ශ්‍රී ලංකාවේ වරලත් භෞත චිකිත්සකවේදීන්ගේ සංගමය සංවිධානය කළ ‘ලෝක භෞත චිකිත්සක දිනය‘ සැමරීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අමාත්‍යංශ ලේකම් ඩී.එම්.ආර්.බී.දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී භෞත චිකිත්සක සංගමයේ සාමාජිකයන්ට සහතිකපත් ප්‍රදානයද සිදුවිය.
බෝ නොවන රෝග නිවාරණය වෙනුවෙන් කළ විශිෂ්ට මාධ්‍ය මෙහෙවර අගයා ලංකාදීප පුවත්පතට සම්මානයක් හිමිවූ අතර ඒ වෙනුවෙන් පෑන මෙහෙයවූ ලංකාදීප මාධ්‍යවේදී ගයාන් සූරියආරච්චිට විශේෂ සම්මානයක් ලබාදීමද සිදු කැරිණි. ලංකාදීප පුවත්පත වෙනුවෙන් විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් මහතා සම්මානය ලබා ගත්තේය.
එහිදී භෞතචිකිත්සකවරුන් වන ජාලිය උඩුවැල්ල, සුජීව වීරසිංහ ඇතුළු පිරිසක් විශේෂ දෙසුම් පැවැත්වූහ.
ඡායාරූප - ඉෂාන් සංජීව
වීඩියෝ - කෞශල්‍ය සමින්ද






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවිඳුනි, රැකදෙන්න මොවුන් සැමදෙනාවම
තිස්තුන් කෝටියක් නොපෙනෙන දෙවිවරුන් අතර පෙනෙන දෙවිවරුන් ඔබලා බව අපි හොඳින් දන්නවා (බ)