(අංජුල මහික වීරරත්න)

සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට සේම ඊට ලබා දී ඇති මුල් තැන අහෝසි කරන්න උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කරන්න සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ නව වැනි ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට ඉහළ ස්ථානයක් ලබා දී එය ශක්තිමත් කර පෝෂණය කිරීම ප්‍රවර්ධනය කිරීම ගැන සඳහන් බව අමතක නොකළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඊට අමතරව සෙසු ආගම්වලට ද සංස්කෘතීන්ට ද නිසි ස්ථාවරය රැකවරණය ද ලබා දී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ  මහඔය ජිනරතන හිමියන් පිළිගැනීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.