වී බුසලයේ මිල වැඩිකරන හැම අවස්ථාවකම බහුජාතික සමාගම් පොහොර මිලද ගොයම් කැපීමට හා පෑගීමට යොදාගන්නා භූතයා හා සුනාමිය වැනි නම් වලින් හැඳින්වෙන යන්ත්‍ර සූත්‍ර හිමිකරුවන් ඒවායේ ගාස්තුද වැඩි කරන හෙයින් මිල වැඩිකිරීමේ සැබෑ වාසිය ගොවියාට හිමිවන්නේදැයි සොයාබැලිය යුතු බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා මනම්පිටියේදී පැවසීය.
මහවැලි ගොවීන් 2000 කට බිමේ අයිතිය පැවරීමේ උත්සවයකදී ඔහු එසේ කීවේය. වාරි මාර්ග ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා විය.
ගොවියාගේ ආදායම වැඩිකිරීම සඳහා වී වගාවට අමතරව ඔවුන් පළතුරු එළවළු වැනි අතිරේක බෝග වගාවටද යොමු කළ යුතු බව ඇමති කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම දෙකම මිල අඩුවෙගෙන් යනවා, ඇමතිතුමා තෙල් මිල අඩු කලොත් තමා ඕකට තියෙන උත්තරය. දැන් ලෝක වෙළඳ ලේත් තෙල් මිල අඩුවෙනවා. ඉක්මනට රුපිඅල් 20 කින් තෙල් ලීටරයක් අඩු කරන්ඩ.(දිල්).
ගොවියා මාස ගණනක් මහපොළොව සමඟ දුක්විඳ අවසානයේ ඔහුට ලැබෙන දෙයක් නැහැ. ඇමතිතුමනි,මීට සාධාරණ විසඳුමක් දෙන්න (නි)
ගොවියට අත හිත දෙන තරමට රටේ අස්වැන්නද සරුසාර වේවි.රටද ස්වයන්පෝෂිත වේවි සීග්‍රයෙන්.(හේ)