උරග විශේෂ පැතිරී සිටියත් ලංකා-ඉන්දීය පොළොව මුහුද මැද බොහෝ කාලයක් ආරක්ෂිතව පැවති බැවින් මානව පරිණාමයට හොඳ තෝතැන්නක් වුණා. ඒ නිසයි ආදම් ලංකාවේ බිහිවුණේ. එකලත් දිවයින පටු බිම් තීරයකින් ඉන්දියාව සමග සම්බන්ධ වී තිබුණු නිසා එය ආදම්ගේ පාලම ලෙස නම් වුණා. ඒත් මෑතකදී ඉන්දියාවට ආ කල්ලතෝනි හිතන්නේ එය රාම හැදුවා කියලයි. (නි)
මෙතන අදහස් දමන නීල් රනා වගේ ආචාර්යතුමෙකුත් පසුගිය දවස්වල ලංකාදීපයේ අදහස් පලකළා, එයා දැන් ආගිය අතක් නැහැ. නීල් රනාටත් කවදා හරි වෙන්නේ ඒකම තමයි. (නි)
මේවා සර්වබලධාරි දෙයියන්ගේ වැඩ..භූමිකම්පාව එවා එමඟින් දූපතක් ලබා දුන්නා...වෙන කාටවත් මේ වගේ දේවල් කරන්න බෑ. (ස)
ලෝක අවසානයේ මෙවැනි දේවල් සිදුවීම පුදුමයක් නොවේ.කාලයක් යනවිට පොළොවේ ඇති සියලුම ස්වබාවික සම්පත් රත්රන්,මිනිරන්,ගංගා ගැලීමට ඉඩ ඇත. අහෝ මිනිසුනේ ඔබලා මේවා පස්සෙන් නොයන්න. එය නිෂ්ඵල ක්‍රියාවකි (නි)
නිල් රණා, එතකොට ඉස්සෙල්ලම දෙවියෝ මැව්වේ බිත්තරේද, කුකුලාද,( කිකිලිද,) හරියට කිව්වොත් ලකුණු 100 ක් දෙනවා ඔයාට (ස)
මොනවද නිල් රනා කියල තියෙන විකාරේ, හරිම සම්භාව්‍ය කතාවක්, කාටවත් තේරෙන්නෑ (අ)
රත්න, නිම්සර හා ෂහීර් නමින් ලියපු මෝඩ බෞද්ධයා, කවුරු හරි දෙන තුට්ටුවට ගොන් කතා කියන්න එපා.
අල්ලා දෙවිඳුන්ගේ ආශ්චර්යන්ට ස්තුති වේවා ! දෙවියන්ගේ මැවීම් අනර්ඝයි ! (ස)
නිල් රණා, පිස්සුද හැටිද? බුදු දහම කියන්නේ බුද්ධිමතුන්ට පමණක් ග්‍රහණය කර ගත හැකි දර්ශනයක්.සෑම දෙයක්ම තර්කානුකූලව විග්‍රහ කර ඇති විද්‍යාවක්.බුද්ධියෙන් විචාර ග්‍රහණය කරගත යුතුයි බුද්ධාගම.කොටින්ම බුද්ධාගම මෝඩයන්ට නුගතුන්ට අවබෝධ කර ගන්න බැහැ.මම කතෝලික වුණත් බුදු දහම පමණි එකම ඇත්ත. (නි)
. මෙවන් සිදුවීම්වලින් තමා කලින් කලට ලෝක සිතියම වෙනස් වෙන්නේ (අ)
මේවා අදට අලුත් දේවල්ද?සොයා නොගත්..,අලුතින් මතු වුනා වගේ පෙනෙන ග්‍රහලෝකත් ආවේ..? මේ සියල්ල ගැන බුදුන් වහන්සේ දේශනා කල ඇති බව මොහොතකටවත් අමතක කරන්නෙපා..තව තව ඉස්සරහට..''ධර්මයෙහි හැසිරෙන්න..ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරදෙ..'' (ස)
මාටින්, අයියෝ ලේසි ප්‍රශ්ණයක්නෙ අහන්නේ. ඉස්සෙල්ලම මැව්වේ කුකුලව මොකද කුකුල් මස් බිත්තර වලට වඩා රසවත්. තව තවත් කුකුලන් හදාගන්න ඕනෙ නිසා කිකිළිවත් බිත්තරත් මැව්වා. ඩිසායර් නැතිනම් ආසාව නිසයි සියල්ල මැවුණේ. මට ලකුණු 100 ම දෙන්න. (ස)
