විශ්ව විද්‍යාල බාහිර උපාධි ලියාපදිංචිය වහාම යළි කඩිනමින් ආරම්භ කරන්නැයි බල කර සිටිමේ උද්ඝෝෂණයක් බාහිර උපාධි සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය කොළඹ වෝඩ් පදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද පැවැත්විණි.
‘විශ්ව විද්‍යාල වරම් අහිමි දුප්පත් අපිට උපාධිය සිහිනයක්මද’ යන සටන් පාඨය යටතේ මෙය පැවැත් වු අතර ඔහුනට කෙසේ හෝ අමාත්‍යංශය වගකිව යුතු නිලධරයකු සමග ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍යය බව පවසමින් සිසුහු අමාත්‍යංශය ඉදිරිපිට බිම වාඩි වී සිටියහ.
උසස් පොලිස් නිලධාරීන් ඔවුනට පැවසුයේ අමාත්‍යංශයේ කිසිදු බලධාරියකු නොමැති බවත් වෙනත් දිනයක එන ලෙසත්ය.
නමුත් ඔවුනගේ දැඩි ඉල්ලීම මත සිසුන් කිහිප දෙනකු අමාත්‍යංශය තුලට යාමට පොලීසියට ඉඩ දුන් අතර ඔවුහු එහි ගොස් ගැටළුව පිළිබද අමාත්‍යංශ නිලධාරියකු සමග සාකච්ඡා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන සමහර කොම්මෙන්ට් වැරදි. බාහිර උපාධි හදාරණ ගොඩ දෙනෙක් රැකියාකරන අය නෙවේ. පහුගිය කාලයේ රැකියා විරහිත උපාධි ධාරින් කියල රැකියා දුන්නේ වැඩි පිරිස බාහිර උපාධි ධාරීන්. බාහිර උපාධි වැඩපිළිවල මුලින් පට්ටන් ගත්තේ රැකියා කරන අයට අමතර සුදුසුකම් සපුරන්න. නමුත් සිදුවෙලා තියෙන්න එය නෙවේ. රැකියා වෙළද පොලේ ඉල්ලුමක් නැති ශාස්ත්‍රීය විෂයන්ගෙන් බාහිර උපාධී දෙනවට වඩා හොඳයි තාක්ෂණික උපාධි දෙන වැඩපිළිවලක් හදන එක සහ ශාස්ත්‍රීය විෂයන්ගෙන් බාහිර උපදී නොදෙන එක. මොකක්ද අවැසිතරම් ශාස්ත්‍රීය විෂයන්ගෙන් අභ්‍යන්තර උපාධි තිබෙන නිසා. (ස)
දුප්පත් ලමින්ගේ උපාදි සිහිනය එක්ක නේද අපේ පාලකයෝ කෙනෙහිලිකම් කරන්නේ, (ස)
දුප්පත් ලමින්ගේ උපාදි සිහිනය එක නේද අපේ පාලකයෝ කෙනෙහිලිකම් කරන්නේ, ඊළඟ වතාවෙත් ඡන්දෙ දෙන්න. (ස)
ලංකා මහත්මයා කර ඇති පැහැදිලි කිරීම වන්නි මහත්මයා කියවන්න. වන්නි මහත්මයාට අභ්‍යන්තර හෝ භාහිර විභාග දෙකම ගැන අවබෝධයක් නැති පාටයි. (ස)
බාහිර උපාධි ක්‍රමය අත්‍යාවශයි. විශ්ව විද්‍යාලයට යන්න ලකුණු 1,2,3, ක් මදි වෙන්නේ ඒ අය දක්ෂ නැති නිසා නෙමේ . ඒ අයට ගොඩක් සල්ලි වියදම් කරන්නත් නැත්නම් කොහොමද ඒ අය උපාධියක් ගන්නේ. උපාධි ඇති අය අඩු කිරීම මඟින් උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට විසදුම් සෙවීම වැරදි . ඇයි ලංකාවේ පුළුවන් හැමෝටම උපාධියක් ගන්න තිබෙන අවස්ථාව නැති කරන්නේ. (ස)
පිටිගල මිලානෝ, කියෙව්වා නේද මේ අයගේ අදහස්? මං ඉතින් තව වෙන මොනවා කියන්නද? නිපුන, ඔබ හිතනවාද බාහිර උපාධි සදහා ලබා ගන්නා විභාග ගාස්තූන් රජයෙන් ඔවුනට සපයනවා කියලා? ඔවුන් ඒ මුදල් සොය
ලංකා මමත් ඔබේ අදහසට එකඟ වෙනවා.මමත් ඒ දේ අත්දැකීමෙන්ම දන්නවා.අභ්‍යන්තර උපාධිධාරියට තියෙන්නේ පොතේ දැනුම විතරයි. .නමුත් බාහිර උපාධිධාරින්ට සමාජ දැනුම, මෙන්ම සමාජය සමඟ ගනුදෙනු කන්න කරන හැටිත් හොඳට දන්නවා.මම කියන්නේ බහුතරයක්.සමහර බාහිර කලා උපාධිධාරින් ඉන්නවා ඇත්තටම ඒ උපාධිය ගත්තට වැඩක්ම නැති අයත්. නමුත් බාහිර අයගේ උනන්දුව කැපවිම ගැන මම අගය කරනවා. (ස)
වර්තමාන රැකියා වෙළද පොළට ගැළපෙන බාහිර උපාධි පාඨමාලා සකස් කිරීම වගේම වසරක් පාසා කලා අංශයෙන් බාහිර උපාධි ලබා පිටවන පිරිස අඩු කිරීම කඩිනමින් කළයුතුයි. නැත්නම් රටට බරක් වන රජයේ රැකියාම අපේක්ෂාවෙන් උපාධි සම්පුර්ණ කරන පාරක් පාරක් ගානේ රැකියා දියව් කියලා කෑගහන පිරිස වසරින් වසර වර්ධනය වෙයි. මේක රටේ ආර්ථිකයට දරන්න බැරි මහා පිළිලයක් වෙනවා.. (නි)
වන්නි ඇත්තටම වන්නියේ වගේ මටත් හිතේන්නේ.දක්ෂ සිසුන්ට උපාධි සිහිනය සැබැ කර ගන්න බාහිර උපාධිය ඕනැ.ඒක පිළිවෙලට පිලිගත් ක්‍රමයකට ගන්න බලධාරින් උනන්දු වෙන්න.අභ්‍යන්තර සිසුන්ට වඩා රැකියා සමාජයේදි බාහිර උපාධිධාරින් දක්ෂයි.කැප කිරිම් වැඩියි.අභ්‍යන්තර උපාධිධාරින්ගේ මහන්තත්වය විතරයි තියෙන්නේ.මේක මාගේ අත්දැකිමක්. (ස)
උසස් පෙළ සමත් වෙනවා කියන්නෙත් ශික්ෂණයක් ලැබුවා තමයි,කැම්පස් ඇවිත් ලබන ශික්ෂණය උසස් පෙලිනුත් ලැබෙනවනම් ඇයි ගැරහිලි බාහිර උපාධියට,වසර 3 කින් අදාළ විෂයන් වලින් පෝෂනය විමෙන් බාහිර උපාධිධරයින් ඉක්මනින් උපාධිය ලබාගන්නවා,එය ඔවුනට ලොකු වාසියක්,එයට ගරහන්න එපා..(බ)
අපිට හරිම දුක හිතෙනවා මේ පින්තුර දැක්කම !! ඊලඟ ඡන්දෙටත් X ගහපල්ලා ? (ස)
උපාධියට ක්‍රමවේද කිහිපයක් අවශ්‍ය නැත.එක්කො බාහිර නැතිනම් අභ්‍යන්තර.ඕක අක්කා ගන්ට ගිහින් නංගි ගන්නවා වගේ වැඩක්.බාහිර එස් තුනට දෙන්නැතුව දෙනවා නම් ටිකක් හරි ඉවසුවකි.එස් තුනේ බර.....එපා වෙනවා. (ස)
රැකියාවක් සමඟ බාහිර උපාධි ලබා ගන්නා අය වඩාත් දක්ෂ බව මමත් ඉහලින්ම පිලිගන්නවා. ඒ වගේම රැකියාවක් නොකර බාහිර උපාධි ලබාගත් අයගේ යම් දුර්වලතාත්, රැකියාවක ස්ථාවරභාවය ලබා ගැනීමට කල් ගතවීමත් බොහෝ විට දැකිය හැකියි. මේ ලියන මමත් විශිෂ්ට ලෙස සමත් අභ්‍යන්තර උපාධිධාරියෙක්. මොකද කියනවා නම් බාහිර උපාධි පාඨමාලා විෂය ධාරා ඉතාමත්ම පුළුල් වගේම ඔවුන්ගේ විෂය ධාරා දැනුම, ප්‍රායෝගිකරණය සහ ප්‍රශ්න විමසා බැලීම ඉතාමත්ම ඉහලයි. විශේෂයෙන්ම ඔවුන්, මොලය වෙහෙසිය යුතු හොඳම වයස පරාසය පළපුරුද්ද සමගම ගැටෙන නිසයි.ඔවුන්ගේ වාසනාවට හෝ අවාසනාවට විශ්ව විද්‍යාල වලට තේරුනේ නැතිවීම වඩාත් පලදායි ලෙස යොදා ගැනීමට ලැබුණු හොඳම අවස්ථාව බාහිර උපාධි පාඨමාලයි. (ස)
බන්දුල පෙරේරා, පණ්ඩිතයා වගේ කිව්වට මොකද ඔය මනුස්සය වැස්සකටවත් ස්කෝලෙකට ගොඩ වෙලා නැහැ කියල දාන අදහස් වලින් පෙනී යන්නේ.. (ස)
බාහිර උපාධි වලින් උගතුන් බිහිවනවා යැයි මම නම් හිතන්නෙ නැහැ (නි)
මාත් බාහිර උපාධිධරයෙක්, අපි ගමේ ඉඳන් ඇවිත් කොළඹ රස්සාවක් කරන ගමන් තමයි උපාධි කරන්නේ, අපේ පවුලේ අයට සල්ලි තිබුනේ නෑ. දුක් මහන්සි වෙලා තමයි උපාධි කරන්නේ, දැන් ඒකත් සල්ලිකාරයන්ට විතරක් කරන්න පුළුවන් විදියට කරන්න යන්නේ. ඇත්තටම ගමේ දුප්පත් ළමයකුට උපාධියක් ගන්න එක නැතිවෙන එක මේකෙන් කරන්න හදන්නේ, ඉස්සරට සල්ලි කාරයන්ට පමණි උපාධි. (ස)
වන්නි, උපාධියක් ගන්න දුක්මහන්සි වෙලා පාඩම් කරන්න ඕනෑ.කඩෙන් ගිහින් ගන්න බැහැ.ඔබට යහපතක්ම වේවා! (නි)
ලංකා, ඔබේ විග්‍රහය හරියටම හරි. මුදල් වියදම් කරගෙන බාහිර උපාධියක් කරන ශිෂ්‍යයා නිතරම වග බලාගන්නවා තමන් දරන වියදම අපතේ නොයවන්න. ඒ නිසා ඔහු/ඇය මහන්සියෙන් ඉගෙනගන්න නිසා ඇත්තෙන්ම හොඳ දැනුමක් ලබාගන්නවා. නිකම් දෙනකොට උනන්දු නොවන එක මනුෂ්‍ය ගතියක් නේ. ඒ නිසා ඔබ කියනවා වගේ සමාන ප්‍රශ්න පත්‍රයක් මේ දෙගොල්ලන්ට දුන්නොත් බාහිර උපාධි අපේකෂකයා වැඩි ලකුණු ගන්නවා නිසැකයි. පිටරටවල නම් බාහිරව උපාධි කරන්න නොයෙකුත් පහසුකම් ලබාදෙනවා. අපිත් කලයුත්තේ බාහිර උපාධි සඳහා රැකියා එල්ලකරගත් හොඳ පාඨමාලා පැවැත්වීමයි. (නදී)
බාහිර උපාධියේ අභ්‍යන්තර උපාධියේ කියල වෙනසක් නෑ......හැමෝම මහන්සියෙන් ඉගෙන ගන්න ඕනේ උපාධිය ගන්න නම්.....ඒ අතරින් බාහිර අයට තියෙන පීඩනය වැඩි....එහෙම එකේ අපි ඒ අය වෙනුවෙන් කතා කරන්ඩ ඕනේ.... (ස)
වලේ ඉන්න අයට එතනින් එහා දෙයක් දන්නෙ නෑ.උපාධිය බාහිරද අභ්‍යන්තරද කියන එක නෙවෙයි වැදගත්කම.උපාධියේ අන්තර්ගතයයි වැදගත්.මේ පාලකයන් රටට ගැලපෙන විදියට උපාධි පාඨමාලා අඩුම තරමින් සල්ලි ගෙවලා හරි ඉගෙන ගන්න ක්‍රමයක් හදන්න ඕන.නැත්නම් හෙට මේක ලොකු ප්‍රශ්නයක් වේවි.සහෝදරවරුන්ට ජය !! (ස)
මෝඩ මිලාානෝ. අඩුම තරමින් ඔබතුමා උසස් පෙළවත් කරලා තිබෙනවද?දන්නවද විශ්ව විද්‍යාලයට යන්න අවශ්‍ය අවම සුදුසුකම මොකක්ද කියලා. කරන හැම විෂයයකින්ම පාස් වෙන එක විතරයි. එස් පාස් 4 ක් විතරයි. ඒ් කියන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුයි කියන එක. අපේ රටේ දරුවන්ගේ අවාසනාවට විශ්ව විද්‍යාලවල තිබෙන පුරප්පාඩු වලටයි උපරිම සුදුසුකම් තියන අය ගන්නේ. ඒ්කෙන් අදහස් වෙන්නේ නැහැ අනෙක් අය සුදුසු නැහැ කියලා. ඒ් අයට ලංකාව ඇතුළේ ඉඩක් නැහැ. ඒත් උසස් අධ්‍යාපනයට සුදුසුකම් තිබෙනවා. බාහිර උපාධි අහෝසි කරනවා කියන්නේ දුප්පත් අහිංසක දරුවන් පිරිසකගේ අධ්‍යාපනය ලබන්න තිබෙන අයිතිවාසිකම නැතිකරන එකයි. (නි)
මේ නිසා තමයි අධ්‍යාපනය කාටත් ලබන්න සුදුසුකම් ලබන්න පාරවල් හදන්න ඕනෑ.ආණ්ඩුවෙන් ලැබෙනකන් බලා හිටියොත් රට අනතුරේ. (නි)
කොහොමහරි මේ දරුවන්ට ගැළපෙන අනාගතයට පාර තනන එක වගකිවයුත්තන්ගේ වගකීමයි (නි)
ලංකා, ඔබ 100% ක් නිවැරදියි. (නි)
බොහොම ස්තුතියි ලංකාදීප අපට ලාබාදුන් සහයෝගයට.සියළුම මාධ්‍යයන්ට බාහිර උපාධි සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාර වෙනුවෙන් මාගේ ස්තුතිය. (නි)
අභ්‍යන්තර උපාධිධාරීන් අවුරුදු 4ක් තිස්සේ ජනතාවගේ මුදල් නාස්ති කරමින් උද්ඝෝෂණ කරමින්, ඉල්ලීම් ඉල්ලමින් කල් ගෙවනවා. බාහිර උපාධිධාරීන් රැකියාවක් කරන අතරම අධ්‍යාපනය හදාරා තම ඉලක්කයට යනවා (නි)
අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධි නිසා බාල්දු වෙනවා.බාහිර උපාධිධාරීන් රටට හොඳටම ඇති.මේක අහෝසි කල එක හොඳ තීරණයක්.ඒ ලෙවල් පාස් වෙන්න බැරි අය කොහොමද උපාධි කරන්නේ? (ස)
