බිහාර් ප්‍රාන්තයේ ගුරුවා නම්වූ ගමෙහි බුදුරජානන් වහන්සේ වැඩ විසූ බව කියන විහාරස්ථානයක නටබුන් ඇතැයි බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ භික්ෂූහු කියති.
දැනට මෙම ස්ථානයේ හින්දු කෝවිලකි. එහි ඇති පෞරාණික බුදුපිළිම සහ අනෙකුත් බෞද්ධ කලා නිර්මාණ නිසා මෙම ස්ථානය පුරාණයෙදී නියත වශයෙන්ම බෞද්ධ විහාරස්ථානයක්ව පැවති බව පැහැදිලිවම පෙනීයන බව මහමෙව්නා හිමිවරු කියති.
බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා සත් සතියක් ගෙවුණු පසුව බරණැස ඉසිපතනයට වැඩි ගමනේ ගුරුවා ගමේ විවේකයෙන් වැඩසිටි බව සිතිය හැකි බවත්, පසු කාලීනව රහතන් වහන්සේලාගේ සෙනසුනක් බවට පත්වී ඇති බවත්, ඉන් පසුව මහායානිකයින් මෙහි වාසය කර ඇති බවත් කියති.
විහාරස්ථානයකට අවශ්‍ය සෑම පහසුකමකම නෂ්ඨාවශේෂ මෙම පුණ්‍ය භුමියේ අදද දක්නට ඇත. මෙහි ඇති පැන් පොකුණු සඳහා ජලය සපයන ඉතා ප්‍රණීත සිසිල් පිවිතුරු ජල උල්පත් දෙකක් පිහිටා ඇති අතර මේ උල්පත් කිසි දිනෙක නොසිඳෙන බව කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කොයි රටේ බුදුදහම පැවතුනත් අවසානේ මේ සාසනේ රැකෙන්නේ ලංකාවේ විතරයි. නියම බෞද්ධයෝ ඉන්න එකම රට ලංකාව. (ර)
සාධු සාධු!! (නි)
බිහාර් හැදිලා තියෙන්නේ "විහාර්" යන වචනයෙන් .ඒ කාලේ විහාර ගොඩක් තිබිලා තියෙනවා. මගද රජ්ජයේ ප්‍රධාන නුවරක්(දිල්)
මේ සියල්ල ඇසීමෙන් හා දැකීමෙන් අපගේ ශ්‍රද්ධාව වැඩිවන අතර සියල්ලෙහි අනිත්‍ය ස්වභාවය ඉස්මතු වේ. සාධු, සාධු, සාධු!!! (නි)
ඇත්තටම සිතට දැනෙන පින් සිතුවිලි කියා නිම කරන්න බැහැ. සාදු.! සාදු.! සාදු.! මුළු ලොව පුරා අපගේ තථාගතයන වහන්සේගේ නිර්මල බුදු දහම පැතිරේවා. (ර)
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස...!!! (අ)