දේව කැමැත්ත කියාවී ෂුවර්....... (ස)
මාටින්, බොරුව දිය යට ඔබාගෙන සිටින රබර් බෝලයක් වගේ. අත හැරුණු විගස එහි ඇති පුහු හිස් බව ලොවට අනාවරණය වෙනවා. ඒ නිසා වහාම කළ යුත්තේ අනුරාධපුරයේ සුමන ගැමුණු හා ඔහුගේ දරුවන්ගේ සූර්ය දේව පිළිම සතර නිවැරදි ලෙස මුලදී පැවති ආකාරයට ස්ථාන ගත කිරීමයි. (ස)
ඔයාල බොරුවට ආගම අල්ලාගෙන කෑගහන්නේ නැතුව විද්‍යාත්මකව යමක් ලියන්නකෝ, අපේ අනිත් අයටත් යමක් ඉගනගන්න. (නි)
ඉර්ෂාඩ්ලා වගේ අය මවපු එක තම අල්ලා කරපු වරද?? (ස)
නීල් රනාගේ දැනුම හොදයි. නමුත් බෞද්ද ක්‍රිස්තියානි හින්දු සියල්ල පටලවාගෙන.ආදම් කොහෙද ලංකාවේ ඉපදුනේ? ආදම් කියන්නේ දෙවියන් වහන්සේ මුලින්ම මවපු මිනිසාගේ නමයි.ආදම්ගේ පාලම ලංකාවයි ඉන්දියාවයි අතර තිබුනට ආදම් ලංකාවේ දී මැව්වා කියලා කොහෙවත් නැහැ.විද්‍යාවයි දෙවියන්වයි ඇදගන්න එපා.විද්‍යාව යනු මිනිසුන්ගේ සොයාගැනීම් සහ නිර්මාණවල එකතුවක් (නි)
සුනාමි ඒවියයි කවුරුත් හිතුවද
අම්මෝ! ඕක ජයලලිතට පෙනුනොත් සුං. (නි)
ෆාරුක්, ඔයාලගේ අල්ලාහ් මැවුම්කාර දෙවියන් වහන්සේ නොවෙයි (නි)
ලෝකය අවසානයේ පෙර නිමිති... කියවා තිබේ. ඉතාමත් ප්‍රාථමික පොතකි. බුදු දහමේ දේශනයන් ඉතාමත් ගැඹුරුය.ඒ වගේම අති විශිෂ්ට ලෙස ලෝකය පිළිබදව විග්‍රහ කර තිබේ. එය වෙන කිසිම ආගමක දක්නට නැත (නි)
දූපතක් මැව්වම නම් අල්ලා දුන්නා කියන්න අය ඉන්නවා. නමුත් භූමි කම්පාවෙන් මැරිච්ච මිනිස්සු ගැන කතා කරන්නේ නැහැ (නි)
මේ දූපත තමයි දෙමළ ඊලම. අන්තවාදී දෙමළුන්ට මම ආරාධනා කරනවා මේ දූපත අත්පත් කර ගන්න කියලා.හොඳ දෙමළ ජනතාව පමනක් ශ්‍රී ලංකාවේ සිටියාවේ. (දී)
මෝඩ මිනිස්සු.එතනටත් ගිහින් මොනවදෝ හොයනවා. ඕක කොයි වෙලාවෙ ආව විදිහටම යට යයිද දන්නෙ නෑ. කරුමෙටවත් ඕකෙ තෙල් එහෙම තිබුණා නම් පාකිස්තානෙටත් සොරිම තමා...... (ස)
කෙවින්, බුදු දහමේ තියෙන්නේ ධාර්මික ආගමක ලක්ෂණ. ඊට හේතුව ගෞතම සිද්ධාර්ත ලංකාවට පැමිණ රාවණා පරපුරෙන් අපේ සූර්ය දේව දහම ඉගෙන ගැනීමයි. ඒ නිසයි බුදුන්ගේ හිස පිටුපස වෘත්තයක් හෙවත් රැස් වළල්ලක් තිබෙන්නේ. නමුත් ලංකාවේ පුලතිසි නිර්මාණය කළ ඉන්දියානු ඍෂිවර ආගම් වලත් තිබෙන්නේ සූර්ය දේව දහමයි. අපේ දහම රාවණා රජු අරාබියට හඳුන්වා දුන්නේ වෙනත් ලෙසකට. ඒ නිසා ඒබ්‍රහම් ආගම් නැගෙනහිර ආසියානු ආගම් වගේම ප්‍රායෝගික ජීවිතයත්, කලාපයේ ජීවන ක්‍රමයත් සමග වැඩියෙන් බැඳී තිබෙනවා. කෙසේ වුවත් ඔය සෑම ප්‍රධාන ආගමකම මූලික හරය ලංකාවේ සූර්ය දේව දහමයි. (නි)
