මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයේ ඇති සංකීර්ණ බව හේතුවෙන් බොහෝ සිසුන්ට ඊට පිළිතුරු සැපසීමට කාලය මදි වී ඇති නිසා ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීමේ කටයුතුවලදී සිසුන්ට සහනයක් සලසන්නැයි ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.
බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයේ එක් ප‍්‍රශ්නයක් සඳහා ලැබෙන්නේ විනාඩි 2 තත්පර 4ක කාලයක් වන අතර මෙම ප‍්‍රශ්න පත‍්‍රයේ සංකීර්ණත්වය අනුව එම කාලය ප‍්‍රමාණවත් නැති බව වාර්තා වන්නේ යැයි එම සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරුසේවා සංගමය ප්‍රකාශ කරන්නේ අගෝස්තු 8 වැනිදා පෙරවරුවේ පැවැති භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට පැය 2ක් තුළ ප්‍රශ්න 50කට පිළිතුරු සැපයිය යුතුව තිබූ බවයි.
විභාග කොමසාරිස් ඩබලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කිසිම පැමිණිල්ලක් තමාට ලැබී නැති බවයි. එමෙන්ම මෙම ප්‍රශ්න ක්‍රමයේ ගැටළුවක් නැති බවත් මෙය තරගකාරී විභාගයක් වන අතර අනුගමනය කළ යුතු සියලු නියමයන් අනුගමනය කරමින් විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ පළපුරුද්ද හා දක්ෂකම ඇති අය කළ වැඩක් බවත් කොමසාරිස්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල්ට පිස්සු, මිනිහ පැය 1 විනාඩි 20 කනා ගහල .කනා ගහන්න විනාඩි 05 ඇති .හරියට කරපු ළමයින්ට වෙලාව මදි (බ)
ගුරුවරු තමන්ගේ විෂය පථය දරුවන්වට නිවැරදිව කරනවානම් මෙවැනි නස්පැත්තිවලට මුහුණ පාන්න වෙන්නේ නැහැනේ.විශේෂයෙන් ගුරුවරුන්ගේ නොපැමිණීම අදාළ විෂය පථය ඒ කාලසීමාව තුල සම්පුර්ණ නොකිරීම මේ හේතුවලට විශේෂයෙන් බලපානවා.මගේ දරුවෝ දෙන්න තවම පොඩි පන්තිවල ඉගෙන ගන්නේ.වැඩිහරියක් ගුරුවරු නිවාඩුපිට ඉන්නේ සතියේ දවස් පහේම. අතපසුවුන පාඩම් පාසල් කාලෙන් පසුව දාගන්නවා.මේවලින් දරුවෝ විතරක් නෙමෙයි දෙමාපියනුත් අසරණ වෙනවා.ළමයින්ට පොඩි පන්තියේ සිටම විභාගවලට මුහුණදෙන ආකාරය පැහැදිලිවම වටහා දෙන්න ඕනේ පාසලෙන්.අනික මෙවැනි තීරණාත්මක විභාගයන් කිසිසේත්ම ලෙහෙසිපහසු වෙන්නේ නැහැ දරුවෝ ඒ සදහා හැඩගැසුණේ නැත්තම්. (බ)
මම නම් මේ ප්‍රශ්න පත්තරේට පැය 1 විනාඩි 20 ලිව්වා (බ)
ලංකාවේ විභාග තියන්නේ ළමයින්ව කොහොම හරි අසමත් කරන්ඩ. අවුරුදු ගානක් මහන්සි වෙලා ළමයි නිකම් අනාත වෙනවා. සමහර ප්‍රශ්න පත්තර විශ්ව විද්‍යාලයේ හතරවැනි වසරට සමානලු. (බ)
සහතික ඇත්ත ළමයි හැමෝම දැඩි මානසික අාතතියකට පත්වුණා මෙම ප්‍රශ්න පත්‍රය නිසා (ම)
ඇත්තටම ප්‍රශ්න සංකීර්ණ වැඩියි. හරියට සියල්ලටම ලියන්න පැය දෙක මදි. ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි, ළමයි හැමෝටම ආ ප්‍රශ්නයක්. අනික තමා ළමයි මානසිකව වැටුනා ප්‍රශ්න පත්‍රය දැක්කහම. (නි)
මෙතනදි ගුරුවරු කොයි තරම් හොඳින් ඉගැන්නුවත් ළමයි කොපමණ හොඳට සූදානම් වුනත් වැඩක් නැහැ. ප්‍රශ්න දිග වැඩියි. සමහර ඒවාට විනාඩි 10 ක් විතර ඕන. ජීව විද්‍යාව ළමයින් කොහොම කරාද දන්නෙ නැහැ. සමහර ගණන්වල කොටස් අඩුයි. උදාහරණයකට 46 වෙනි ප්‍රශ්නෙ තියෙන මේසය සුමටද නැත්නම් ඝර්ෂනයක් තියෙනවද? ළමයි එක එක විදියෙන් උප කල්පන කරන්න ඇති. විභාග කොමසාරිස් තුමනි මේ අයට ලබන වාරයේ නම් ප්‍රශ්න හදන්න දෙන්න එපා. (බ)
එදා වුණානම් ඇමතිව පතුරු ගසාවි (ම)
