උත්තරීතර සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවට නොපැමිණීම ඉතා වැදගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉදිරියෙන් සිටිය යුතු ගෞරවනීය මහ සගරුවන දේශපාලනයට පැමිණීමෙන් මන්ත්‍රීවරයෙකු බවට පමණක් පත්වන බැවින් එවන් භික්ෂුවක් දේශපාලඥයින්ට ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි ඇමැතිවරයා ප්‍රශ්න කරයි. එමෙන්ම එය සමාජයේ ප්රගමනයට හානියක් බවද අමාත්‍යවරයා පවසයි.
මෙම අයහපත් තත්ත්වයට ඉඩ නොතැබීමට සංඝයා වහන්සේලා අතර කථිකාවක් ඇති විය යුතු බවත් එය කාලීන අවශ්‍යතාවත් බවට පත්ව තිබෙන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
රතන හිමියන් ස්වාධීන වීමට ගත් තීරණයට වඩා පාර්ලිමේන්තුවෙන්ම ඉවත්වීමට කටයුතු කළේ නම් සුව්ශේෂී සමාජ මෙහෙවරකට මග පෑදෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
‘භික්ෂූන්ගේ පැමිණීමෙන් පාර්ලිමේන්තුවට ඇති වූ සුගතියකුත් නෑ, රටේ ඇති වූ වෙනසකුත් නෑ, උන්වහන්සේලාට අත් වූ සෙතකුත් නෑ. එබැවින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ශාසනික හා සමාජ මෙහෙවරකට භික්ෂූන්වහන්සේ යෝමු කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි අතුරලියේ රතන හිමියන් වෙන යෝජනා කර සිටිනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් වහන්සේලාට කරන්නට තියන රාජකාරිය පැත්තක දාලා, දේශපාලනේ කරන්න යනවා. ඊටපස්සේ නොයෙක් ගැටළු. අන් ආගමික අය අතරේ පමණක් නොව අපේම අය අතර විහිළුකරුවන් බවට පත්වෙනවා. මේ තත්වය බුදු දහමට විශාල ගැටළුවක්. එම නිසා ඔබවහන්සේලා බුද්ධ චීවරයේ ගරුත්වය ආරක්ෂා කරගන්න. (නි)
රතන හාමුදුරුවෝ ආණ්ඩුවත් එක්ක ඉන්නතුරු මේ ගැන කට හොල්ලපු නැති අය මොකද මේ බයවෙලා. (නි)
"ඔවා දෙනු මැන පරහට - තමා නිසි සම්මතයේ පිහිටා සිට" (නි)
ආගම දහමේ පැවැත්මට හා පූජකයින්ගේ පැවැත්ම සඳහා භික්ෂුන් වහන්සේලා දේශපාලනය කළයුතුයි. වැඩවසම් යුගයේ වගේ ජීවත්වෙන්න වර්තමානයේ භික්ෂුන් වහන්සේලාට පුළුවන්කමක් නැහැ. යාන වාහන, ආහාර, රටේ සිවිල් බලය වැනි දේ අවශ්‍යයි. (නි)
