IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘බිහාරයේ ගුරුවා ගමටත් බුදුන් වැඩලා‘

බිහාර් ප්‍රාන්තයේ ගුරුවා නම්වූ ගමෙහි බුදුරජානන් වහන්සේ වැඩ විසූ බව කියන විහාරස්ථානයක නටබුන් ඇතැයි  බුද්ධගයාවේ බුදු නුවණ මහමෙව්නා අසපුවේ භික්ෂූහු කියති.

දැනට මෙම ස්ථානයේ හින්දු කෝවිලකි. එහි ඇති පෞරාණික බුදුපිළිම සහ අනෙකුත් බෞද්ධ කලා නිර්මාණ නිසා මෙම ස්ථානය පුරාණයෙදී නියත වශයෙන්ම බෞද්ධ විහාරස්ථානයක්ව පැවති බව පැහැදිලිවම පෙනීයන බව මහමෙව්නා හිමිවරු කියති.

 බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා සත් සතියක් ගෙවුණු පසුව බරණැස ඉසිපතනයට වැඩි ගමනේ  ගුරුවා ගමේ  විවේකයෙන් වැඩසිටි බව සිතිය හැකි බවත්,  පසු කාලීනව   රහතන් වහන්සේලාගේ සෙනසුනක් බවට පත්වී ඇති බවත්,  ඉන් පසුව මහායානිකයින් මෙහි වාසය කර ඇති බවත් කියති. 

විහාරස්ථානයකට අවශ්‍ය සෑම පහසුකමකම නෂ්ඨාවශේෂ මෙම පුණ්‍ය භුමියේ අදද දක්නට ඇත. මෙහි ඇති පැන් පොකුණු සඳහා ජලය සපයන ඉතා ප්‍රණීත සිසිල් පිවිතුරු ජල උල්පත් දෙකක් පිහිටා ඇති අතර මේ උල්පත් කිසි දිනෙක නොසිඳෙන බව කියති.

8 9 10



අදහස් (0)

‘බිහාරයේ ගුරුවා ගමටත් බුදුන් වැඩලා‘

සුදේෂ් සඳරුවන් Wednesday, 12 November 2014 11:50 AM

ලෝකේ කොයි රටේ බුදුදහම පැවතුනත් අවසානේ මේ සාසනේ රැකෙන්නේ ලංකාවේ විතරයි. නියම බෞද්ධයෝ ඉන්න එකම රට ලංකාව. (ර)

:       0       0

විජේදාස Wednesday, 12 November 2014 12:53 PM

සාධු සාධු!! (නි)

:       0       0

නන්ද ගුණවර්ධන Tuesday, 11 November 2014 09:38 AM

බිහාර් හැදිලා තියෙන්නේ "විහාර්" යන වචනයෙන් .ඒ කාලේ විහාර ගොඩක් තිබිලා තියෙනවා. මගද රජ්ජයේ ප්‍රධාන නුවරක්(දිල්)

:       0       0

පද්මිණි Tuesday, 11 November 2014 07:37 PM

මේ සියල්ල ඇසීමෙන් හා දැකීමෙන් අපගේ ශ්‍රද්ධාව වැඩිවන අතර සියල්ලෙහි අනිත්‍ය ස්වභාවය ඉස්මතු වේ. සාධු, සාධු, සාධු!!! (නි)

:       0       0

රෝහනි අල්විස් Wednesday, 12 November 2014 09:00 AM

ඇත්තටම සිතට දැනෙන පින් සිතුවිලි කියා නිම කරන්න බැහැ. සාදු.! සාදු.! සාදු.! මුළු ලොව පුරා අපගේ තථාගතයන වහන්සේගේ නිර්මල බුදු දහම පැතිරේවා. (ර)

:       0       0

අමිත් Tuesday, 11 November 2014 02:53 PM

තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස...!!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site