ධම්මගේ අත්දැකීම දුටුවහම මට මතක් වුණේ කොළඹ කේරි විද්යාලයේ අට වන ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී මට සිදුවූ ඇබැද්දියක්. ඒ සෙනෙවිරත්න නම් සමාජ අධ්‍යයන ගුරුවරයා ලෝක සිතියම ගැන පාඩමක් කරද්දී මම මගේම අදහසක් පංතිය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් සිදුවූ දෙයක්. ඒ අවස්ථාවේ සිතියම අධ්‍යයනය කරද්දී ක්ෂනිකව මට අවබෝධ වුණා ලෝකයේ ඇමෙරිකා සහ අප්‍රිකානු මහාද්වීප එකට හාවී තිබී කැඩී වෙන්වී ගොස් තිබෙන බව. (ඒ වනවිට ප්ලේට් ටෙක්ටොනික් යන භූතල න්‍යාය ලංකාවට ඇවිත් තිබුණේ නැහැ.) මා නැගී සිට එම අදහස හඬ නගා කිව්වා විතරයි. ගුරුවරයා ඇතුළු සියල්ලෝම මහ හඬින් සිනාසී පාසැල ඉදිපිට නවතන 150 අංගොඩ බසයට නගින්න කිව්වා. ඔන්න ඕකයි ලංකාවේ මිනිසුන්ගේ සැබෑ තත්වය. (ස)
සමහරු අදහස් පළකරන්නේ .'යන්නේ කොහෙද? මල්ලේ පොල්' වගේ. හැම දේකටම ආගම ජාතිය පටලවගන්න මෝඩයෝ. (නදී)
ධම්ම ගේ අත්දැකීම දුටුවහම මට මතක් වුණේ කොළඹ කේරි විද්යාලයේ අට වන ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී මට සිදුවූ ඇබැද්දියක්. ඒ සෙනෙවිරත්න නම් සමාජ අධ්‍යයන ගුරුවරයා ලෝක සිතියම ගැන පාඩමක් කරද්දී මම මගේම අදහසක් පංතිය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් සිදුවූ දෙයක්. ඒ අවස්ථාවේ සිතියම අධ්‍යයනය කරද්දී ක්ෂනිකව මට අවබෝද වුණා ලෝකයේ ඇමෙරිකා සහ අප්‍රිකානු මහාද්වීප එකට හාවී තිබී කැඩී වෙන්වී ගොස් තිබෙන බව. (ඒවන විට ප්ලේට් ටෙක්ටොනික් යන භූතල න්‍යාය ලංකාවට ඇවිත් තිබුණේ නැහැ.) මා නැගීසිට එම අදහස හඬ නගා කිව්වා විතරයි ගුරුවරයා ඇතුළු සියල්ලෝම මහ හඬින් සිනාසී පාසැල ඉදිපිට නවතන 150 අංගොඩ බසයට නගින්න කිව්වා. ඔන්න ඕකයි ලංකාවේ මිනිසුන්ගේ සැබෑ තත්වය. (අ)
මුස්ලිම් ජාතික භූ විද්‍යාඥ මොහොමඩ් ඉහත කියා තිබෙනවා මෙම දුපත නිර්මාණය වීමේ විද්‍යාත්මක හේතුව. ඒත් මෙහි අදහස් දක්වා ඇති සමහර අය කියනවා මේක දේව නිර්මාණයක් කියලා. ඒකෙන්ම තේරෙනවා මොවුන්ගෙ ලොකය හා සත්වයා පිළිබද ඇති බුද්ධියෙහි තරම. (නි)
