
(තිලකරත්න දිසානායක)
කොත්මලේ කෝවිලකින් දේව ප්‍රතිමාවක් සොරා ගෙන බස් රථයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක් ඊයේ (17) රාත්‍රීයේදී අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සඳහන් කරයි.
වත්තල ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම කාන්තාව 42 හැවිරිදි එක්දරු මවකි.
වත්තල ප්‍රදේශයේ පදිංචි පිරිසක් සංචාරයක ගිය අවස්ථාවේ කොත්මලේ පිහිටි කෝවිලකට ගොස් වන්දනාමාන කරමින් සිටියදී මෙම දේව ප්‍රතිමාව ගෙන ඇති බව අනාවරණය වී යැයි පොලීසිය පවසයි.
කෝවිලෙහි තිබූ දේව ප්‍රතිමාවක් නොමැති බව දුටු පූසාරිවරයා එහි සවිකොට ඇති ආරක්ෂක කැමරාව පරීක්ෂා කිරීමේදී කාන්තාවක් එය රැගෙන යන ආකාරය සදහන්ව තිබීම මත කොත්මලේ පොලීසියට පැමිණිලි කිරීමට අනුව පොලිස් පණිවිඩයක් ඔස්සේ යක්කල පොලිස් නිලධාරීන් විසින් පණිවිඩයෙහි සදහන් පෞද්ගලික බස් රථය පරීක්ෂා කොට කාන්තාව සමග දේව ප්‍රතිමාව පොලිස් භාරයට ගෙන ඇත.
කාන්තාවගෙන් ප්‍රශ්ණ කිරීමේදී තමන්ට ඇතිවූ දැඩි භක්තිය මත නිවසට රැගෙන ගොස් වන්දනාමාන කිරීම පිනිස ප්‍රතිමාව රැගෙන ආ බව පැවසී යැයි පොලීසිය සදහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසිය මගින් වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත නොවැ. ඔච්චර දුරක් එන්නේ මොකද? ගෙදරම ගිහින් තියාගත්තාම ඉවරයිනේ කියලා හිතෙන්න ඇති. පුුරාණ වස්තු කියලා විකුණන්න හිතෙන්නේ නැතිව ඇති මගෙ හිතේ...!
ප්‍රතිමාවෙ දෙයියො හොඳවෙලාවට ආරක්සක කැමරව ඇතුලෙ ඉදල තියෙන්නෙ. නැත්නම් දෙයියොත් ඇතුරුදහන් ලයිස්වතුවටැටෙනව.