කැලණිය පෙතියාගොඩ මෑවැල්ල පාරේ නිවසක ගේ මැද වළක් හාරා පස් මාසයක් වයසැති පිරිමි දරුවකු බිලි දී නිදානයක් ගන්නට ගිය බව කියන හිමි නමක ඇතුළු අට දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුහ.
දරුවාගේ මව බව කියන කතකද ඒ අතර සිටින බවත් ගෙය හිමි තැපැල් සේවකයෙක්ද ඒ අතර වෙතියි පොලීසිය පවසයි.
හිමිනම පැමිණ ඇත්තේ මන්තර කිම සඳහා යැයි පොලීසිය සඳහන් කරයි.
දින කිහිපයක් තිස්සේ මෙම ස්ථානයේ පුදපුජා පැවැති බවද කියති.
දරුවාගේ ජීවිතය බේරාගත් බවද පොලීසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කොහමද ඔය වගේ මෝඩ තිරිසන්නු වෙන්නේ ? සත්තුවත් ඔය වගේ දේවල් කරන්නේ නැහැ . ලංකාවට හැම දෙයකටම පෙර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනා. (නදී)
මිත්‍යා විස්වාස වලට රටේ ප්‍රසිද්ද පුද්ගලයින් සහ මාද්‍ය දෙන තල්ලුව නවත්වා දැමිය යුතුයි. එහෙම නොවුනොත් අපේ සමාජය ඉස්සර අප්‍රිකාවේ තිබුනා කියන ගෝත්‍රික සමාජ වලටත් පහලින් ගිහින් නවතියි. (නදී)
මේ අයගේ නම ගම එක්කම මේ ප්‍රවෘත්තිය පලකල නම් තමයි හොද. එතකොට අනිත් අයත් මේ අයව පහසුවෙන්ම හදුනා ගන්නවා. තමන්ගේ ළමයින්වවත් මේ අයගෙන් පරිස්සම් කරගන්න හැකිවේවි (නදී)
මෙහෙම වෙන්නේ අපේ රටේ නීතිය වල්වැදිලා තිබෙන නිසයි (නි)
මේවාට කවුද වගකියන්නේ? (නි)
නැකැත්කාරයින්ට ගිය රටක්. මේ මොන අවාසනාවක්ද? මිත්‍යාව විශ්වාස කරනවා. මේවාට දැඩි නීති ගෙනෙන්න ඕනෑ.
හැමෝම එක වල්ලේ පොල් වගේ. (ර)
සමරනායක මහත්මයා,සමහරු සිතාගෙන ඉන්නේ ආගමේ නාමයෙන් තමන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. සමහර ආගමික නායකයින් දේශපාලන හා වෙනත් බලතල මත ආගම පළිහක් වශයෙන් යොදා ගන්නවා. ඒක ඉතාමත් කණගාටුදායකයි. මේක තමා ලෝක ස්වාභාවය. එය ආගමේ වරද නොව ප්‍රෝඩාකාරී චරිත ආගමේ නාමයෙන් වෙස්වළාගෙන සිටීමේ ප්‍රතිවිපාකයි. කෙසේවෙතත් මේ දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකිවීම පිළිබඳව පොලීසියේ නිලධාරි මහත්වරුන්ට ස්තුතිය පුද කරමි. නිධානයක් වෙනුවෙන් තම පස් මස් දරුවා බිලිදෙන්න සූදානම් වූ එම කාන්තාව ගැන ගතයුතු තීරණය කුමක්ද? උපරිම දඬුවම් දියයුතුය. (නි)
ලක්මාල්, ඔය ටික පොලිසියේ මහත්මයෙක්ගේ මුනට කීවානම් ගුටිත් කන්න තිබුනා. නීතිය ඒ ගොල්ලන්ට උගන්වන්න එනව ද කියලා. (ර)
ලංකාවේ දහමක් ඉතුරුවෙලා තියෙන තැනක් පෙන්වන්න පුලුවන් නම්... ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (නි)
තේජා නෝනේ, නිකන් තොත්ත බබා වෙන්න හදන්න එපා. (ර)
ඇඟ හිරිවැටෙන ප‍්‍රවෘතියක්. දරුවෝ එපානම් අපිට දෙන්නකෝ අපි හදා වඩා ගන්නම්. (ර)