මෙවර විභාගය නිසා ගොඩක් දරුවන් අසරණවෙලා. (නි)
පවු පොඩි අය. කලා විෂයන් වැනි පහසු ඒවා නම් අමාරු කළාට වරදක් නැහැ.නමුත් මේ වගේ අපහසු විෂයන් තවත් අමාරු කිරීම වැරදියි. පහසු කිරීමත් වැරදියි. නියමිත තත්ත්වයෙන් තිබීමයි හරි. (නි)
එහෙනම් මෙයින් දරුවන්ට වී ඇත්තේ අසාධාරණයක් නේද? (නි)
තිස්ස හරි. කමල්ට තරු පෙනෙන්නේ ප්‍රතිපල එනකොටනේ (ම)
මේ ප්‍රශ්නවලට උත්තර පැය දෙකෙන් ලියන්න හදපු අයටත් බැහැ කියන එක හරියටම කියන්න පුළුවන්. ළමයින්ට තමන්ගෙ ලොකු වැඩ පෙන්නන්න හදන මේ අයට විභාගය ළමයින්ට එපා කරවලා මානසිකව වට්ටලා මොනවද ලැබෙන්නෙ?ඊළඟ අවුරුද්දෙදි මෙයාලට දීලා නම් ප්‍රශ්න පත්‍රය හදවන්න එපා. (නි)
කොච්චර පෙරහුරු ප්‍රශ්න ලිවුවත්, කතාකළත්, කටපාඩම් කළත් බොහෝ දෙනෙකුට ප්‍රශ්න පත්තරය අතට ගත්තහම මේක "තරඟ විභාගයක්- තීරණාත්මක මොහොතක්" කියන සිතුවිල්ල එනවා. හිත කලබල වෙනවා. ඒක ස්වාභාවිකයි. ප්‍රශ්න පත්තර හදන අය මේක දැනගෙන මුලින් ඒ චකිතය බැහැරවෙන විදියට ප්‍රශ්න පෙළගස්සනවා නම් හොඳයි. නමුත් ඒක වෙන්නේ නැහැ. මුලින්ම තමන්ගේ "පඬිත්වය" විදහා දැක්වෙන ප්‍රශ්නයක් දෙනවා. ශිෂ්‍යාගේ මොළය කරකවනවා, අඹරවනවා, පද්දනවා. අවසානයට බැලුවම ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ සරල දෙයක්. ඒක තේරුම් ගන්න "පෙර පාසලේ ඉඳලා සා/පෙළ හරි උසස්පෙළ හරි දක්වා ඉගෙනගත් දේවල් මතක් කරගන්න ශිෂ්‍යයා පොළඹවනවා. ඉතින් කාලය ඇද්ද? මේ ප්‍රකාශය ගැන මාත් එක්ක කී දෙනෙක් එකඟද? (නි)
මේ සැරේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ කවුද? (නි)
ඇත්තටම හොඳටම වෙලාව මදි. ප්‍රශ්න හතළිහයි කරගන්න පුළුවන් වුණේ. ඉතිරි දහයම කනා ගැහුවෙ. කලබලේට කරපු හතළිහෙනුත් හය හතක් වැරදි. කනා ගහපු එකයි හරි. මෙතන දි හැමෝටම අමාරු කතාව ඇත්ත. ඒත් මේකෙන් වෙන්නෙ එස් එකක් ගන්න හිටපු ළමයට ඒකත් නැතිවීම සහ ඒ/බී ගන්න හිටපු ළමයින්ට බී/සී ලැබෙන එක. හැමෝටම අමාරු නිසා සමස්තයක් විදියට කාටවත් අසාධාරණයක් වෙන්නෙ නෑ ඒ/බී/සී/එස් දෙන ලකුණ පහළට දැම්මොත්. (අ)
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නම් එවැන්නක් සිදු නොවේවා ! (නි)
විභාග ප්‍රශ්න පත්‍ර හොරෙන් පිටවෙන්නෙත් එයාලගේ දක්ෂකම නිසාද මහත්තයෝ.....කලින් සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවෙලා ලකුණු 19ක් එකතු කලෙත් ඒ නිසාද මහත්තයෝ..... ප්‍රශ්න පත්‍ර වල කොච්චරනම් අඩුපාඩු තියෙනවද....ඒවටත් තරගකාරී ප්‍රශ්න පත්‍ර කියන්න තරම් මෝඩයෙක් මමනම් දැකල නෑ ....... (ම)
දරුවෝ අසරණ වෙන්නෙ මෙයාලගේ පළපුරුද්ද සහ දක්ෂකම් වැඩි වෙන තරමටම තමයි. (බ)
පළපුරුද්ද සහ දක්ෂකම තියෙන්නේ දරුවන් අසරණ කරලා එමගින් කාලකන්නි සතුටක් ලබන්නද ? දහමට අනුව මේවාට පඩිසන් දෙන්නේ වැඩිකල් නොගිහින් (ම)
2001 වසරේ පරිපාලන විභාගේ පළවෙනි ප්‍රශ්න 5 ට කිසිම කෙනෙකු නිවැරදි ලියලා නෑ.....එකට හේතුව බහුබූත මොඩුල් ප්‍රශ්න වගයක්....(ම)
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර වලට ප්‍රශ්න සෑදීම කරන්නේ එක්කෙනෙක් ද නැත්තම් මණ්ඩලයක්ද. මම දන්නා විදිහට මේවා සමහර මහාචාර්ය වරුන්ගේ බුදල් වෙලා. අනික උසස් පෙළ විෂයන් වල අන්තර්ගතය පිලිබඳ වත් මිට වැඩ කතිකාවතක් සමාජයේ ඇතිවිය යුතුයි. මේවා සමහර පුද්ගලයින්ගේ අත්තනෝමතික උරුමයන් වෙලා තියනවා. (බ)