වන්නි ඔබ දන්නවාද, බාහිර උපාධි ලබා ගන්නේ නියම දක්ෂයන් බව? උපාධිය සදහා ලියාපදිංචි වෙන හැමෝටම උපාධිය නොලැබෙන බවත් ඹබ දන්නවාද?? මම අභ්‍යන්තර උපාධි වලට ගරහනවා නොවේ. මාත් අභ්‍යන්තර උපාධියක් හිමි පුද්ගලයෙක්. අභ්‍යන්තර උපාධී හදාරන අති දක්ෂයන් සිටිනවා. නමුත් බහුතරයක් සිදු කරන්නේ මුලු කාලය පුරාම පිස්සු නට නටා අවසන් සතියේ පාඩම් කර ගොඩ දාගන්නා සිසුන්ය. නමුත් බාහිර උපාධිය කරන බොහෝ දෙනා රැකියාවලද නිරත වන පුද්ගලයන් බව ඔබ දන්නවාද? ඔවුන් රැකියාවද කරගෙන ලැබෙන විවේකයෙන් පාඩම්කොට තමන් ජීවිතේට දැක නැති මහාචාර්යවරයෙකු හදන ඒ ලැබෙන අමාරු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා උපාධිය ලබා ගන්නා බව ඔබ නොදන්නවාද?? බාහිර හා අභ්‍යන්තර උපාධි ලබන සිසුන් දෙදෙනෙකු රැකියාවකදී සම්මුඛ පරීක්ෂණයකට ලක් කළහොත් බාහිර උපාධී සිසුන්ගේ දැනුම යම් ප්‍රමාණයකට වැඩි බව තේරෙනවා. (හැම සිසුන් යුගලයකම නොවේ බහුතරය) අප එම රාජකාරි වලද නිරත වන නිසා අප දන්නවා. උ.පෙළ නම් විභාගයෙන් සැමවිටම තේරෙන්නේ දක්ෂයා නොවේ. එය බොහෝවිට සනාථ වී තිබේ. ඔබට මා සමග යම් තර්කයක් ඇත්නම්, අභ්‍යන්තර හා බාහිර උපාධී අපේක්ෂකයින් යන දෙපිරිස සදහාම එකම ප්‍රශ්න පත්‍රයක් ලබා දුන්හොත් ඔබට එය මනාව දැක ගැනීමට හැකියි. අපද ඒ කාලය එනතෙක් බලා සිටිමු. අවසානයේදීද මම නැවත වරක් මෙසේ කියමි. නිදහස් අධ්‍යාපනය රැක ගත යුතුයි. අපේ දරුවන් විශව විද්‍යාල වලින් උපරිම ඵල නෙලාගත යුතුයි. මන්ද ඔබට ලෝකය සමග තරඟ කිරීමට සිදුවන නිසා (නි)
බාහිර උපාධි කියලා එකක් නැහැනේ... තියෙන්නේ බාහිර ශිෂ්‍යයෙක් විදියට යන එකයි.. පේපර්ස් හදන්නෙත් ඇතුලේ ඉන්න මහාචාර්ය වරු.. එව්වා බලන්නෙත් ඇතුලේ ඉන්න මහාචාර්ය වරු...නැත්තං ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරු... බාහිර අය අනික රටට ණය නැහැ.. මොනද හැම වියදමක්ම තමන්ගේ සල්ලිනේ... ඒඅ යට උද්ඝෝෂණ කරන්න වෙලාවකුත් නැහැ... තරඟ විභාග වලින් වැඩිපුරම පාස් වෙන්නෙත් බාහිර අය... අභ්‍යන්තර අය ඕකට ඉරිසියා කරලා වැඩකුත් නැහැ... දැනුම වැඩි කරන් බාහිර අයත් එක්ක හැප්පෙන්න බලන්න...(නදී)
බාහිර උපාධි නිසා රටේ ලොකු අර්බුදයක් තිබුනෙ පහුගිය කාලෙ. උපාධි ගත් අය රස්සාවල් ඉල්ලලා කොයි තරම් අරගල කළාද?ඇත්තටම බාහිර උපාධියක් ගත්ත කෙනෙකුයි අභ්‍යන්තර උපාධියක් ගත්ත කෙනෙකුගෙයි හැකියාවෙ ලොකු වෙනසක් තිබෙනවා. මම එහෙම කියන්නෙ මමත් බාහිර අභ්‍යන්තර උපාධි දෙකක් කරපු නිසා. (නි)
අපි වෙනුවෙන් හඩක් නගන්න කවුරුත් නැති වෙලාවක අපි පාරට බැස්සෙ අපේ අධ්‍යාපන අයිතිය දෙන්න කියන්නයි. ඒ්ක වැරදිද? (නි)
බාහිර උපාධිය නැති කිරීම අසාධාරණයි.නමුත් බාහිර උපාධිය හරහා උපාධිය යන්න යම් අවතක්සේරුවකට ලක්ව අැති බව නොකියා බැහැ.ඒ් නිසා කිසියම් විධිමත් නිර්ණායක මත බාහිර උපාධිය පවත්වා ගෙන යා යුතුයි. (නි)
ඒ 3 විතර ද දක්ෂකම තියෙන්නේ ලැජ්ජයි මෙ වගේ කමෙන්ටි දාන අයත් එක්ක නේ රටට දියුනු කරන්ට වෙලා තියෙන්නේ ලංකාවෙ දියුනුව ඉබි ගමනේ එකයි (දී)
පොඩ්ඩක් ඉන්න. උපාධි කඩ දාපුවහම ඔයාලට කරදරයක් නැතුව ඉගෙන ගන්න පුළුවන් වෙයි (නි)
රන්ජන් -බෙලිහුල්ඔය සමඟ එකඟයි(විදෙස්ගතව රැකියාවක් කරනකොට එය හොඳට තේරෙනවා ) . පිටිගල මිලානෝ, මම නම් හිතන්නේ නැහැ බාහිර උපාධි නිසා අභ්‍යන්තර උපාධිය පහත් වෙනවා කියලා.මොකද දෙගොල්ලොම ඉගෙන ගන්නේ මහන්සි වෙලා.එකම උපාධිය තියෙන අය අතර ඉන්නවා දක්ෂ අදක්ෂ අය.අනික උසස්පෙළ ජීව විද්‍යාව , ගණිත වගේ අංශ වලින් කරලා විශ්ව විද්‍යාලයට නොතේරුණු අය කලා විෂයයන් වලින් බාහිර උපාධිය ඉහළින් සම්පූර්ණ කරන අය ඉන්නවා. ඒ නිසා බාහිර උපාධිය අවලංගු කරනවට වඩා රැකියා වෙළඳපළට ගැළපෙන අයුරින් විෂයයන් වෙනස් කරන එක හොඳයි (නි)
පාරට බහින්නේ රටෙන් බාගයක් ඉල්ලගෙන නම් අපේ ඉල්ලීම් වැරදි වෙන්න තිබුනා.ඒත් අපි ඉල්ලන්නේ ඉගෙන ගන්න ඉඩක් මිසක් ආණ්ඩුව පෙරලන්න නෙමෙයි. (ස)
අපේ රටේ බාහිර උපාධියට කැපිල්ල දාන්න නම් එපා,රැකියාවන් කරන බොහෝ දෙනෙක් බාහිර උපාධියක් කිරීමෙනුයි ඒ අයගේ සිහිනය ඉටුවන්නේ. (ස)
වන්නි, ඔයාගේ නම වන්නිද? නැත්නම් ගම වන්නිද? (නි)
සැබවින්ම උපාධිය යනු සියල්ලගේම අයිතියක්. එහෙත් බාහිර උපාධිය අවතක්සේරු වෙන තැනට පත්වෙලා තිබෙන්නේ සාමාන්‍ය සාමාර්ථයටත් උපාධිධාරියෙකු බිහිවීම නිසා. එය නිසියාකාර මට්ටමකට ගෙනයාම එහි ගරුත්වය වැඩි වෙන්න හේතුවක් වේවි. (නි)