(අංජුල මහික වීරරත්න)

බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම එලිසබෙත් රැජිනිය පවා ගෞරවයෙන් පිළිගත් කාරණයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලයේදී පැවසීය.

කතෝලිකයන්ට වතිකානය, කිතුණුවන්ට ජෙරුසලම, මුස්ලිම් වරුන්ට මක්කම පූජනීය වන්නා සේ ලොව පුරා ථෙරවාදී බෞද්ධයන්ගේ පූජනීය ස්ථානය වන්නේ අනුරාධපුරය බව රනිල් වික්‍රමසිංහ මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකළ මිහිඳු මහා සෑයේ කොත් වහන්සේ පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමිනි.

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සුපජි සුතුම්පන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම පැවැත්විණි.

තායිලන්තයේ සිට මෙම චූඩාමාණික්‍ය වැඩම කර තිබේ.

තායිලන්තයේ සිට පැමිණි සියයකට ආසන්න දූත පිරිසක් ද මීට සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,හිටපු කතානායක කරූ ජයසූරිය,පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්,සර්ව යන බලය නායක දිලිත් ජයවීර මහත්වරු ඇතුළු විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ සහභාගී වී සිටියහ.