ඔය අට දෙනවා අල්ලන්න මට බාරදෙන්න. රජය වෙනුවෙන්. ජාතිය වෙනුවෙන්. (ර)
හිමි නමක් ? මෙහෙම අයට හිමිනමක් කියන්න එපා චිවරදාරිය කියන්න. (ර)
අම්මෙකුට මෙලොව ඇති එකම වටිනා වස්තුව ධනය, නිධානය තමයි තම කුසෙන් බිහිකරගත් දරු පැටියා. අපි පව් කරලා තියෙන තරමක මහත දැන් තේරෙන්නේ මෙවැනි දේවල් අහන්න අපි මෙවැනි පාපතරයින් අතරේ ඉපදිලා කියල හිතෙනකොටයි. දරු පැටියාට තෙරුවන් සරණයි..! (ර)
මහා සංඝ රත්නයටත් මෙහෙම දේවල් නිසා වෙන්නේ අපහාසයක් (නි)
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ! (නි)
ආයුධ පෙන්නන්න වගේ නිධන් පෙන්නන්න මේ කට්ටිය එක්ක යන්න බැරිද? නොදන්නා නිසා අහන්නේ? (ර)
කොඩිකාර මහතාගේ ඉල්ලීම අපි අනුමත කරනවා, කතුතුමනි අවධානය යොමු කරනු මැන. (ර)
මවක්. ළදරුවෙක්. හිමිනමක්. නිධානයක්..? මේ වගේ කාලෙක ඉපදෙන්න අපි කොයි තරම් පවු කරල තියෙකවද? (ර)
ඔවුන් ඔය වලටම දමා පණපිටින් වලලා දමන්න (නදී)
දසමසක් උරදරා. සිවුමසක් කවාපොවා, පෝෂණය කළ දරුවෙක් නේද? මේවා අහන්න තරම් අපිත් පවුකරලා තිබෙනවා. (නි)
අපේ සේනාවන් මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙහෙම අපරාධ ගැන මතු අහන්න නොලැබේවා! (නි)
කොඩිකාර,චින්තක, අපි කුඩා අවදියේ ගමත් පන්සලත් අතර තිබුනා ළඟ බැදීමක්. එදා පන්සලේ හාමුදුරුවෝ ආගම් බේදයකින් තොරව ගමේ පවුල් සමඟ ඇසුරුකළා. නමුත් අද හිමිනමක් හා චීවරධාරියා හඳුනාගත හැකි ක්‍රමය මොකක්ද? (නි)
පොහොසත් වෙන්න පෙරුම් පුරන බෝසත්වරු,,,(බ)
අනේ මේ වගේ තිරිසන්නුයි පස්කන්දට යටවෙන්න තිබුනේ (නදී)
මොවුන්ට මතක හිටින දඬුවමක් දෙන්න ඕනෑ (නි)
මට මතකයි මීට ටික කලකට කලින් එක්තරා සුවිශේෂ ග්‍රහ තත්වයන් තිබුන කාලයක ඉපදුන දරුවෙකු වේ නම් තෑගී බෝග පිරිනමනු සඳහා දන්වන්න කියල පුවතක් එක්තරා පත්තරයක තිබුනා.මට එවෙලාවේ හැඟුනේ මේක නම් හොඳකට නෙවෙයි කියලා. (නදී)
සමහර භික්ෂුන් තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාග කියා ධන පරිත්‍යාග කරනවා. භික්ෂුව සියලු බැඳීම් වලින් නිදහස් නම් කොහොමද මෙවැනි ධන පරිත්‍යාගයන් කරන්නේ? මා තරයේ කියා සිටිනවා භික්ෂුන්ට ධනය උපයන මාර්ග සම්පුර්ණයෙන්ම තහනම් කර තනතුරු තානාන්තර ප්‍රදානය කිරීම පවා නතරකර සියලු භික්ෂුන් සාමාන්‍ය භික්ෂුන් ලෙසට සැළකිය යුතුයි කියා (නි)
ලංකාවේ දැන් සිද්ධවෙන්නේ මහපොළව උහුලන්නේ නැති පාපිෂ්ට ක්‍රියා නිසා ලංකාවට මහා විපත් ඉතාමත් ළඟයි. වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක ජනතාවට වෙන්න පුළුවන් (නි)