ඒගොල්ලෝ ආගම සහ ජාතිය වෙනුවෙන් සමාජ මෙහෙවරක් කරනවා. නැත්නම් රටෙන් කෑලි කෑලි දීලා ඉවරයි. ශ්‍රී සුමංගල, ගුණානන්ද වගේ හාමුදුරුවරු තව තවත් පහළවෙන්න ඕනෑ. (නි)
කතාව නම් සහතික අැත්ත. සඟ කතිකාවතක් අවශ්‍යම කාලයක්. (නි)
අනේ සාදු, සාදු!! බුදු සසුන බැබළේවා! (නි)
අලුත් ව්‍යවස්ථාවෙන් සෙනෙට් එකක් ඇතිකරලා ආගමික නායකයන්ටත් තැනක් දෙන එක හොඳයි. හාමුදුරුවරු කියන්නේ රහත් වුණ අය නොවන නිසා දේශපාලනය නොකර ඉඳියි කියලා හිතන්න අමාරුයි. (නි)
ඊට කලින් නුගත් දේශපාලකයින් දේශපාලනයෙන් අයින්විය යුතුය (නි)
මේ කියන අය පාර්ලිමේන්තුවට ආවා කියලා ජනතාවට මොකද්ද වුණ සෙතේ? (නි)
ඇත්ත වශයෙන්ම ඉතා හොඳ යෝජනාවකි. බෞද්ධ ධර්මයට ජනතාවගේ ඇති ගෞරවය ආරක්ෂා වීමට එය හේතු වන්නකි. පන්සල්වලට වෛර කරන්නත් භික්ෂුන් වහන්සේලාව විවේචනය කරන්නත් ජනතාව අද පෙළඹී ඇත. මෙම තත්ත්වය තවදුරටත් පැවතිය යුත්තක් නොවේ. පන්සල හරහා දේශපාලන බලය ලබාගැනීමට දේශපාලකයන් උත්සාහ ගන්නාවිට මන්ත්‍රී අපේක්ෂක භික්ෂුන් වහන්සේලාටද ඒ පසුපස යාමට සිදුවෙනවා ඇත. එහිදී ඇතිවන තත්ත්වය කවර ආගමක ධර්මයකටවත් සුදුසු වන්නේ නැත. (නි)
මේ වදනට මා එකඟය. (නි)
ඔව් එහෙම වුණා නම් ඉතින් කට්ටියට ඕනෑ ඕනෑ විදියට වැඩ ටික කරගෙන යන්න පුළුවන්නේ. (නි)
ඉස්සරත් සමහර හාමුදුරුවරු දේශපාලනය කළා. ඒ රට, ජාතිය ආගම ගැන හිතලා පොදු ජනතාවගේ යහපත උදෙසා. දේශපාලනයෙන් තොරව කිසිවක් කරන්න බැහැ. දේශපාලනය අතිශය පූජනීය කාර්යයක්. ඒ නිසයි මන්ත්‍රීකම, ඇමතිකම අහිමිවුණු දේශපාලකයින් සාමාන්‍ය පුද්ගලයින් ලෙස පසු කාලෙක ජීවත්වුණේ. අද දේශපාලනය මඩ ගොහොරුවක් වෙලා. මන්ත්රීකම් ලබාගැනීම පමණක් නොවෙයි, දේශපාලකයින්ට ගැතිකම් කිරීමත් භික්ෂුන්ට සුදුසු නැහැ. (නි)
හොඳ යෝජනාවක් (නි)
උත්තරීතර සංඝයා වහන්සේලා දේශපාලනයෙන් ඉවත්වීම හොඳයි. එ්ත් දේශපාලනය කළයුත්තේ උගත් යහපත් මිනිස්සු. එ්ත් අද ඉන්නේ තක්කඩියෝ නේද? හාමුදුරුවෝ ඉවත්වුණොත් ඒ කට්ටිය විතරක් හොඳට හිටීවි (නි)
නන්ද, ලංකාවේ සංඝයා වහන්සේලා දේශපාලනයට එකඑල්ලේ සම්බන්ධ වූ අවස්ථා වලදී සිද්ධවුණ හානිය සිතිය යුතුයි. අඩුම වශයෙන් මහාවංශය කියවන්න. අපේ මහා සංඝරත්නය මේවා කර තිබෙන්නේ රටේ යහපතටද? දේශපාලනය "අතිශයින් පූජනීය" කාර්යයක් වුණේ කොහොමද? අද දේශපාලනය මඩගොහොරුවක් වෙලා කියලා ඔබම කියනවා. එහෙමනම් මේ "පුජනීය මඩගොහොරුවට" බහින්න සංඝයා වහන්සේලාටත් අවසරද? (නි)
