
(සුජිත් හේවාජූලිගේ, රෝහණ සමරවීර, සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලංගොඩ ගවරන්හේන වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක් නාය යාමකට හසුවී ඇති අතර ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි.
සම්පූර්ණයෙන්ම යටවූ නිවාසයේ සිටි මව,පියා සහ දියණියන් දෙදෙනකු මේ වන ව්ට සොයා ගත නොහැකිව අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.
නාය යාමෙන් අර්ධ හානියට පත්වී ඇති නිවාස දෙකෙහි සාමාජිකයන් නව දෙනකු ඒ ආසන්නයේ පිහිටි වාඩියක ආරක්ෂිතව සිටින බවත් එක් අයකු රෝහල් ගත කළ බවත් තවත් වයොවෘද්ධ පුද්ගලයකු නායට යටවී සිටියදී ප්‍රදේශ වාසීනට මුදවා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
රාත්‍රි කාලය නිසා දැඩි අවධානමක් සහිත වීමත් හේතුවෙන් අතුරුදන් පුද්ගලයන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවත් යම් හෙයකින් අතුරුදන් බව කියන අය ආරක්ෂිතව සිටිනවාදැයි සැකයක් පවතින බව පොලිසිය සදහන් කරයි.
එම ස්ථානයට ඕපනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලීන්හෙ ට්ටිආරචිචි මහතා ඇතුළු කණ්ඩායමක් හා බලංගොඩ පොලිසියේ නිලධාරීන් කන්ඩායමක් එම ස්ථානයට ළගාවෙමින් සිටිති.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බළංගොඩ නාය යෑමක්:එකම පවුලේ හතරක් අතුරුදහන්