කොළඹ දුම්රිය ස්ථානය අසළ දමාගොස් සිටි පස් මස් වියැති බිළිඳියක රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. රෝහල් අධ්‍යක්ෂ රත්නසිරි හේවගේ මහතා පවසන්නේ මෙම දරුවා අතවරයකට ලක්ව ඇතැයි සැකයක් පවතින බවයි.
කොළඹ දුම්රිය ස්ථානය අසළ දමාගොස් සිටි පස් මස් වියැති බිළිඳියක රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. රෝහල් අධ්‍යක්ෂ රත්නසිරි හේවගේ මහතා පවසන්නේ මෙම දරුවා අතවරයකට ලක්ව ඇතැයි සැකයක් පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජයසිංහ දරුවෝ වදන්නේ දෙන්නෙක් එක්කයි . නමුත් හදනකොට හදන්න වෙන්නේ තනියමයි. එකනේ ප්‍රශ්නේ (අ)
දරුවෝ මරන්නේ නැතිව මෙහෙම හරි තියල යන එක හොඳයි . එසේ හදන්න බැරි දරුවන් භාර ගන්න සංවිධානයක් කවුරුහරි හදනවනම් ඉතා ප්‍රයෝජනවත් වනවා. ළමයි නැති අය කෙතරම් ඉන්නවද ළමයි අරන් හදා ගන්න. මෙය අවංකව කලොත් හුඟක් අය උදව් කරාවී.(අ)
අනේ දෙවියනේ මටනම් මේකට මොකුත්ම ලියන්න හිත එකලස් කරගන්න බැහැ...? සුසුමක් හෙලනවා හැර ...? අම්ම කෙනෙක් කොහොමද ..තම දරුපටියව මහමග දමල යන්නේ ...? දැනට ගොඩාක් කල් අපි අපේ ලන්කදීපෙන් දැක්ක එක්තරා රටක නිවසක් ගිනි අරන්, ගිනිනිවන රථයෙන් ඇවිත් ගින්න නිවන අතරේ එම නිවසේ උන් බල්ලිය තම පැටව්න් ටික කටින් ඩැහැගෙන එක එකා ගෙනත් ගිනිනිවන රථයට දැමු ආකාරය, එම බැල්ලිය අපි හැමගේ හදවත්, වලට කියා පෑවේ මොකද්ද අම්මගේ සෙනෙහස නෙමේද මිනිස්සුනේ ....?ඇයි මෙහෙම කරන්නේ ...??? මම අපේ රජයෙන් ඉල්ලා සිටින්නේ , මෙම කාන්තාව හොයා දරුවාව ඇයටම බාරදී . කාන්තා සහ ළමා කාර්යාංශයෙන් නිතර සොයා බැලීම සහ දරුවාගේ අවශ්‍ය වියදම් සදහා රජය මවට වියදම් සැපයීමයි....? එතුලින් අපරාධ අඩුවෙනවා සේම, දරුවන්ගේ ආරක්ෂාවත් ඔවුන්ට මවගේ සෙනෙහසත් යම් සයකින් ඔවුන්ට ලැබෙනවා (අ)
වාසනාවන්ත දරුවෙක්. ජීවිතේ බේරුනා.මේ දරුවාගේ අම්මට යකඩ හිතක් තියෙන්න ඇත්තේ. මාස පහක දරුවෙකුගේ අම්මා කෙනෙකුට දෙතනේ කිරි මොන තරම්ද? (නි)
රුපවති කියන්න වගේ මේකට ලියන්න හිත එකලස් කරගන්න බැහැ. මේ පුංචි දරුවට සියලු දෙවියෝ පිහිට වේවා ! (නි)
අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ අනේ කරුණාකරලා මේ තරම් උතුම් වචන වලට අගෞරව වෙන වැඩ කරන්න එපා.(ස)
මේ සතියට දෙවැනි පුවත ලිදේ පැනීම ගැනුන් මැරීම දැන් පටන් අරන් වාගේ මේ වැඩේ දරුවන් වදන්න පුලුවනම් හදන්න බැරි මොකද? (ස)
මෙවැනි දේවල් සිදු වන්නේ සමාජයේ තියෙන වැරදී නිසා. තරුණ කාලයේ ඇතිවන අසම්මත ප්‍රේම සම්බන්දතා දුර දිග ගොස් කාන්තාවට දරුවෙකු ලැබුනම ඇයට සමාජයට මුහුණ දීමට තිබෙන නොහැකියාවත් , ආර්ථික ප්‍රශ්නත් නිසා ඇතිවන ප්‍රතිපල. නීතියෙන් විවාහ නොවූ කාන්තාවකට දරුවකු ලැබුනම මුළු සමාජයම එම කාන්තාව දෙස බලන්නේ වපර ඇසකිනි. ඇයව සමාජයෙන් කොන් කර පහත් තත්වයකට ඇද දමා විනශ කර දමන ක්‍රමයක් තියෙන්නේ (නි)
දරුවෝ උපදින්නේ එයාලගේ ඕනෑකමට නෙවෙයි , අම්ම තාත්තගේ ඕනෑකමටනේ , එහෙමනම් අම්ම තාත්තට වගකීමක් වගේම යුතුකමකුත් තියෙනවා දරුවෝ වැදුව වගේම හදන්නත් , ඒ නිසා කරුණාකරලා මේ දරුවාගේ අම්ම තාත්ත හොයල නැවත එයාලටම මේ දරුවා බාරදෙන්න ඊටවඩා දඬුවමක් ඕනේ නැහැ නේද ?(ස)
රටක සමාජ ආර්ථික හා ගුණ ධර්ම වර්ධනය නොකර මෙවැනි අඩුපාඩු නතර කරන්න අමාරුයි. ඒ අම්මා තාත්තා අසරණයි , පංච මහා බලවතුන් නිහඩයි සග වෙද ගුරු කම්කරු පාලක (අ)