නිදන් තියෙනවා කියලා හාරනවා. අද වෙනතුරුත් ලැබුණු දෙයක් තිබේද? (නි)
මෙන්න හාමුදුරුවන්ගේ වැඩ. මහා ලොකුවට කතා කරනවා මේ අය! (නි)
බුදුදහම කෙළෙසෙන්නේ මෙවන් අය නිසයි (නි)
සමරනායක, ඔබ හරි. (නි)
අම්මෙකුට තම දරුවට වැඩිය නිධානයක් ඇද්ද? මෙය නම් ඇදහිය නොහැක. කරුණාකර ලංකාදීපය තව වැඩි විස්තර සොයා පළකරන්න. (නි)
මෙහෙම කාන්තාවන්ට දරුවන් ලැබිලා මවුවරුන් වෙන්න කැමැත්තෙන් ඉන්න අයට දරුවන් නොලැබෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ලංකාවේ ලොකු ලොකු මිනිසුන්ගේ ඉඳලා ඉතා නුගත් මිනිසා දක්වා යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම්, නක්ෂත්‍රය ,නැකැත් වගේ දේවල් වලට ඉහළ පිළිගැනීමක් තියෙනවා. ජීවිතය ඒවාට බාරදීලා තියෙනවා. මේවා ගැන විශ්වාස කරන බහුතරයක් ඉන්නතුරු මේ වගේ රටවල් සදා අන්ධකාරයේ. (නි)
මේ රටේ ගොඩක්ම හොරුනේ.(හේ)
මේ වාගේ මිනිස්සුත් අපේ රටේ ජීවත්වෙනවානේ! (නි)
පිරිසිදු වතුර කොප්පෙකට ගොම බින්දුවක් වැටුණාම එක සම්පුර්ණයෙන් ජරා වෙනවා කියලා මම දන්නවා. එත් සමස්ත සංඝ සමාජයටම අපහාස කරන එක හරිද? (ර)
කොස්ලන්දේ කඳු නායයද්දී පන පිටින් කුදලාගෙන යන්න තිබුනේ මෙන්න මේ වගේ මිනිසුන්. දෙවියනේ! අසරණයෝ ටිකක්නේ ඒකටත් බිලිවුණේ (නි)
දෙවියනේ මේ අම්මා කෙනෙක්ද මේ වගේ තිරිසන් වැඩ තිරිසන් සතුන්වත් කරන්නේ නැහැ. (නදී)
දැන් මේ බිලින්දාව බේරා ගත්තේ කොහොමද කියල ලියවිලා නැහැනේ. පරීක්ෂණ ඉවර වෙනකන් හෙළි කරන්නේ නැතිවා වද්ද ? (නදී)
මන්තර ගුරුකම් කිරීම බුදුදහමේ විදියට හාමුදුරු කෙනෙකුට කැපද? (නි)
වත්මන් සමාජයේ නිධානයක් ගන්න තම කුස උපන් දරුවෙකු බිලිදෙන්න මවක පෙළඹීම පුදුමයක් නොවෙයි. මුදල් පසුපස හඹායන සමාජයක මිනිස්කම ඉතිරිවේද? (නි)
මෙහි සඳහන් චීවරධාරියාට හිමි නම කියන්න බැහැ වගෙයි මට නම්. දරුවාගේ මවටත් මව යැයි කියන්න බැහැ. (නි)
භික්ෂුන් වහන්සේ බුදුන් වදාළ පරිදි ඒ අදාළ භූමිකාව මිසක් වෙනත් දේවල් වලට යොමු වෙනකොට මෙන්න ප්‍රතිපල. දායකයන්ට ජනයාට හිත සුව පිණිස අවවාද අනුශාසනා කරමින් සසරින් එතෙර වීමට මග පෙන්වීමක් නෙවෙයි සමහරු කරන්නේ. අපේ රටේ බුදු සසුන කවදා හරි විනාශ වෙන්නේ මෙන්න මේ දේ නිසා (නදී)
මම දැක්ක එක්තරා පුවත්පත් දැන්වීමක හිමි නමක් ප්‍රචාරය කරනවා. හැරගිය සැමියා පෙම්වතා ගෙන්වා දෙන්න , දරු ඵල නැති කාන්තාවන්ට දරු සම්පත් ලබා දෙන්න ආදී වශයෙන්. ඇත්තටම මේවාට කීදෙනෙක් රැවටෙනවාද ? මෙවැනි අවස්ථාවල කාන්තාවන් අන්තිමටම මානසිකව වැටෙන බව මේ උදවිය දන්නවා . ඉතින් ඒ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නවා. (අ) .