ඒකනම් තේරුණා නීල් රණා ..අතිශය සම්භාව්‍ය කතාවක්. හැබැයි රබර් බොලේ හිල් කරලා දිය යට එබුවනම් ආයේ උඩ එන්නේ නෑ (අ)
නීල් රණා, ඔබගේ උගත්කම ගැන මම කණගාටු වෙනවා. (නි)
අනේ නීල් රනා ඊට කලින් නරකද අර අංගොඩ බස් එකට නැගලා බැලුවොත්... එහෙම නැත්නම් ඔබ කරුණාකර රැකියාවක් සොයා ගන්න අනුන්ගේ සල්ලි වලින් කොමෙන්ට් දමමින් දවස කාල අනිත් අයගේ වෙලාවත් නාස්ති නොකර .. මොන අදහස කිව්වත් ඔබේ චින්තනය බටහිර කතෝලික චින්තනයයි. මොකද ඔබ කතෝලිකයෙක්..ඔබ හිතන් ඉන්නේ දෙවි කෙනෙක් මේක මවල පාලනය කරනවා කියලයි.. ඒ නිසා ඔබ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්දයි. කරුණාකර ඔය ඉන්න රටකට වෙලා ඉන්න සුද්දන් ඔබට උගන්වපු දේවල් වමාරමින් කීකරුව ඉන්න හොදේ (දී)
බටහිර විද්‍යාවට වහල් උන නීල් රණවක , පන්චේන්ද්‍රයන්ට ගෝචර නොවන දෙයක් නැති බටහිර විද්‍යාව සරණ යමින් අදහයි, නමුත් ඔහු නොපෙනෙන දෙවි කෙනෙක් තමා ඇතුළු ලොව මවා පාලනය කරන බවක් අදහයි. අනේ මෙහෙමත් බත්කන .......(දී)
නීල් රණවක හිතන්නේ එය විද්‍යාව පහලකරවන්නේ නොපෙනෙන දේව වාදයකට මිනිසුන් බැද දැමීමෙන් කියල. එයාමයි ලොකුම අන්දකාරය. මටනම් පෙනෙන්නේ මෙය අපාය සහයක මාර බලවේගයක් විදිහට. තවත් නාකි වෙන්න කලින් කසාදයක්වත් කොරගත්තොත් නරකද. (දී)
නිල් රනා ට පොඩි කාලේ ඉදලම මේ අසනීපය තිබිලා තියෙනවා එහෙනම්. දැන් වුණත් 150 අංගොඩ බසයට ගොඩ වුණා කියලා ඔයාට අවාසියක් වෙන එකක් නැහැ (නි)
ශ්‍රී, ගේ අදහස වැරදියි. යමෙක් විද්යාත්මකව යම් සිදුවීමක් විස්තර කරන්නේ විද්‍යාව පදනම්වී තිබෙන පංචේන්ද්‍රියන්ට හසුවන සීමාවන් තුල ක්‍රියාත්මක වන විශ්වයීය නියම හා ධර්මතා වලට අනුකූලවයි. පංචේන්ද්‍රියන්ට හසු නොවන දේ විශ්වයේ බොහොමයි. විද්‍යාව ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විශ්වයෙන් 73% ක් සෑදී තිබෙන්නේ අඳුරු ශක්තියෙන්. 23% ක් අඳුරු පදාර්ථ වලින්. අපට පෙනෙන ඉර, හඳ, තරු, ග්‍රහලෝක සියල්ලම විශ්වයෙන් 0.4% ක් වැනි ඉතා අංශු මාත්‍රයක් පමණයි. මේ අල්පය ගැන පවා විද්‍යාව සතු දැනුම අල්පමාත්‍රයි. (නි)
ජලීල් සකීර් නායක විනාඩියක් ඇතුලත කියන බොරු ගැන සාක්ෂි ඇතුව ඔප්පු කල වීඩියෝවක් පවා යු ටියුබ් එකේ ඉතා ජනප්‍රියව ඇත එයත් බලන්න. අනෙක ඔහු ලංකාවට ආපු වෙලේ ලංකික මුසලීම් අහපු ප්‍රශ්න මගහරිමින් අමාරුවේ වැටුන හැටිත් එහි තිබෙනවා.(දී)
