පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භූතාන හිමි නමකගේ ගමන් බෑගයේ තිබු රුපියල් 40000 ක මුදලක් ද විශ්ව විද්‍යාල හැඳුනුම්පත හා අධ්‍යාපනික ලිපි ලේඛන හොරා ගත් සැකකරු සඳුදා(21) අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
එම හිමියෝ පසුගිය 20වැනි දින සවස 6 ට පමණ පේරාදෙණිය ඕවල ප්‍රදේශයේ කුලී නිවස වෙත ත්‍රී රෝද රථයකින් ගමන් කර ඇති අතර තම ගමන් බෑගය ත්‍රී රෝද රියේ තබා බැසගොස් නිවසේ විදුලි ගැටළුවක් සම්බන්ධයෙන් ත්‍රී රෝද රියදුරු කැඳවා එය නිරාකරණය කරගෙන ඇත. රියදුරු පිටත්ව ගියද තම බෑගය ආපසු ලබාදී නැතැයි ඒ හිමියෝ කියති.
ගමන් බැගය හා රුපියල් 40000 ක මුදලක්ද අධ්‍යාපනික කටයුතු වලට අදාල ලිපි ලේඛනද විශ්ව විද්‍යාල හැදුනුම්පතද නැති බවත් එදින හවස නිවස බලා ගිය ත්‍රිවිල් රථයේ රියදුරු සැක බවත් ඒ හිමියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි ලිපි ලේඛන හා විශ්ව විද්‍යාල හැඳුනුම්පත පේරාදෙණිය පාලම අසලදී ගඟට දැමු බව පැවසූ බව පොලිසිය කියයි. බෑගයේ තිබූ රුපියල් 37000 ක මුදලක් නිවසේ තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු අද (22) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භූතාන හිමිගේ ගමන් මල්ල ත්‍රී රෝද රියදුරු උස්සලා
ලලිත් Tuesday, 22 September 2015 09:48 AM
ඔය වගේ වැඩ කරොත් කරන්නේ ඔය වගේ අය තමයි.(හේ)
අස්මිත් Tuesday, 22 September 2015 05:57 AM
ඉතාමත් අවංක රියදුරෙක් ......? (බ)
ධර්ම ජයවික්‍රම Tuesday, 22 September 2015 05:59 AM
ගමේ දුප්පත් පන්සලේ පින් කැටේ කඩන , බුදු පිළිමයේ සිරස බිඳ නිධාන සොයන උප්පැන්න සහතිකයට සිමාවුන බෞද්ධයන් සිටින ශ්‍රී ලංකාවේදී ඔබවහන්සේට සිදුවුණා කරදරය ගැන සමාවෙන්න. (බ)
මනෝජ් Tuesday, 22 September 2015 06:01 AM
උසාවි දාන්න කලින් ගගට දාපු ලියකියවිලි හැදුනුම් පත සොයා දෙන්න. එය රිමාන්ඩ් එකේ ඉදියි. හාමුදුරුවන්ට තමා බඩුත් නැතිව ඉගෙනුමටත් කරදර වෙන්නේ (අ)
ඉමේෂ් Tuesday, 22 September 2015 06:04 AM
අල්ලලා පේරාදෙණියේ පාලම් ගාවින් ගඟට දාල හැඳුනුම්පත හොයන එන්න කියන්න. (අ)
ලුම්බිණි Tuesday, 22 September 2015 06:21 AM
මේ වගේ අය පෝය දවසට නොවරදවාම පන්සලුත් යනවා. (ම)
ජානක Tuesday, 22 September 2015 07:55 AM
ලංකාවේ පාරවල්, ගොඩනැගිලි හැදුනට වැඩක් නැහැ මිනිසුන් හරිම ජරා ජාතියක් වෙලා. මිනිසුන් හදන්නේ නැතුව රටේ මොනවා දියුණු කරත් වැඩක් නැහැ. අඩුම වශයෙන් පාරේ වාහන පදවන විදිහේ බලන්න. කිසිම සංවර කමක් තියෙනවද. (අ)