
(සමිපත් ප්‍රියනන්දන)
ඉතා අපරිකාෂාකාරි ලෙස යකඩ බට තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී එහි යකඩ බට කීපපයක් ධාවනය වෙමින් තිබූ බසයක් ඇතුළුට කඩා ගෙන යාම නිසා මෙවර අපෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙසට යමින් සිටි සිසුවියක තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
බලන්ගොඩ සිට වැලිගෙපොළට ධාවනය වූ රථයක් තුලට එම මාර්ගයේම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කළ යකඩ බට පටවා ගත් ලොරි රථයේ යකඩ බට කිහිපයක් බසයේ විදුරු ද කඩාගෙන බසය තුළට ඇතුළු වී ඇත. එම බටයක් සිසුවියකගේ ගෙළ සහ මුහුණේ ගැටීම නිසා බරපතළ තුවාල සිදු විි ඇතැයි බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය. සිසුවිය වැඩි දුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාර කර යවා ඇත.
බස් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබෙි.
පොලිසිය සදහන් කලේ ටිපර් රථ රියදුරැගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අන්තරාදායක ලෙස භාණ්ඩ ප්‍රවාහනය කිරිම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් බස් රථ සහ ලොරි රථ රියදුරන් දෙදෙනා බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධියක් උනාට පස්සේ රියදුරන් අල්ලා නඩු දැමීමෙන් පලක් නැහැ . එය සිදුවීමට ප්‍රථම ඔවුනට දඬුවම් කල යුතුයි . අනිත් කාරණය මෙතන බස් රියදුරු අත් අඩංගුවට ගන්නේ මොන වරදක්කලාටද? අර කාලකන්ණි ලොරි රියදුරානේ මෙතැන තනිකරම වරද කරලා තියෙන්නේ . අපේ රට කොහොමත් ලෝකෙට විහිලු සැපයීමට නම්දරපු තැනක් නේ . හැම මගුලකටම දේශපලකයින්ටම බනින්න පුරුදුවෙලා ඉන්නේ නමුත් තම තමන්ගේ යුතුකම් වගකීම් තම තමන් හරි හැටි ඉටු කරනවද? එහෙම තත්වෙක හිටිය නම් මේ අහිංසක දරුවා අදත් යහතින් ඉන්න්නවා . තව තවත් අපි පිල්බෙදිලා එක එකාට බැණ අඬගගහ ඉඳිමු. විනය බින්දුවටම පිරිහුණු කාලකන්නි දේශයක තමයි දැන් අපි ජිවත් වෙන්නේ
දැන් උපදින ගොඩන් ඈයොන්ට සෙන්සර් නෑ.. අනේ අපේ රට...
මෙය හදිසි අනතුරක් නම් නොවේ.. හිතාමතා කරලා තියන කුරිරු වැඩක් .. මෙම රියදුරාට දැඩි දඩුවම් ලැබිය යුතුයි..
මචං උද පොටෝ එකේ බලපන් බස්කාරය වංගුවේ ඉස්සරහ තියෙන බස් එක ඔවෙර්ටකේ කරන්න හදනවා, එතකොට ටිපෙර් එකේ පැටලෙනවා, ටිපෙර් කරය පාරෙන් අයිනටම අරගෙන තියෙද්දීත් බස් එකේ පැටලිලා. කවුද හරි කවුද වැරදි කියල හොඳට බලපන්.
ඉස්සරහ බස් එකෙයි බට වැටිලා තියෙන්නේ. බලන්න ජනේල වීදුරු කැඩිලා තියෙන හැටි... පිටිපස්සේ තියෙන්නේ අනතුරෙන් පස්සේ ඉස්සර වෙන බස් එකක්.
සමහරක් එවුන් කිසිම චාරයක් නැති එවුන්. ඔක්කෝම වැඩ කරන්නේ බාගෙට.. පිළිවෙළකට වැඩ කරන්නට තියන උනන්දුව බින්දුවයි.... රියදුරාට සහ ගෝලයාට බරපතල වැඩ ඇතිව අවුරුදු 5 ක් ඉක්මවා ජන දඩුවම් ලබා දීමට නීති සැකසිය යුතුයි.