නීල් රණා, ඇත්තටම උඹේ වයර් මාරු වෙලාද බං? (ස)
දෙවියන්ගේ මැවීමේ තරම කොහොමද? (නි)
නීල් රණා,ඇත්තටම ඔයාට පිස්සුද? (නි)
මල වදේ...ඔන්න කොටින්ට ඕකවත් දීලා දාමු....පිල්ලේ නෝනාට සනීපෙට නින්ද යන්නත් එක්ක ....... (ස)
විශ්වයේ සිදුවෙන හැමදෙයක්ම අල්ලා දෙවිඳුන්ගේ මැවීම් ලෙස, මුස්ලිම් අය හිතනවා.ඒ වගේම ඔවුන්ට කුඩා කාලයේ සිට මෙවැනි දේවල් ඔවුන්ගේ ආගමෙන් උගන්වනවා. (නි)
නීල් රණාගේ අන්තිම වාක්‍යයට මා එකඟ නැහැ. ලංකාවේ මිනිසුන්ගේ සැබෑ තත්වය එය යැයි ඔබ සිතනවා නම් මට කියන්න තියෙන්නෙත් ඒ පන්තියේ අය ඔබට කිවූ දෙයමයි. මා එම ප්‍රශ්නයට ලක් කලේ ග්‍රීක, බ්‍රිතාන්‍යය සහ පකිස්තානුවන් විසින්. (ස)
කෙවින්, මෝඩ බෞද්ධයෝ විතරයි හිතන්නේ හැමදේම සිදුවන්නේ ඉබේ කියලා. ඒත් ඔවුනුත් ජීවිතේ හැම ප්‍රශ්ණයකදීම රහසේ උපකාර ඉල්ලන්නේ දෙවියන්ගෙන්. ඊට පස්සේ ලෝකෙට පරකාසෙට එලිපිට දෙවියන් හෙලා දකිනවා. මේ විශ්වයේ ගසක කොළයක් සෙලවීමේ සිට සියල්ල සිදුවන්නේ අවශ්‍යය කෙගේ දැනුවත්කම ඇතිවයි. (ස)
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී... මිනිසත්කමට වැඩිය දෙවි කෙනෙක් නැත (නි)
කෙවින්- දහමේ මේවා තියෙන හින්ද කියන්නේ එකේ කොටසක් තමා මං ඉහලින් සඳහන් කලේ... (ස)
අම්මේ! ඇත්තටම ධම්ම සහ නීල් රනා මහාචාර්යවරු දෙන්නෙක්ද? මම නම් ඕවා ගැන හරියටම දන්නේ නැහැ. මට මතකයි සමාජ අධ්‍යයන පාඩම උගන්නද්දි මට පොත උඩ නින්ද ගිහින් අපේ ගුරුතුමාගෙන් ගුටි කෑවා. (නි)
බොහෝ දෙනෙක් සියල්ල පටලවා ගෙන සත්‍ය නොදකින්නේ තමන්ගේ මිත්‍යාදෘෂ්ටිය හේතුකොට ගෙන තමන්ගේ මමත්වය තුල සිරවී, විශ්වයේ නා නා විධ බහුත්වයක් දකින නිසයි. ලෝකයේ වසන සියලු මිනිසුන්ගේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් ආධිතමයා එක් අයෙක් බව ජාන විද්‍යාත්මකව සොයාගත් ඇත්තක් වගේම සියලු ප්‍රධාන ආගම්වල ආරම්භයත් ඒකයි. ඒ ලංකාවේ සූර්ය දේව දහමයි. බහුත්වයට පත්වූ බව මායාත්මකව හෙවත් සාපේක්ෂව දිස්වෙන විශ්වයේ ආරම්භය සිදුවන්නේත් ඒකීයත්වයකින්. ඒ නිසා මැවුමට පෙර සිටි තනි කෙනාමයි මැවුමෙන් පසු බහුත්වයට පත්වී තිබෙන බවක් සාපේක්ෂව දර්ශණය වන්නේ. පංචේන්ද්‍රියන්ට හසුවන විශ්වයේ බහුත්වය මායාවක් හෙවත් සාපේක්ෂතාවක් මිස යථාර්තයක් නොවේ. බටහිර සාපේක්ෂතාවාදය අයින්ස්ටයින් ඉදිරිපත් කළේ 20 වන සියවසේදී වුවත් රාක්ෂ හෙවත් ලක් සූර්ය වංශය සතුව එම දැණුම තිබුණේ මීට වසර දහස් ගණනකට පෙරයි. එබැවින් ඉක්මනින්ම සුමන ගැමුණු රජුගේ සහ ඔහුගේ දරුවන්ගේ සූර්ය දේව පිළිම යථා පරිදි ස්ථානගත නොකළහොත් දරුණු ප්‍රති විපාක වලට නිසැකවම මුහුණ දෙන්නට සිදුවෙයි. (ස)
ෆාරුක් හරි. දෙවියෝ ඕක මවලා තියෙන්නෙ ඔයාලා වගේ අයට. (නි)
නීල් රණා , සූර්යග්‍රණයකට අසු වෙලා වගේ හිරු දෙවියෝ ගැන කිය වන්නේ. මිත්‍යා දෘෂ්ටිකයගේ ඔලුවට එන එන දේවල් කීප වතාවක්ම ලියනවා අදහසක් කියා ගන්න. (ස)
බොහෝ දෙනෙක් සියල්ල පටලවා ගෙන සත්‍යය නොදකින්නේ තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය හේතුකොටගෙන තමන්ගේ මමත්වය තුල සිරවී, විශ්වයේ නා නාවිධ බහුලත්වයක් දකින නිසයි. ලෝකයේ වසන සියලු මිනිසුන්ගේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් ආදිතමයා එක් අයෙක් බව ජාන විද්‍යාත්මකව සොයාගත් ඇත්තක් වගේම සියලු ප්‍රධාන ආගම්වල ආරම්භයත් එකයි. ඒ ලංකාවේ සූර්ය දේව දහමයි. ඒනිසා මැවුමට පෙර සිටි තනි කෙනාමයි මැවුමෙන් පසු බහුත්වයට පත්වී තිබෙන බවක් සාපේක්ෂව දර්ශනය වන්නේ. එබැවින් ඉක්මනින්ම සුමන ගැමුණු රජුගේ සහ ඔහුගේ දරුවන්ගේ සූර්ය දේව පිළිම යථාපරිදි ස්ථානගත නොකළහොත් දරුණු ප්‍රතිවිපාක වලට නිසැකවම මුහුණදෙන්නට සිදුවෙයි. (නි)
මිහිමත උපදින කවුරුත් කවදා හරි යනවා. එහෙම යනදාට මම යන්නේ මව්බිම ආක්‍රමණිකයන්ගෙන් බේරාගෙන ජනතාව අවිද්යාවෙන් මුදාගත්තට පස්සෙයි. (නදී)
මිහිමත උපදින කවුරුත් කවදා හරි යනවා. එහෙම යනදාට මම යන්නේ මව්බිම ආක්‍රමණිකයන් ගෙන් බේරාගෙන ජනතාව අවිද්යාවෙන් මුදාගත්තට පස්සෙයි. (ස)
පොලොව පලාගෙන යන්නෙත්, මුහුද දෙබෑ වෙලා උඩට එන්නෙත්, එවැනි සිදුවීම් වලින් ජීවිත හානි වෙන්නෙත්, මුස්ලිම්වරුන් ඉන්න රටවලමයි. ඔවුන්ට දඬුවම් දෙන්නේ ස්වභාව ධර්මයයි. (ස)