ඔය කතාව කියන්න තිබුනේ රතන හිමි මහින්දගෙන් අයින්වෙලා මෛත්‍රී/රනිල් පැත්තට මාරුවෙනකොට. එදා උඩින්ම පිළිගත්තා. දැන් යනකොට මේ බයිලා කියනවා. (නි)
දේශපාලනය කරන චීවරධාරින්ද, ගිහි පැත්තේ කුඩු හොරුන්ද පාර්ලිමේන්තු යවන්නේ අපිමයි. වරද කාගේද? (නි)
හැමෝටම යුද්ධ කාලේ අමතකයි වගේ. භික්ෂූන්ගේ පැමිණීමෙන් තම යුද්ධය හරි නතර වෙන්න කටයුතු යෙදුනේ. භික්ෂුන්ට දේශපාලනය කරන්න සිද්ධවුණේ පාර්ලිමේන්තුවේ අය රට අරාජික කරමින් තිබුන නිසා. පාර්ලිමේන්තුවේ හොර වැඩ වලට භික්ෂුන් වහන්සේලාට කතා හදන එක නතර කරන්න. (නි)
‘චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාව බහුජන සුඛාය‘ බුදුන් වහන්සේ උපදෙස් දුන්නේ පාර්ලිමේන්තු යාමට නොවේ. ජනතාවගේ හිත සුව පිණිස කටයුතු කිරීමටයි (බ)
ස්වාමින් වහන්සේලා දේශපාලනය කරන්න ගිහින් මතකනේ පාර්ලිමේන්තුවේදී වෙච්ච අකරතැබ්බ. ශාසනය රැකගත්තොත් රට රැකගන්න එක බුද්ධිමත් ස්වාමින් වහන්සේ නමකට එතරම් ලොකු දෙයක් නොවෙයි. ඒක නිසා ඔය ජරාජීර්ණ දේශපාලනයෙන් ස්වාමින් වහන්සේ ඈත්වීම තමයි වඩාත් සුදුසු. (නි)
සංඝයා වහන්සේලා විතරක් නෙවේ ඔබතුමන්ලා දේශපාලනයට ඇවිත් රටට කරපු දේකුත් නෑ. රට විනාශ කළා මිසක් (බ)
හාමුදුරුවරු දේශපාලනය කරන එක වැරදියි කියනවනම් ,අට පාස් නැති තියන අලුගුතේරු වැඩ ඔක්කොම කරපු එවුනුත් ඕකෙන් අයින්කරන්න ඕන (බ)
එදා පන්සල නිසා ගමේ ජනතාව එකමුතු වුණා. අද දේශපාලන හාමුදුරුවරු නිසා ගමේ ජනතාව භේද වෙනවා! කවුරු කවුරුත් වගේ අද කහින්නේ තමන්ගේ වාසියට. (බ)
ගණිකා මඩම්, සුරාසැල්, හොරුන්ගේ තිප්පලවල් වල ගැවසෙන්නන්ගේ පාද ස්පර්ශයටද බඳුන්වන පාර්ලිමේන්තුව, උතුම් පුද්ගලයන්ට සුදුසු නොවේ (නි)
මේ මොන බොරු කතාවක්ද? හාමුදුරුවරු ඉන්නේ මන්ත්‍රීට ඉදිරියෙන් නම් හාමුදුරුවරු කියන දේ මන්ත්‍රීලා පිළිපදින්න ඕනෑ. එහෙම වෙනවද? පාර්ලිමේන්තු ගියොත් රටේ පාලනයට බලපෑමක් කරන්න පුළුවන්. බුදුන් වහන්සේ පාර්ලිමේන්තු යන්න එපා කියලා තියනවද?එහෙම කියන්න ඒ කාලේ එංගලන්තෙවත් පාර්ලිමේන්තු තිබුනද? එදා රජකම ගියේ පරම්පරාවට. භික්ෂුන්ට තියා කාටවත් දේශපාලන බලයක් තිබුණේ නැහැ රජුට හැර. මොනවා කිව්වත් මන්ත්‍රීකෙනෙක් කියන්නේ ජනපති අගමැති ඇමති නියෝජ්‍ය ඇමති ළඟට ඉන්න බලවතා. භික්ෂුන් ඇතුළු හැමෝම ඉන්නේ ඊට යටින්. තමන්ගේ දේශපාලනේට බාධාවෙන හින්දා තමා මන්ත්‍රීලා ඔහොම කතා කියලා හාමුදුරුවරු දේශපාලනෙන් ඉවත් කරන්න හදන්නේ (නි)
පාර්ලිමේන්තුවෙ ඇතුලේ තියන සැප අතහැරලා කොහොම යන්නද. (බ)
කමල් පානදුර මහත්තයෝ, මෙතන තියෙන්නේ අධ්‍යාපන මට්ටම පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. පුජක බවත් ගිහි බවත් අතර ප්‍රශ්නයක්. පළමුවෙන්ම ඒ බව තේරුම් ගන්න. දේශපාලනේ කරන්න ඕන නම් මහණ වෙන්න ඕන නැහැ. මහණකම අත්හැර දාලා දේශපාලනේ කොරන්න! සාසනේ දැන් අන්ත පරිහානියකට ගොස් තිබීමට මේ දේශපාලන උන්නාන්සෙලත් වග කිව යුතුයි! (බ)
ඔයාලත් අයින් වෙන්නකෝ. ඔයාලගෙන් ඇති වැඩකුත් නැහැනේ (නි)
මම දන්නා විදියට මේ දෙකම එකයි. දේශපාලකයන් රට හූරාකනවා. මේ උන්නාන්සේලා ශාසනය විනාශ කරනවා (නි)
අනේ, දැන් ඉන්න සමහර චීවරධාරීන් ගැන අපි මෙතන තර්ක කරලා පලක් නැහැ. ප්‍රායෝගිකව ඒගොල්ලොලන්ගේ ක්‍රියාකාරකම් බැලුවාම තේරෙයි සත්‍යය. (නි)
නිසි අධ්‍යාපනයක් නැති අයත් ඉවත්වුණොත් හොඳයි (නි)
මින් උන්වහන්සේලාට අත්වූ සුගතියකුත් නැහැ කියන එක වැරදියි. බහු ජනසෙත පිණිස වඩින්න බෙන්ස් ඊ 200 එහෙම ගන්න ලැබුනේ මේ මන්ත්‍රීකම නිසානේ. ඒ විතරක්යැ ඒක විකුණලා ලැබුන මුදල් ආයෝජනය කරලා සංසාරය කෙටි කරගත් මන්ත්‍රී හිමිවරුනුත් හිටියා නේද? (නි)
භික්ෂුන් වහන්සේලා ඇතුලු සියලු පුජ්‍ය පක්ෂ දේශපාලනයේ යෙදීම සහ ප්‍රකාශන සිදුකිරීම නැවතිය යුතු අතර, පෙර රජ දවස මෙන් භික්ෂුන් වහන්සේලා ජනාධිපති සහ අගමැති තනතුරෙහි උපදේශක මණ්ඩලයක ස්ථාපිත කළයුතුය. මින් අපගේ බොදු ජාතියට සහ බුද්ධ චීවරයට වන අපහාසය සහ අනෙකුත් මිනිසුන් අපාගතවීම වැළැක්වීම සිදු කළ හැක. (නි)
එහෙමවුණොත් ශාසනයත් අාරක්ෂාවෙලා රටත් ආරක්ෂා වෙයි. පෙරදවස වුණ විදියට උපදේශයට පමණක් සිමාවුණොත් වඩාත් සුදුසුයි. (නි)
හරියට හරි. (නි)