(සුරංග රාජනායක)

සුරතලයට ඇති කරන බලු පැටවකු මිලදී ගැනීමට පැමිණි යුවළක් එම නිවෙසේ තිබූ රුපියල් 1,65,000ක් පමණ වටිනා රන් මාලයක් හා රුපියල් 45,000ක් පමණ වටිනා ගෝල්ඩන් රෙඩ් රිවර් වර්ගයේ බලු පැටවකු සොරාගෙන ගොස් ඇතැයි ගම්පොළ පුපුරැස්ස පොලිසිය කියයි.

ගම්පොළ පන්විලතැන්න මුල්ගමවත්ත පදිංචි කාන්තාවක මේ සම්බන්ධයෙන් පුපුරැස්ස ෙපාලිසියට පැමිණිල්ලක් කර අැත

පැමිණිලිකාරිය විසින් සුරතලයට ඇති කරනු ලබන බල්ලන් හා බළලුන් මුදලට අලෙවි කිරීම සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් මුහුණු පොතේ පළකරන දැන්වීම්වලට අනුව විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අය එම පැටවුන් මිලට ගැනීම සිදුකරන බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ ආකාරයට මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ සිට පැමිණි යුවළක් පුස් පැටවකු මිලට ගෙන ගොස් ඇති අතර නැවත පැමිණ පුස් පැටවා ලබා දී බලු පැටවකු රැගෙන ගොස් තිබේ.

ඒ ආකාරයට මොවුන් 16 දින නැවත එම නිවෙසට පැමිණෙන විට පැමිණිලිකාරිය ගම්පොළ නගරයට ගොස් සිට තිබේ.

ඇගේ මව පමණක් නිවෙසේ සිට ඇති අතර ඇයට හොරෙන් මොවුන් දෙදෙනා තවත් බලු පැටවකු හා නිවෙසේ තිබූ රන්මාලය මෙසේ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව 17 දින මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.