නීල් රණා ඔබ ගේ තේරුම්ගැනීම හා අවබෝධය පිළිබද ඇතිවන්නෙ බලවත් කණගාටුවක්. මාගෙ අදහස බලධරයා විසින් කපාකොටා තිබීමත් නකනගාටුවට කාරණයක්. පංචේන්ද්‍රයන්ට අරමුණු වන දැනුමට එහාගිය හරි විද්‍යාවට එහාගිය දැනුමක් හා බුද්ධියක් තියන සර්වබලධාරි දෙවිකෙනෙක් ඉන්න බවද ඔබ කියන්නේ. මම කියනේ එහෙම කෙනෙක් නොවන බවයි. තමතමන් අදහන දෙවියන් වෙනුවෙන් මිනීමරාගන්න ලෝකෙක ඇයි ඔයතරම් බලයක් තියන දෙවිවරු මිනිසුන් ඉදිරියේ හීනෙන් වත් පෙනී නොසිටින්නෙ? එහෙම දෙවියෙක් ඉන්නවන්ම් කොහොමද මෙතරම් අපරාධ ලෝකයේ සිදුවන්නෙ? ආගමික පොත්වලට වහල් නොවී බුද්ධියෙන් ලෝකය හා සත්වයා දෙස බලන්නට නීල් රණාට ශක්තිය හා ධෛහිර්ය ලැබේවායි මම ප්‍රාර්ථණාකරනවා.(නදී)
මට හිතෙන විදියට මෙතන පැමිණ තිබෙන්නේ ගිනි කන්දක මුලික ලක්ෂණ මේ ගිනිකන්දේ කට තමා උඩට මතු වී තිබෙන්නේ (නදී)
ඕක කම්පාවට කලින් අඩි 10-12 යට තියෙන්න ඇත්තේ. (ස)
කෙවින් - ප්‍රථමික පොත් කියවන්නන් උඩට එනවා. ඒක හරි නේ. ඔබ පොත හරියට කියවලා නැහැ. මං කිව්වේ නැහැ ඒක ඉතා ගැඹුරු එකක් කියලා. ඒක නිකන් අත්මිටක් පමනයි. මට පේන්නේ පොත් ඔක්කොම අරගෙන එක පොතක් පමණක් කියවනවා වගේ. (ස)
කෙවින්, ඔබේ දැනුම තව දියුණු කරගැනීමට දොස්තර සාකීර් නායක් ගේ දේශනයන් බලන්න (යූ .ටියුබ් හි ඇත ) (දී)
මම කැමති ඔය දුපත ගැන අදහසක් දක්වන්න.පෘථිවි අභ්‍යන්තරයේ තියන භූ තැටි නොහොත් ප්ලේට් .තිරස් හේ සිරස් චලන වලට ලක් වෙනවා එකට හේතුව පෘථිවි අභ්‍යන්රයේ ඇතිවන තාප සංවහන ධාරා .එතකොට ප්ලේට් එකකට එකක් හැප්පෙනවා .ඒකට තමා කියන්නේ භූමි කම්පා කියලා .ඔය වෙච්ච භූමි කම්පාව තිරස් චලනයක් ඒ නිසා ඔය අලුත් දුපත හටගත්තේ .පීඩනය නිසා තෙරපුණු පාෂාණ කොටස් ඔය මතු වෙලා තියෙන්නේ .ඕක ආගම වලට සම්බන්ධ කරන්න එපා . තල භූ කාරක මතය අනුව, පෘථිවියේ නිර්මාණය, තල වල සාපේක්ෂ චලන අනුව ගොඩබිම් නිර්මාණය .ගොඩබිම් විනාශය සිදුවෙනවා. (ස)
නීල් රනා කවුද ඔයාට කිව්වෙ බොද්ධයෝ මෝඩයෝ කියලා.කොහේවත් යන ප්‍රශ්න වලට ආගම් භේද ගාවගන්න එපා. (ස)
ලංකාව කිට්ටුව දූපත මතු වුණා නම්, සුනාමියෙදි හිඳුනු මූදු පතුල අල්ලගන්න කට්ටිය පොරකෑවා වගේ, අලුතෙන් මතුවුණු දූපත අයිතිකර ගන්නත් මිනිස්සු රණ්ඩුවෙයි. (නි)
රිෂාර්ඩ්- නීල් රණා .මම ඉන්නේ කුවේට් වල. මම මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු වගේ ආගම් කියවලා තියෙනවා. මම ඒවා කියවන්න කැමැතියි. ඒ හැම ආගමකම මෙවැනි දේවල් කියලා තියෙනවා.ඔබලා දන්නේ නැති උනාට . නමුත් හැම දෙයක්ම අල්ලා හෝ වෙනත් දෙවි කෙනෙක්.නිසා සිදුවෙනවා කියා මම විස්වාස කරන්නේ නැහැ. (ස)
ද්‍රවිඩ ඊළම ඕන අයට ඔන්න චාන්ස් එකක්. (ස)