IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි  රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (26)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

රජය අප්‍රේල් මාසයේ සිට සහල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩසටහන අගය කරනවා. නමුත් තෝරා ගැනීමේ ක්‍රමවේදය  පිළිබඳව බරපතළ  ගැටලු තියනවා.

ප්‍රමිතියෙන් තොර සහල් බෙදාදීම් සමහර තැන්වල සිදුවෙනවා. හාලිඇල ප්‍රදේශයෙන් එහෙම සිද්ධියක් වාර්තා වුණා. ඒක හෙළි කළේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ  වැඩ කරන රජිත  කීර්ති තෙන්නකෝන්. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලනවා.

බෙදා දෙන හාල්වල ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුයි. මොකද මේවා දෙන්නේ අපේ රටේ ජනතාවට. හොයලා බලලා කටයුතු කරන්න.



අදහස් (2)

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්

Hafeel Friday, 26 April 2024 02:01 PM

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි කියලා රජයෙන් ඉල්ලීමක් කරන එක හොරාගේ අම්මාගෙන් පේන ඉල්ලන එක වගේ...!

:       2       5

Saththaya Saturday, 27 April 2024 07:29 AM

ගොඩාක් හොදයි . ඒ වාගේම බාල පෙට්ටි ගෙවල් ගැනත් විදිමත් පරීක්ෂණයක් , බලයට ආපු ගමන් කරනවා කියල පොරොන්දු වෙන්න . එතකොට හිතන්නේ නැති චන්ද ප්‍රමාණයක් ලැබෙයි !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග
2024 මැයි මස 06 791 0

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති


පාස්පෝට් 180ක් මහරගම කාණුවක
2024 මැයි මස 06 613 0

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත


’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’
2024 මැයි මස 06 1090 2

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ


කෙහෙළිය යළි රිමාන්ඩ්
2024 මැයි මස 06 557 1

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළි


චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට
2024 මැයි මස 06 1449 1

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණි


ලංගම බසයේ රෝදය ගැලවේ
2024 මැයි මස 06 718 0

හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 514 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1975 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site