හෝමාගම පිටිපන පාළි හා බෞද්ධ විශ්ව විද්‍යාලීය සිසුහු අද(02) මිනිත්තු හතළිහක උද්ඝෝෂණයක් කළහ.
නේවාසික පහසුකම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන පිටිපන හන්දියේ අට්ටාලයක් මත ගෙන ගිය උද්ඝෝෂණයට අද (02) අලුයම ගොම ප්‍රහාරයක් එල්ල කළැයි මේ උද්ඝෝෂණයට හේතු වු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ නම් අපි තරයේ හෙළාදකිනවා (නි)
අද බොහෝදෙනා මේවා හෙළා දකිනවා. (නි)
බුදු දහමේ උගන්වන චාම් ජීවිතය අද කොහෙද? බුදුන් රජ ගෙදර සිට සත්‍ය සොයා ගියේ දුෂ්කර ගමනක්.නොමිලේ ලැබෙන අධ්‍යාපනය නිසා හරියට කරන්නේ නැහැ.මහපොළත් ඕනෑ, බෝඩිමත් ඕනෑ.නිවන් දැකීම තමයි ඕනෑම නැත්තේ. (නි)
විශ්ව විද්‍යාලය යනු අධ්‍යාපනය සදහා වෙන් වූ තැනක් පමණි. උද්ඝෝෂණ කිරීම භික්ෂුන්ට සහ වෙනත් ශිෂ්‍යයන්ට අදාල නොවන දෙයක් ලෙසයි මම දකින්නේ. ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ කිරීම මෝඩ ක්‍රියාවක් ලෙස මම දකිමි. නිසි ලෙස ලිඛිත ඉල්ලීම් කිරීම සුදුසුය. එසේත් නැත්නම් ඒවා විඳින්නට පුරුදුවිය යුතුය. විශ්ව විද්‍යාල සමාජයේ පිළිකුලට හේතුවීම ගැන වෙනත් කරුණු අවශ්‍ය නොවන බව මම දනිමි. (නි)
සංඝයා වහන්සේලාට ගොම ගහලා. අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා අපේ හාමුදුරුවනේ! (නි)
අපේ දේශපාලන හෙන්චයියල මේ වගේ පහත් වැඩම තමා හැමදාම කළේ මේකෙන් හිතා ගන්න පුළුවන් මේ අයගේ දේශපාලකයාගේ තරාතිරම. (අ)