මුදල් අමාත්‍යංශයේ වැදගත් ලිපි ගොනු 2100 ක් පමණ අතුරුදන්වී ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා රහස් පොලිසියට පැමිණිලි කරයි.
සැකකටයුතු ගනුදෙනු සම්බන්ධ ලිපි ගොනුද ඒ අතර වන බවත් ඊට වගකිව යුතු නිලධරයන් කවුදැයි දන්නා හෙයින් ඒවා ඇති තැන් පෙන්වීමට ඔවුනට සිදුවනු ඇතැයිද ඇමැති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ළිඳටවත් දැම්මද දන්නේ නැහැ? (නි)
මාසයක් තිස්සේ කසකාරයෝ පමණි. පෙරහර නැට්ටුවෝ තව දුරද? මහා ඡන්දෙ වෙනකම්ම කාසි බෙර සද්දෙ විතරද? (බ)
මේකත් අර ගිණුම වගේද? (ස)
" අයවැය ප්‍රතිලාභ " තවමත් මහජනයාට ලැබුනේ නැහැ. ඒවා ගැන බලන්න කවුරුත් නැද්ද.? කතාවට කියන දේ ක්‍රියාවට නංවා නැහැ. වෙන පැතිවලට දුවන්නේ නැතිව මහජනයාට දෙනවා කිව දේවල් ලබා දෙන්න. (ස)
හිටපු මුදල් ඇමතිතුමා වැඩි පරිස්සමට ලිපිගොනු ගෙදර ගෙන යන්න ඇති. (ස)
මේ ගොල්ලොත් කරන වැඩක් නැහැ වගේ.අපිට මේවා අහලා අහල ඇති වෙලා දෙගොල්ලොම එකයි වාගේ (දිල්)
දින 100 යන්නට පෙර හොරු10 ක් වත් ඇල්ලුවේ නැත්නම් අම්මපා ඡන්ද දෙනවා අනිත් පැත්තට (දිල්)
අප පිනවන්න සුරංගනා කතා කිව්වා ඇති. දින සීය ගෙවීගෙනත් යනවා තාම මුකුත් නෑනේ (දිල්)
දින සීයෙන් අලිමංකඩ යනවා කිවූ අය තවම පාමංකඩනේ (දිල්)
මේ දෙපාර්තමේන්තුවල මේවට වගකිවයුතු කෙනෙක් නැද්ද ? පේන විදියට අාණ්ඩුව කරන්නෙත් බොරුව. (නදී)
මොකුත් කර කියා ගන්න දන්නේ නැති අයටද අපි රට බාර දුන්නේ? ඇයි තාම කිසිම දෙයකට වැරදිකරුවන්ට දඩුවම් නැත්තේ ? (නදී)
මහත්වරුනේ, අවුරුදු දහයක හොරකම් එක දවසට දෙකට හොයල දඬුවම් කරන්න පුලුවන්ද ? අනික රටේ පවතින නීතියට අනුව බැහැ නේද? ඉස්සර නම් ඇල්ලුවා ෆයිල් පෙන්නන්න එක්ක ගියා. පැනල යන්න හැදුවා වෙඩි තිබ්බා කතන්දරේ එහෙමයි උනේ. නැත්නම් සුදු වෑන් එකක් ආවා ඉස්සුවා ගෙදර මිනිසුන්ට දානයක් වත් දෙන්න විදිහක් නැහැ. මොකද අද තව වෙනකම් ගෙදර මිනිස්සු බල ඉන්නවා මනුස්සයා ගෙදර එයි කියලා. මේවා ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රම වේද. අපිට හදිස්සියි බලන්න ආසයි රොත්ත පිටින් අල්ලලා පෙලට දම්වැල් දාල බන්දනාගාර බස් එකෙන් අරන් යනවා. හැබැයි එ්ක සිද්ද වෙන්න ඕන රටේ නීතියට අපි තව ටිකක් ඉවසමු (නදී)
පිටබැද්දර ජයා. ඒ දේ තමයි අපි තවමත් බලාගෙන ඉන්නේ. ඔබතුමා නිවරදියි. බලමු රටේ නීතියට අනුව දඬුවම් දෙයිද කියලා. (නදී)
කවුරු කවුරුත් එක එක විදිහට බලනවා. නමුත් කිසිවක් වෙන්නේ නැහැ. (නි)
කට්ටිය පොඩ්ඩක් ඉවසන්නකෝ හරියට හොරු ටික අල්ලනතුරු. (නි)