ඔක්තෝබර් 07 වැනිදා ඉන්දියාවට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය අරඹන "දේවි" නම් දමිළ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට එක්වන සුරූපි තමන්නා භාටියා එහි භූතාත්මයකට පණ පොවන බව වාර්තා වේ. සෙක්ස් කොමඩි ලේබලය යටතේ නිර්මාණය වුණ මෙය චිත්‍රපටය භූතාත්මයක් වටා ගෙතුණු කතාවකි. දමිළ භාෂාවෙන් මෙය "දේවී" ලෙස නම් කළද හින්දි භාෂාවෙන් මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ "ටුටක් ටුටක් ටුටියා" ලෙසය. එමෙන්ම තෙළිඟු භාෂාවෙන් මෙය "අභිනෙත්‍රි" ලෙස නම් කර ඇත.
මෙහි දමිළ, හින්දි හා තෙළිඟු චිත්‍රපට ත්‍රිත්වයේම ප්‍රධාන චරිත තමන්නා, ප්‍රභුදේවා හා සෝනු සෝඩි නිරූපණය කරන අතර, භාෂා අනුව අනෙකුත් චරිත සඳහා නළුනිළියන් වෙනස් වී තිබෙන බව සඳහන් වේ. හින්දි භාෂාවෙන් නිර්මාණය වන චිත්‍රපටයේ ආරාධිත චරිතයක් සඳහා ෂාරුක් ඛාන්ද එක්ව සිටීම විශේෂත්වයකි.
මේ දිනවල තමන්නා තරමක් කාර්යබහුලව සිටින අතර, ඒ "බාහුබලී" චිත්‍රපටයේ දෙවැන්නේ රූපගත කිරීම් කටයුතු සඳහා බව වාර්තා වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd