අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයය අද පස්වරු පහේ සිට දින නියමයක් නැතිව වසා දැමීමට තීරණය විය.
නේවාසික භික්ෂූන්ගේ විනය විරෝධී ක්‍රියා ඊට හේතු වූ බවත්, භික්ෂූන් නව දෙනකුගේ පන්ති තහනම් කළ බවත් එක් භික්ෂුවකගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ බවත්, අර්බුධය සමනය වන තුරු විශ්ව විද්‍යාලය වසා දැමෙන බවත් උපකුලපති තුඹුල්ලේ සීලක්කන්ද නාහිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද වූ විනය විරෝදී ක්‍රියාව (දී)
සුජිත් ඔබ 100% හරි මමත් ඔබේ මතයේ ඉන්නවා (දී)
ලංකාවේ අධ්‍යාපනය ගැන කතා නොකර ඉම්මු (දී)
තායිලන්තයේ ගිහියකුට තාවකාලිකව පැවිදි වී මාස තුනක් ඉන්න නිවාඩු ලැබෙනවා. ඒ, එම පුජනීය ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න ගමන් පැවිදි පිළිවෙත් පුරා සිතට සැනසිල්ලක් ලබාගන්න. අපේ රටේ තරුණ භික්ෂුන්ට අවම වශයෙන් මාසයක් ගිහියකු වී සිටීමට අවසර ලැබිය යුතුයි. එවිට උන්වහන්සේලා තේරුම් ගනීවි ගිහියෝ කොපමණ දුක් විඳිනවද ජීවත් වෙන්න කියල. කවදත් පැවිද්දන් අතින් වැරදි සිදුවෙනවා. ඒවා මානුෂික ලෙස බලන්න ඕන. අපේ හාමුදුරුවරුත් තමන්ගේ ගෞරවය රැකගෙන කටයුතු කරන්නත් සිතා ගන්න ඕන. (අ)
විනය කියන්නෙ ශාසනයේ ආයුෂ යි කියල අටුවාචාරින් වහන්සේලා කියා තිබෙනවා... (අ)
ආතතිය කළමනා කරණය කරගැනීම පිළිබඳව මොවුන් දැනුම්වත් කලොත් මෙවැනි තත්වයන් අඩුවේවි.(නදී)
සිසුන්ගේ විනය හදන්න එස්.බී තරම් සුදුස්සෙක් මේ තුන් ලෝකෙම නැහැ. (නදී)
ඇත්ත නොදන්නා අය මේ ගෙන කතා කරොත් කොහොමත් පවු. පේන දෙයට වඩා එහායින් ගිය ඇත්ත දැනගන්න ලොකු බුද්ධියක් තියෙන්න ඕනා.(නදී)
සිසුන්ට සිදුවූ අපහසු තාවයන් ගැන ප්‍රශ්න කල විට පිළිතුරු නැති වූ පරිපාලනය ප්‍රශ්නයෙන් පලා යාමට කල හැකි එකම විසදුම සරසවිය වසා දමා සිසුන් අපහසු තාවයට පත් කර බලා හිදිම පමණි. (නදී)
විනය සාසනයේ ආයුෂ එය රැකීමටත් ස්වාමින්වහන්සේලා ඉන්න ඕන නේද? ඉන්න අය ආරක්ෂා කර ගන්න හැමෝම එකතු වන්න උන්වහන්සේලාට වෙලා තියෙන අසාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? (නදී)
සිංහලයා ආරක්ෂා කළ යුතු හොඳම වෙලාව මෙයයි.(නදී)
පොඩි හමුදුරුවරුන් පව්. විශ්ව විද්‍යාල පරිපාලනේ වරද. (ත)
හැමදේම දේශපාලන ඇසින් බලන්නේ ඇයි? දේශපාලන ඇසින් බලන නිසා භික්ෂු සරසවිය අනතුරේ.(ත)
භික්ෂුන් වහන්සේලාගෙන් විනය කියන එක උපරිමයෙන් මිනිසුන් බලාපොරොත්තු වෙනවා (දී)
විශ්ව විද්‍යාල පරිපාලනේ හින්දද ??පොඩි හාමුදුරුවරුන්ට ඉගෙනීමේ අයිතිය උන්වහන්සේලාට ලබාදෙන්න (දිල්)
තාම මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබිල නැතිද ජනදිපතිතුමනි ඔබතුමාටවත් මේ ගැන නිවැරදි විසදුමක් දීමට නොහැකිද? (නදී)
මේවට අදහස් ලිව්වොත් නිකන් පවු පිරෙනවා. (නදී)
එස්.බී ඇමති තුමනි මේකත් බේර ගන්න. ජේ.වි.පී කාරයෝ කනවා.(නදී)