
(බී.ජී. චතුරංග)
"අනුරාධපුර පුදබිම වනසන ආණ්ඩුවේ ඊනියා සංවර්ධන සැලැස්ම පරදමු" මැයෙන් ඓතිහාසික රුවන්වැලිසෑය පුදබිම ඉදිරිපිට දන්සල් භූමියේදී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යාමේ දී දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති විය.
නොසන්සුන්කාරීව හැසිරිණු පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පොලිසිය විසින් මෙම උපවාසයට එරෙහිව අධිකරණ නියෝගයක් ගනු ලැබීය.
මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ ස්ථානයේ තාවකාලික ඉදිකිරීම් නොකරන ලෙස පොලිසිය දැනුම් දී තිබුණද, ඒවා සිදු කරමින් විරෝධතාව ආරම්භ කර තිබිණි.
පසුව සත්‍යග්‍රහයට එක්වූ සිවිල් බැතිමතකු හා පිටස්තර පුද්ගලයකු අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කිරීමේදී මහා සංඝරත්නය එයට මැදිහත් වීමත් සමඟ පොලිසිය සහ සංඝරත්නය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
මෙම නොසන්සුන්තාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු ශබ්ද පූජාව පවත්වනු ලැබූ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය අතරතුර බලංගොඩ කස්සප හිමියන් ඇතුළු කීප නමක් සුළු තුවාල සිදුව තිබේ.
මෙහිදී බළංගොඩ කස්සප හිමියන් පැවසූයේ ඉන්දියාවට පූජා භූමි හා රටේ ඉඩම් පවරා දීමේ ව්‍යාපෘතියට එරෙහිව රුවන්වැලිසෑ රදුන් අභියස අධිෂ්ඨාන පූජාවක් පවත්වා සත්‍යග්‍රහයක් ආරම්භ කළ බව උන්වහන්සේ සඳහන් කලහ.
රුවන්වැලි චෛත්‍යරාමාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදය ලබා ගනිමින්, ලෝවාතුරා බුදුපියාණන් වහන්සේගේ පා ස්පර්ශය ලත් පුණ්‍ය භූමියේදී ජනතාව දැනුවත් කිරීමේ කටයුතුවල නිරත වූ බව උන්වහන්සේ පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd