IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


භූ චලනය පල්ලේකැලේ සටහන්වේ

අළුයම 1.20 ට පමණ ශ්‍රී ලංකාවේ ඉතා සුළු භූ චලනක් සිදුව ඇති බවත් එය සටහන්ව ඇත්තේ පල්ලේකැලේ පිහිටි භූ කම්පන මධ්‍යස්ථානයේ පමණක් බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්යභාර නිලධාරීවරයා පවසයි. හක්මන පිහිටි ජර්මන් ඉන්දුනීසියා සුනාමි අනතුරු හැගවීම් මධ්‍යස්ථානයේ හෝ මිහින්තලේ පිහිට භූ කම්පන මධ්‍යස්ථානයේ හෝ මෙම භූ චලනය පිළිබඳ සටහන්ව නොමැති බැවින් එය රිච්ටර් මාපකයේ ඉතාමත්ම සුළු අගයක් ගන්නා භූමිකම්පාවක් බව ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි. එක් භූ කම්පන මානයක පමණක් සුළු වශයෙන් සටහන්ව ඇති භූමිකම්පාව සිදුවූ ස්ථානය සොයා ගත නොහැකි බවත් ස්ථානය නිශ්චිතව හදුනාගැනීමට අවම වශයෙන් භූ කම්පන මධ්‍යස්ථාන දෙකක එය සටහන් විය යුතු බවත් භූ විද්‍යාඥයෝ කියති. සෙනසුරාදා සවස තුනෙන් පසු ඉන්දියන් සාගරය අවටින් වෙනත් කිසිදු භූමිකම්පාවක් වාර්තා වී නැතැයි ඇමරිකාවේ භූ කම්පන විද්‍යා නිරීක්ෂණ ආයතනයේ වෙබ් අඩවිය පරීක්ෂා කළ විට පෙනීයයි.      



අදහස් (0)

භූ චලනය පල්ලේකැලේ සටහන්වේ

අමිල Sunday, 20 May 2012 12:05 PM

වහින්න කලින් ආ ගෙරවිල්ලක්.කෝකටත් පරිස්සමින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site