පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතෙහි ප‍්‍රශ්න ගතවී තිබෙන ඇතැම් වගන්ති ඉවත් කිරීමට කටයුතු කර ගෙන යන බව නීතිපති අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
එසෙම එම කතිකාවතෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයාට තනිව තීරණ ගැනීමක් සිදුනොවන බවත් එය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ උපදෙස් මත භික්ෂූන් සම්බන්ධ තීරණ ගැනීම සිදුවන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සෝභිත රාජකරුණා මහතා කීය.
පිවිතුරු හෙළ උරුමයේ ශාසනික ලේකම් බියගම සුසිල හිමි සහ නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව විසින් ගොනු කළ මෙම පෙත්සම් දෙකක විභාගයට ගත් අවස්ථාවේදී සෝභිත රාජකරුණා මහතා මේ බව කියා සිටියේය.පෙත්සම සම්බන්ධ කරුණු ප‍්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ඉදිරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතෙහි 2,4,5 යන වගන්ති සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබූ බවයි.
එසේම කතිකාවතෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමතිවරයා තනිවමතීරණ ගන්නවා වෙනුවට මහනායක හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණ ගනු ඇත යන්න ලෙස වෙනස්වනු ඇතැයිද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුළු පනතම හා ආණ්ඩුවේ දේශපාලන උවමනාවම හකුලා ගන්න (බ)
සාධාරණ විදිහට නීතිය සකසන්න. (නි)
ඔය පනත සිංහල බෞද්ධයන් වනසන්න හදන උගුලක් .....(බ)
අනේ නිකම් කාල ගානකුත් අරගෙන පෙළපාළියකුත් ගිහින් කොළඹට ට්‍රිප් එකක් යන්න හිටිය එකට කෙළවෙන්න වගේ යන්නේ .කමක් නැහැ ජුනි මාසේ ඡන්දෙකුත් තියෙනවනේ (බ)
මේක බරපතල වරදක්.මහනායක හිමිවරුන්ගෙන් විතරක් උපදෙස් ගන්න එක සම්පූර්ණයෙන්ම අසාධාරණයි. ඇත්ත වශයෙන්ම කළ යුතුව ඇත්තේ සියළුම උපසම්පදා භික්ෂූන්ගෙන් මතවිමසීමක් කරන එක.(කෞ)
පිවිතුරු හෙළ උරුමයේ ස්වාමින් වහන්සේලාට පින් සිදුවේවා! (නි)
අපි ඉවසීමෙන් බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඉදිරියේදී භික්ෂූ විනය පිළිබද මත ගැටුමක් ඇතිවූ අවස්ථාවක දී නීතිපති උපදෙස් ගැනීමට සිදුවෙයිද? (බ)