බාහිර උපාධි අධ්‍යාපන සංසදයේ ජාතික මහ සමුළුව ලබන ඉරිදා (2) කොළඹදී පැවැත්වෙන බව එහි කැඳවුම්කරු ආර්.එම්.සී.කේ.රත්නායක පැවසීය.
කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාව 2014/2015 අධ්‍යයන වර්ෂවල නවක සිසුන් බඳවාගැනීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවද ඔහු කීවේය.
රජය නව චක්‍රලේඛයක් මගින් බාහිර උපාධි සඳහා සිසුන් ලියාපදිංචිය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පසුගියදා සඳහන් කළේය.
මේ අතර පසුගිය ආණ්ඩු මෙන් වත්මන් ආණ්ඩුව ද මෙරටට උපාධිධාරීන් බිහිවනවාට බියදැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර අද (26) ජවිපෙ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී විමසීය.
‘රටේ තරුණ තරුණියන්ට සිහින ගණනාවක් තිබෙනවා. තමන් කොහොමද උපාධියක් ගන්නේ කියන එක අපේ තරුණ තරුණියන්ගේ ප්‍රධාන හීනයක්. සෑම වසරකදීම උසස් පෙළ සමත්ව සරසවි වරම් ලැබෙන්නේ 25,000කට ආසන්න පිරිසකටයි. ලක්ෂයකට ආසන්න පිරිසක් අනාථ වෙනවා. ඒ අයට තිබුණු එක් විකල්පයක් ලෙස බාහිර උපාධි පාඨමාලා පෙන්වා දෙන්න පුළුවන්. එම උපාධි සිහිනය බොඳ කරමින් වත්මන් ආණ්ඩුව බාහිර උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථා සීමා කරමින් සිටිනවා.‘ යැයි ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම පාලකයකුගේම ප්‍රාර්ථනාව නූගත් ජනසමාජයක් ස්ථාපනය කිරීම .රාජ්‍ය පාලනයට පහසුම මග එය බව ඔවුන් දන්නවා .මෙය එහි ආරම්භක හෝ අවසාන අවස්ථාව නොවේ . ඉතිහාසය පුරා සිදුවූ ක්‍රමික ක්‍රියාවලියක එක අවස්ථාවක් පමණි.(හේ)