පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භූතාන හිමි නමකගේ ගමන් බෑගයේ තිබු රුපියල් 40000 ක මුදලක් ද විශ්ව විද්‍යාල හැඳුනුම්පත හා අධ්‍යාපනික ලිපි ලේඛන හොරා ගත් සැකකරු සඳුදා(21) අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
එම හිමියෝ පසුගිය 20වැනි දින සවස 6 ට පමණ පේරාදෙණිය ඕවල ප්‍රදේශයේ කුලී නිවස වෙත ත්‍රී රෝද රථයකින් ගමන් කර ඇති අතර තම ගමන් බෑගය ත්‍රී රෝද රියේ තබා බැසගොස් නිවසේ විදුලි ගැටළුවක් සම්බන්ධයෙන් ත්‍රී රෝද රියදුරු කැඳවා එය නිරාකරණය කරගෙන ඇත. රියදුරු පිටත්ව ගියද තම බෑගය ආපසු ලබාදී නැතැයි ඒ හිමියෝ කියති.
ගමන් බැගය හා රුපියල් 40000 ක මුදලක්ද අධ්‍යාපනික කටයුතු වලට අදාල ලිපි ලේඛනද විශ්ව විද්‍යාල හැදුනුම්පතද නැති බවත් එදින හවස නිවස බලා ගිය ත්‍රිවිල් රථයේ රියදුරු සැක බවත් ඒ හිමියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි ලිපි ලේඛන හා විශ්ව විද්‍යාල හැඳුනුම්පත පේරාදෙණිය පාලම අසලදී ගඟට දැමු බව පැවසූ බව පොලිසිය කියයි. බෑගයේ තිබූ රුපියල් 37000 ක මුදලක් නිවසේ තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු අද (22) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ වැඩ කරොත් කරන්නේ ඔය වගේ අය තමයි.(හේ)
ඉතාමත් අවංක රියදුරෙක් ......? (බ)
ගමේ දුප්පත් පන්සලේ පින් කැටේ කඩන , බුදු පිළිමයේ සිරස බිඳ නිධාන සොයන උප්පැන්න සහතිකයට සිමාවුන බෞද්ධයන් සිටින ශ්‍රී ලංකාවේදී ඔබවහන්සේට සිදුවුණා කරදරය ගැන සමාවෙන්න. (බ)
උසාවි දාන්න කලින් ගගට දාපු ලියකියවිලි හැදුනුම් පත සොයා දෙන්න. එය රිමාන්ඩ් එකේ ඉදියි. හාමුදුරුවන්ට තමා බඩුත් නැතිව ඉගෙනුමටත් කරදර වෙන්නේ (අ)
අල්ලලා පේරාදෙණියේ පාලම් ගාවින් ගඟට දාල හැඳුනුම්පත හොයන එන්න කියන්න. (අ)
මේ වගේ අය පෝය දවසට නොවරදවාම පන්සලුත් යනවා. (ම)
ලංකාවේ පාරවල්, ගොඩනැගිලි හැදුනට වැඩක් නැහැ මිනිසුන් හරිම ජරා ජාතියක් වෙලා. මිනිසුන් හදන්නේ නැතුව රටේ මොනවා දියුණු කරත් වැඩක් නැහැ. අඩුම වශයෙන් පාරේ වාහන පදවන විදිහේ බලන්න. කිසිම සංවර කමක් තියෙනවද. (අ)