මේ 21 වැනි සියවසේත් මෙවැනි අය ඉන්න එක ගැන දුකයි (නි)
මේවා මෙහෙම සිද්ධ වෙනවා. අන්න අරෙහෙ බන්දුල පෙරේරා යෝජනා කරනවා ලංකාවට එන සංචාරකයන්ට ලංකාවේ සංස්කෘතිය ගැන විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕන කියලා. (නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු. මෙහෙම කිව්ව කියලනේ තදවෙලා තිබුනේ පහුගිය කාලේ. (නදී)
මේවට වග කියන්න ඕන ආණ්ඩුවටම බැන බැන ඉන්න මහා නායක හාමුදුරු ගොල්ල. (නදී)
හැම ආගමකම, ජාතියකම මේ වගේ අය ඉන්නවා. (නදී)
මමත් කියන්නේ මේ දේවල් වලට මහනායක හාමුදුරුවරු ක්‍රියා මාර්ග ගන්න ඕන. විනය විරෝධී අකැප වැඩ කරන ඇත්තන් සාසනයේ තියා නොගෙන එක්කෝ සංඝාධිකරනයකට පමුණුවා සුදුසු දඬුවම් දෙන්න ඕන. එහෙම නැතිව මේවා දැක දැක නොදැක්ක ගානට ඉඳල සාසනය නැති වුන දවසට දායකයෙක් වත් නැති වේවි. (අ)
මොන පවක්ද. මේ කාන්තාවට සසර වසන තුරු දරුවන් නොලැබේවා. ! (අ)
අනේ අපේ සිංහල බෞද්ධ රටනේ.සාදු සාදු සාදු!!!! (අ)
අම්මෝ මේ මොන විකාරයක් ද මේ වෙන්නේ ? (නදී)
රටේ මහ මිනිස්සු පවා නොපෙනන දේවල් (සාස්තර යනාදිය) පිළිගන්න කොට මේ වගේ පොඩි මිනිස්සුත් මේවා පිළිගන්න පෙළඹෙනවා (නදී)
ඔය දරුවාව දෙමවුපියන්ට හොරෙන් අරන්ද? මේ කියන හිමිනමට යලි මේ සමාජයට විනයක් වීමට නොපැමිණේන සේ දඩුවම් දෙන්න. දෙමුපියනුත් හවුල්වී මේ දේ සිදු කලේ නම් දරුවා හදාගත හැකි කෙනෙකුට දී මේ දෙදෙනාටත් යලි එළියට නොඑන්නම දඩුවම් දෙන්න.(අ)..
මල හත් ඉලව්වයි. මේ අය සේරම මරන්න ඕනේ (නදී)
දරුවන් නැතිව හිතේ අමාරුවෙන් ඉන්න යුවලවල් මම දැකල තියනවා. ඒ අතරේ මගේ ඥාති සහෝදරියෙකුත් ඉන්නවා. මෙහෙම දෙයක් කරන්න පුළුවන් අර කාලි යක්කිනි කතාවේ එන යකින්නකටම විතරයි. (නදී)
ඕකුන්වයි පණපිටින් වලදාන්න ඕනේ. මේ වගේ අහිකුන්ටික වැඩ කරනවට. (නදී)
කෝ අර බුද්ධාගම රකිනවයි කියන අය. බුද්ධාගම නැති වෙන්නේ අන්යාගමිකයින්ගෙන් නෙවෙයි මේ අයගෙන්මයි (නදී)
ඔය කිව්වට අම්ම බබත් එක්ක ආවද කියල කව්ද දන්නේ. (නදී)
බුදු දහම වනසන්නේ අන්යාගමිකයන් නොව අැතුලෙන්මය (නදී)
අම්මෙක් දරුවෙක් බිලිදීලා නිදන් ගන්න යනවා කියන්නේ මොන තරම් කාලකන්නි කමක්ද? මෙච්චර තිරිසන්නු උනේ කොහොමද අපේ රටේ මිනිස්සු. (නදී)
දවසින් දවස අහන්න ලැබන්නේ අවාසනාවන්ත අහස පොලව නුහුලන අපරාධමයි. (නදී)
බුදු බණ දෙසුවා නිරන්තරේ.... බුදු බණ ඇසුවා නිරන්තරේ..... ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ. (නි)
මේ නම් මිනිසුන් නොවේ. තිරිසනුන්ටත් වඩා පහත් වනචාරීන්. (නි)
සමරනායක, සහමුලින්ම ඇත්ත. (නි)